News Line| Off Air
Generic placeholder image

May
25

නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම්

Generic placeholder image

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් නුවරඑළිය, රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එන අනතුරු ඇගවීම සිදු කල ප්‍රදේශ පහතින්, නුවරඑළිය දිස්ත්‍රික්කය⭕අඹගමුව⭕නුවරඑළිය⭕කොත්මලේ රත්නපුර දිස්ත්‍රික්කය⭕ඇහැලියගොඩ⭕කුරුවිට⭕කිරිඇල්ල⭕අයගම⭕ රත්නපුර⭕ඇලපාත⭕පැල්මඬුල්ල⭕නිවිතිගල⭕කලවාන⭕ඉඹුල්පේ⭕බලංගොඩ


May
25

‘ යාස් ‘ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

Generic placeholder image

ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී’ යාස් ‘ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව ‘ යාස් ‘ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවයි කාලගුණ අංශ සදහන් කරන්නේ. එම මුහුදු ප්‍රදේශ වල ධීවර හා […]


May
25

එක්ස්ප්‍රස් පර්ල් බහලුම් නෞකාවේ පිපිරීමක්

Generic placeholder image

එක්ස්ප්‍රස් පර්ල් බහලුම් නෞකාවේ පිපිරීමක් සිදුව තිබෙනවා. ඒ එම නෞකාවේ එක් බහාලුමකයි. කෙසේ වෙතත් එම නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් 25 දෙනා ආරක්ෂිතව ඉවත් කර ගැනීමට නාවික හමුදාව සමත් ව තිබෙනවා. නයිට්‍රික් ඇසිඩ් බහාලුම් සහිත නෞකාවේ බහාලුම් තට්ටුවක් යටින් ගින්න මතුවන බවටයි අනාවරණය වී ඇත්තේ. නෞකාවේ ගින්න පාලනය කිරීම සඳහා මෙයෙහුම් ක්‍රියාත්මක වෙමින් පවතී.


May
25

තවත් කොරෝනා ආසාදිත මරණ 33ක්

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිත මරණ 33ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,243 දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඉන් පුද්ගලයින් 11 දෙනෙකුම මියගොස් තිබුණේ නිවෙස්වලදීය


May
25

දිවයිනේ පළාත් රැසකට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතේ සහ නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ද ඇතිවිය හැකි අතර බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවේ. උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි […]


May
24

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

Generic placeholder image

හෙට අලුයම 4 සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, රත්නපුර දිස්ත්‍රික්කයේකුරුවිට පොලිස් බලප්‍රදේශයේ කුරුවිය ග්‍රාම නිලධාරී වසමදෙල්ගමුව ග්‍රාම නිලධාරී වසමේ නගර කොටස ගාල්ල දිස්ත්‍රික්කයේඅම්බලන්ගොඩ පොලිස් බලප්‍රදේශයේ ඌරවත්ත ග්‍රාම නිලධාරී වසම ගම්පහ දිස්ත්‍රික්කයේකිරිබත්ගොඩ පොලිස් බලප්‍රදේශයේ ඊරියවැටිය ග්‍රාම නිලධාරී වසම නුවරඑළිය දිස්ත්‍රික්කයේඩයගම පොලිස් බලප්‍රදේශයේ සන්දිරිගම වත්තේ සන්දිරිගම කොටසසන්දිරිගම වත්තේ NLDB සත්ත්ව ගොවිපොළ […]


May
24

සංචරණ සීමා ජුනි 07 දක්වා දීර්ඝ කිරීමට තීරණයක්

Generic placeholder image

සංචරණ සීමා ජුනි 07 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. එම කාලය තුළ දින 2ක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ජනතාවට අවස්ථාවක් ලබාදෙන බවයි පැවසෙන්නේ.


May
24

ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ ගණන ලක්ෂ 03 පනියි

Generic placeholder image

ගත වූ පැය 24 තුළ ඉන්දියාවේ කොරෝනා මරණ 4,452 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 03 ඉක්මවා තිබෙනවා. එය සටහන් වන්නේ මරණ සංඛ්‍යාව 303,751 ක් ලෙසයි. ලොව වැඩිම කොරෝනා මරණ වාර්තා වන රටවල් අතර තුන්වන ස්ථානයේ ඉන්දියාව පසුවෙනවා.


May
24

දුම්රිය කිහිපයක් හෙට ධාවනයට

Generic placeholder image

සංචරණ සීමා ලිහිල් වන හෙට දිනයේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇති බවප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරනවා.


May
24

දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

Generic placeholder image

නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල,මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක. උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. නැගෙනහිර […]


May
24

ඊයේ මෙරටින් කොරෝනා මරණ 32ක්

Generic placeholder image

ඊයේ මෙරටින් කොරෝනා මරණ 32ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සිදුව තිබෙන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,210ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


May
23

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහුගේ බිරිඳටත් කොරෝනා

Generic placeholder image

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහුගේ බිරිඳ ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. සිය fb පිටුවේ සටහනක් තබමින් විපක්ෂනායකවරයා මේ බව සදහන් කර තිබෙනවා. ඔවුන් මේ වන විට ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලක් වෙත යොමුකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post