උතුරු මුහුදු ප‍්‍රදේශයේ තවදුරටත් ධීවර කටයුතු වලින් වැලකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා මධ්‍යම බෙංගාල බොක්ක ප‍්‍රදේශයේ පවතින ගජ චණ්ඩ සුලි කුණාටුව හේතුවෙන් එම දැනුම් දීම සිදු කරන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ. මේ වන විට එම සුළි කුණාටුව දකුනු තමිල්නාඩු ගොඩබිමට ඇතුලු වී තිබෙනවා. සුළි කුණාටුව මේ වන විට පවතින්නේ දිවයිනට කිලෝ […]
ඉන්ධන මිල අඩු වීමත් සමග බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන්නේද යන්න තීරණය කිරීම සදහා බස් සංගම් හා ජාතික ගමනා ගමන කොමිසම අතර සාකච්ඡුාවක් අද පැවැත්වුණා. සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේළනයේ ප‍්‍රධාන ලේකම් අංජන ප‍්‍රියංජිත් මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිිටියේ ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවයි. ඩොලරය ඉහළ යාමත් සමග තම කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල […]
නීතිවිරෝධී ලෙස දිවයිනට රැගෙන ආ රන් බිස්කට් තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර , අකුරණ ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයින් තුන් දෙනෙක්. ඔවුන් ඉන්දියාවේ මුම්බායි නුවර සිට දිවයිනට පැමිණ තිබෙනවා. භාග වන සේ කැපූ රන් බිස්කට් කැබලි 48 ක් සගවා තිබුනේ ඔවුන් විසින් සකස් කර තිබූ […]
මල්වතු පාර්ශවයේ මහානායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන ස්වාමින්වහන්සේ ජනපතිට ලිපියක් එවා තිබෙනවා.පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව රැස්කර කඩිනම් තීරණයක් ගන්නැයි එක්ම ලිපියේ සඳහන් වෙනවා. පහතින් දැක්වෙන්නේ එම ලිපියයි.
මුලු ලොවම කළඹමින් දීපිකා පදුකෝන් සහ රන්වීන් සිංග් විවාහ වී තිබෙනවා. සිය ටුවිටර් ගිණුම් හරහා ඔවුන් තම විවාහ උත්සවයේ නිල ඡායාරූප දෙකක් සමාජ ගත කර තිබෙනවා. පහතින් දැක්වෙන්නේ එම ඡායාරූප දෙකයි.
කථානායක කරූ ජයසූරිය මහතා හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බව වාර්තා වනවා. අද (16) උදෑසන 11.30ට පමණ මෙම රැස්වීම පැවත්වෙනු ඇති බවටයි වාර්තාවන්නේ. එමෙන්ම අද පස්වරු 1.30ට පාර්ලිමේන්තුව රැස්වීමටද නියමිතව තිබෙනවා.
එක්සත් අරාමි එමීර් රාජ්‍යෙය් පැවැත්වීමට නියමිත පන්දුවාර 10 ලීග ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වෙන උපුල් තරංගද එක්වී තිබේ. ඒ අනුව ඔහු කරච්චි කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග කිරීමට නියමිතය. තරංගට අමතරව ලසිත් මාලිංග, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වල්ල, දසුන් ශානක යන ක්‍රීඩකයන් මෙම තරගාවලියට ක්‍රීඩා කරයි. තරගාවලිය නොවැම්බර් 23 දා සිට දෙසැම්බර් […]
හොර්ටන්තැන්න, ලෝකාන්තයේ නැරඹුම් ස්ථානයට පහළින් හඳුනාගත් අවදානම් සහිත ස්ථාන දෙකක ආරක්ෂිත දැලක් එළීමට කටයුතු කරන බව හොර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ භාරකරු ප්‍රදීප් කුමාර මහතා පැවසීය. විදේශික කාන්තාවක් පසුගියදා අනාරක්ෂිත ලෙස සෙල්ෆි ඡායාරුපයක් ගැනීමට උත්සාහ කිරීමේදී ඇය කන්දෙන් පහළට වැටී මිය යෑමෙන් අනතුරුව ලෝකාන්තය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව උදෙසා ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් […]
අද පස්වරු 01.30ට පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිතයි. පාර්ලිමේන්තුවේ කටයුතු කෙසේ සිදුවිය යුතු දැයි ඊට පෙර පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමකදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. මේ වනවිට කතාබහට ලක්වන ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාරදුන්නේ ද ජනතා විමුක්ති පෙරමුණයි. මේ අතර මෙම යෝජනාවෙන් ඉවත් කළ යුතු බවට ජනාධිපතිවරයා විසින් ඊයේ පෙන්වා දුන්නා. උපුටා ගැනීම, ‘‘අතිගරු ජනාධිපතිවරයා […]
ඉන්දියාවට බල පැවැත්වෙන ගජ සුළි කුණාටුව නිසා ශ්‍රී ලංකා ගුවන් සීමාව ඔස්සේ පියාසර කළ ගුවන් යානා සංඛාව ඉහළ ගොස් තිබෙනවා. මේ නිසා ශ්‍රී ලංකාවට රුපියල් ලක්ෂ 30ක පමණ අතිරේක ආදායමක් උපයා ගැනීමට හැකියාවව ලැබී තිබෙනවා. ඊයේ (15) උදෑසනින් අවසන්වූ පැය 24 තුළ ජාත්‍යන්තර ගුවන් ගමන්හි යෙදෙනා ගුවන් යානා 200ක් පමණ ශ්‍රී ලංතා ගුවන් කලාපය තුළින් […]
කිසියම් කළහකාරී තත්වයක් ඇතිවීම වැළැක්වීමේ අදහසින්පා ර්ලිමේන්තුව සහ අවට ප‍්‍රදේශයට අදත් විශේෂ ආරක්ෂාවක් යොදවන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. ඊයේ සහ පෙරේදා දිනවල ද පාර්ලිමේන්තුව සහ අවට ප‍්‍රදේශවලට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණා. පොලිස් කැරළි මර්දන ඒකකය ද එහි කැඳවා සිටි බවයි වාර්තාකරුවන් පැවසුවේ. කථානායකවරයාගේ ඉල්ලීමක් අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය […]
තලවාකැලේ නගරයේ අද(16) අළුයම හටගත් හදිසි ගින්නක් හේතුවෙන් වෙළඳසල් දෙකක් සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව තිබෙනවා. තලවාකැලේ නගරයේ ප්‍රධාන වීදියේ මිරිස් ඇඹරුම් වෙළඳසලක අද අළුයම 02.00 ට පමණ හටගත් හදිසි ගින්නක් හේතුවෙන් එම වෙළඳසල හා යාබඳව පිහිටි ෆැන්සි භාණ්ඩ අලෙවිසලක් සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව ඇති බව තලවාකැලේ පොලීසිය පවසනවා. මෙහිදී කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර […]