ඇමැති පාඨලී චම්පික රණවකගේ වාහනයේ ගැටී තවමත් රෝගීව සිටින සන්දීප් සම්පත් ගුණවර්ධන තරුණයාගේ ඉදිරි වෛද්‍යැ ප්‍රතිකාර සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (27) රුපියල් ලක්ෂ 10 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා.
සංවිධානාත්මක අපරාධ කරුවෙකුවන මාකඳුරේ මදූෂ් අත්අඩංගුවට ගැනීම වළක්වන, නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහුගේ ඥාති කාන්තාවක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට, අවසර ලබා දීමකින් තොරවම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
නිසි ආකාරව වැසි ලැබී විදුලිබලාගාර ආශ්‍රිත ජලාශ ජලයෙන් පිරී විදුලිබල උත්පාදනය අඛණ්ඩව පවත්වන පැන් පූජාව අද (28) සහ හෙට (29) අනුරාධපුර ශ්‍රී මහා බෝධීන්වහන්සේ අභියස පැවැත්වෙනවා
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘පෙරාමුල්ලේ සමීර’ නොහොත් මධුරංග ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු හෙරොයින් 106g සමග හැඳල, පල්ලියවත්ත ප්‍රදේශයේදී STF අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරනවා.
දැනට පවතින විදුලි හිඟයට මුහුණ දිම සඳහා වන යෝජනා 4කට කැබිනට් අනුමැතිය ලැබී ඇත. විදුලි බල හා බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා මෙම යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ඉදිරි මාස තුනක කාලය තුළ නිවෙස් තුළ ඇති අනවශ්‍ය විදුලි පහන් දෙකක් නිවා දැමීම, රාජ්‍ය ආයතන, ආගමික හා වාණිජ ස්ථාවනල විදුලි […]
දෛනික විදුලි ඉල්ලුම දිනෙන් දින ඉහළ යන බැවින් අලුත් අවුරුදු සමයට පෙර වැසි නොලැබුණොත් විදුලි කප්පාදුව සිදුවන පැය ගණන තවත් ඉහළ යාහැකි බව විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. මේ වනවිට දෛනික විදුලි ඉල්ලුම මෙගා වොට් දෙදහස් තුන්සියයකට අධික බවත්, විදුලි ඉල්ලුම ඉහළ ගියද, ජලවිදුලි නිෂ්පාදනය ක්‍රමයෙන් අඩුවෙමින් තිබෙන බවත් එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එස්.පී. ගුණවර්ධන මහතා සඳහන් […]
දෙහිවල පොලිස් වසමේ දෙහිවල ගාලු පාරේ පිහිටි රාජ්‍ය බැංකුවක හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා. මෙම ගින්න අද(28) අළුයම 00.25ට පමණ හට ගෙන තිබෙනවා. මෙය දැනගත් වහා ක්‍රියාත්මක වු දෙහිවල පොලීසිය, දෙහිවල ගිනි නිවිමේ ඒකකය ගින්න සම්පූර්ණයෙන් මැඩ පවත්වා තිබෙනවා. ගින්න හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැත. ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති […]
ඩුබායිහිදී අත්අඩංගුවට පත්වූ මෙරට ප්‍රමුඛ පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස අද (28දා) ඩුබායි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. කෙසේ වෙතත් ඔවුන් අද දිනයෙදී අධිකරණයට ඉදිරිපත් කිරිම පිළිබඳව තීරණය ඩුබායි පොලීසිය විසින් අද දිනයේදි ගැනිමට නියමිතව තිබේ. ශ්‍රී ලංකාවේ මෙන් සැකකරුවන් අධිකරණයට සෘජුව ඉදිරිපත් කිරිමක් ඩුබායි සිදු […]
වත්තලදී සිදුකළ වැටලීමකදී පාතාල නායක කිඹුලා ඇලේ ගුණා ගේ ආධාරකරුවන් සිව්දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහි දී අත්අඩංගුවට ගත් මොහොමඞ් නජීම් මොහොමඞ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් කටුනායක ගුවන් තොටුපලේදී අද (28) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගැණුනා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ එරටින් පිටුවහල් කිරීමෙන් පසු අද උදෑසන මෙරටට පැමිණි අවස්ථාවේ ඔහු භාරයට ගත් බවයි. උදෑසන 6.20ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් […]
පසුගිය පෙබරවාරි පස්වනදා ඩුබායි හෝටලයකදී පැවති සාදයක් අතරතුරදී පාතල නායක මදුෂ් සමග අත් අඩංගුවට පත් වූ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මොහොමඩ් නජීම් ඉරම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් නැමැත්තා අද අලුයම් කාලයේදී ඩුබායි රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබුණා. පසුව කටුනායකදි ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යටතට පත් වූ අතර එලෙස අත්අඩංගුවට පත් වීමට පෙර ඔහු පලා […]
මාකදුරේ මදුෂ් සමග ඩුබායි හී අත්අඩංගුවේ පසු වූ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මොහොමඩ් නජීම් ඉරම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් නැමැත්තා ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිඛෙනවා. ගුවන් තොටුපොල අප වාර්තාකරු සදහන් කලේ මීට සුළු මොහොතකට පෙර ෆ්ලයි ඩුබායි සේවයට අයත් ගුවන් යානයකින් ඔහු දිවයිනට පැමිණි බවයි. අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කංජිපානි ඉම්රාන් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිඛෙනවා. […]