පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ජනාධිපතිවරයා විසින් ගොනු කරන ලද පෙත්සම් විභාගය කිරීම සදහා සම්පුර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ලබා දෙන ලෙස ඉල්ලා ගනිමින් අධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක මහාචාර්ය ජී.එල්.පීරිස් ඇතුළු පස් දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (16) මෝසමක් ගොනු කරමින් විනිසුරුවරුන් පහට වැඩි පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බලන්නැයි ඉල්ලා […]
නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ වර්තමාන සැසිවාරය කුමන හේතුවක් නිසාවෙන් හෝ කල් තැබීමක් සිදු නොකරන බවත් සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව කටයුතු කරන ලෙස ඉල්ලා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටිනවා.
පාර්ලිමේන්තු රැස්වීම අතරවාරයේදී ආණ්ඩු පක්ෂය විසින් මිරිස් වතුර ප්‍රහාරයක් විපක්ෂයට එල්ල කර තිබෙනවා.මේ පිළිබදව මාධ්‍යයට නිවේදනයක් නිකුත් කල විජිත හේරත් මහතා පෙන්වා දුන්නේ ඔහුට මෙන්ම තවත් බොහෝ පිරිසකට මෙම ප්‍රහාරය එල්ල වූ බවයි.
පාර්ලිමේන්තුව නොවැම්බර් 19 දා පස්වරු 1 දක්වා කල් තැබීමට කථානයාක කරු ජයසූරිය මහතා කටයුතු කරනු ලැබුවා.
පොලිස් ආරක්ෂාව යටතේ කථානයක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය. කෙසේ වෙතත් ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් කතානායකවරයාට ආසනයවෙත පැමිණිමට ඉඩ ලබා දුන්නේ නැහැ . එමෙන්ම ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කතානායක දෙසට පුටුවකින් දමා ගැසුවා.
මේ මොහොතේ පාර්ලිමේන්තු සංකීරණයට හෙලිකොප්ටර් යානාවක් ගොඩ බස්වා තිබෙනවා. සාමන්‍ය සම්ප්‍රධයට අනුව පාර්ලිමේන්තු ප්‍රරිශයට හෙලිකොප්ටර් යානවකින් පැමිණෙන්නේ අගමැතිවරයා හෝ ජනාදිපතිවරයායි.තව තොරතුරු ලද විගස බලාපොරොත්තුවන්න
ඊයේ දවසේ පාර්ලිමේන්තු රැස්වීමට පිහියක් රැගෙන පැමිණි පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා වහාම අතඩංගුවට ගන්නයැයි බලකෙරෙමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු මේ මොහොතේ කතානායක අසුන වටකරගෙන විරෝධතාවයක නිරතවෙමින් සිටිනවා. ඒ අද දවසේ පාර්ලිමේන්තු සැසිය ආරම්භකිරීමට ඉඩ ලබා නොදෙමින්. මෙහිදි අරුන්ධික ප්‍රානාන්දු මන්ත්‍රීවරයා කතානායක පුටුවේ වාඩි වී සිටිනවා. එමෙන්ම විශේෂත්වය වන්නේ විපක්ෂ මන්ත්‍රීවරු සියල්ල නිහඩව සන්සුව මේ විරෝධතාවය දෙස බලා […]
පාර්ලිමේන්තුවේ ඊයෙ සිදුවූ නොසන්සුන්තාව ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක් විසින් වාර්තා කර තිබෙනවා. බී.බී.සී. ඩේලිමේල්, අල්ජසීරා, ස්කයි නිවුස්, ද ගාඩියන්, ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇතුළු මාධ්‍ය ගණනාවක් මෙම ප්‍රවෘත්තිය වාර්තා කර තිබුණා.
පාර්ලෙමේන්තු සභා ඝර්භයේ මේ වන විට විරෝධතාවයක් ආරම්භ වී තිබෙනවා. අද පාර්ලිමේන්තුව පස්වරු 1.30 ට ආරම්භ වීමට තිබුණත් කථානායකවරයාට පාර්ලෙමේන්තු සභා ඝර්භයට පැමිණීමට අවහිර වී තිබෙන්නේ මන්ත්‍රීවරුන් පිරිසකගේ විරෝධතාවය හේතුවෙනුයි. මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා කථානායකවරයාගේ ආසනයේ අසුන්ගෙන සිටින බවයි පාර්ලිමේන්තුවේ රැදී සිටින සියත මාණ්ඩලික වාර්තා කරු වාර්තා කළේ.
අමාත්‍ය එස්.බී. දිසානායක මහතා අද රැස්වෙන පාර්ලිමේන්තුව නීතිවිරෝධී බවත් ස්ථාවර නියෝග අත්හිටුවමින් අද දිනයේදීත් යෝජනාවක් සම්මත කර ගැනිමට යන බවත් පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදීයි. “අදත් පාර්ලිමේන්තුවේ වියරු ලෙස හැසිරෙන අයුරු තමයි පේන්න තියෙන්නේ. ඔවුන් අද දිනයේත් ස්ථාවර නියෝග අත්හිටුවා අගමැතිතුමාට හා ආණ්ඩුවට එරෙහිව යෝජනාවක් ඉදිරිපත් කරලා සම්මත කර ගැනිමේ […]
පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති උණුසුම්කාරී වාතාවරණය හමුවේ අද පාර්ලිමේන්තුවට පැමිණෙන සියලුම මන්ත්‍රීවරුන්ව විශේෂ ශරීර පරීක්ෂාවකට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.
අද දවසේ පාර්ලිමේන්තු රැස්වීමට පෙර පැවති පක්ෂ නායකයින්ගේ රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත් බව අප සියත 24 පාර්ලිමේන්තු වාර්තාකරුවන් පවසනවා. ඔවුන් පවසන ආකාරයට රැස්වීම අතරවාරයේදී උදය ගම්මන්පිල සහ රාජිත සේනාරත්න අතර බහින්බස් වීමක් සිදුව තිබෙනවා. එමෙන්ම සුමන්දිරම් මන්ත්‍රීවරයා සහ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා අතරත් රැස්වීම අතරතුරදී දැඩි වාග් හුවමාරුවක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් පක්ෂ නායකයින්ගේ රැස්වීම තීරණයක් […]