ජූනි පළවෙනිදා සිට මෙරට සංචාරකයන්ට වීසා රහිත ප්‍රවේශයක් ලබා දීමට තායිලන්තය තීරණය කර තිබෙනවා. මෙම ප්‍රවේශය දින 60ක කාල සීමාවක් සඳහා වලංගුවනවා.
හිටපු ජනාධිපති රයිසිගේ මරණය සිදුවූ හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් වූ දෙවන වාර්තාව ද නිකුත් කර තිබෙනවා. කඩාකප්පල්කාරී ක්‍රියාවක් සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් හමුවී නැති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. හෙලිකොප්ටරයේ සුන්බුන් සහ සිරුරු කොටස් මත නියදි පරීක්ෂාවන් ද සිදුකර තිබෙනවා. ගුවන් යානයේ කාර්ය මණ්ඩලය අතර කතාබහ ද පටිගත කිරීම් ඔස්සේ පරික්ෂා කර ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. අවසන් […]
දෝහා සිට අයර්ලන්තයේ ඩබ්ලින් බලා පියාසර කරමින් පැවති කටාර් එයාර්වේස් සමාගමට අයත් ගුවන්යානයක් තුළ හදිසි කැළඹීමක් හටගෙන තිබෙනවා. ඒ හේතුවෙන් යානයේ ගමන් ගත් මගීන් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. ඉන් 8 දෙනෙකු රෝහල් ගත කර ඇති බවද වාර්තා වනවා. තුර්කිය හරහා ගමන් කරමින් සිටියදීයි මෙම තත්වය හටගෙන ඇත්තේ. සිදුවීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් […]
ජාතික වෙසක් සතිය අදින් (21) ආරම්භ වනවා. වෙසක් සතියේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතයි. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
ලෝක ළමා පිළිකා දිනය අදට (15) යෙදී තිබෙනවා. ලොව පුරා දිනකට ළමයින් දහසකට අධික ප්‍රමාණයක් පිළිකාවට ගොදුරු වෙනවා. ලංකාවේද වාර්ෂිකව දහසකට අධික ළමා පිළිකා රෝගීන් වාර්තා වන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. මේ අතර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිවේදනය කළේ පිළිකාවට එරෙහි එන්නතක් ළඟදිම නිර්මාණයට රුසියාව සුදානම් බවයි.
අයිස්ලන්තයේ, රෙයික්ජාන්ස් අර්ධද්වීපයේ යළිත් වරක් ගිනි කන්දක් විදාරණය වී තිබෙනවා. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු තුන්වන ගිනි කඳු පිපිරීම මෙය බවයි වාර්තා වන්නේ. ඊයේ (08) දිනයේදීත් සිදු වූ ලාවා ගලා යාම් නිසා පාරවල් හරහා වැටී ඇති ජල නළ පුපුරා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
3 වන චාල්ස් රජුට පිළිකාවක් වැළදී ඇති බව බකිංහැම් මාළිගාව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. එසේම චාල්ස් රජුගේ මෙම අසනීප තත්ත්වය නිසා සියලු මහජන කටයුතු කල් දමා ඇති බව බකිංහැම් මාළිගය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
අමෙරිකාවේ සිඝ්‍රයෙන් පැතිර යන භයානක දිලීර ආසාදනයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ Candida auris නම් දිලීර ආසාදනය පිළිබඳවයි. මෙම දිලීර අසාදනය මීට වසර ගණනාවකට පෙර සොයාගෙන තිබෙනවා. නමුත් මාසයක් තුල ආසාදිතයින් සිව් දෙනෙකු වාර්තා වීමත් සමඟ මේ සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමු වී තිබෙනවා. Candida auris කොරෝනා වෛරසය මෙන් […]
පසුගිය පැය 24ක කාලයක් තුළ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පුද්ගලයන් 127 දෙනෙකු මියගොස් තිබෙනවා. ඒ අනුව ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භයේ සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීනුවන් 27,365 දෙනෙකු මිය ගොස් 66,630 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර යේමනයේ හුතී මිසයිල 05කට ප්‍රහාර එල්ල කර ඇති බව එක්සත් ජනපද හමුදාවේ මධ්‍යම අණදෙන විධානය […]
ඒ සමාජ මාධ්‍ය තුළින් දරුවන්ට වන හානිය පිළිබඳව කරුණු දැක්වීම සඳහා අමෙරිකානු සෙනෙට් සභාව මගින් කැඳවා තිබු කමිටුවට ඊයේ (31) පැමිණි අවස්ථාවේදීයි. මෙම කමිටුව හමුවට මාර්ක් සකර්බර්ග්ට අමතරව ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය සමාගම් පහක ප්‍රධාන විධායක නිළධාරීන් එක්ව සිටියා. පය හතරකට අධික කාලයක් සිදුකල කරුණු දැක්වීමේ දී අනාවරණ වී ඇත්තේ සමාජ මාධ්‍ය හරහා දරුවන් ලිංගික […]
ප්‍රංශයේ ගොවීන් දැවැන්ත විරෝධතාවයක් පවත්වා තිබෙනවා. ඒ තම නිෂ්පාදනයන්ට නිසි වටිනාකමක් ලබා දෙන ලෙස හා පනවා ඇති පරිසර රෙගුලාසි ඉවත් කරන ලෙස ඉල්ලමිනුයි. මේ නිසා ප්‍රංශයේ පැරිස් අගනුවර ආශ්‍රිතව ප්‍රධාන මාර්ගයන් රැසක් අවහිර වන පරිදි ගොවීන්ට අයත් ට්‍රැක්ටර් හා ට්‍රක් රථ යොදා ගනිමින් ගොවීන් විරෝධතාවයේ නිරත වූ බවයි වාර්තා වන්නේ.
මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක දී බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ඉන් පුද්ගලයන් 19 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. තවත් 22ක් තුවාල ලබා තිබෙනවා.