ආනයනය කරන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල්සොයා දිවයින පුරා අද සිට විශේෂ මෙහෙයුමක් දියත් කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සදහන් කරනවා. මේ අතර ආනයනය කරන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් තොගයක් ප්‍රතිඅපනයනය කිරීමට ද උපදෙස් දී ඇති බවයි පැවසෙන්නේ.
කළුතර ප්‍රදේශ කිහිපයකට අද පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා.
කොළඹ, සංඝරාජ මාවතේ වෙළෙඳසැලක ඇති වූ ගින්නකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙනවා. අද උදෑසන මෙම ගින්න හටගෙන ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
සබරගමුව, බස්නාහිර,වයඹ, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව, බස්නාහිරසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ගිගුරුම් සහිත […]
ගාලු මුවදොර පිවිසුම් මාර්ගය, ලෝටස් වටරවුම අසලින් තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වෙයි. ඒ වෘත්තිය සමිති කිහිපයක් එක්ව සිදුකරනු ලබන විරෝධතාවක් හේතුවෙන්.
වසරේ ගත වූ දින 81 තුළදී රිය අනතුරු වලින් පමණක් පුද්ගලයින් 508 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය සදහන් කරනවා. මාරක රිය අනතුරු 483 ක් මේ වන විට සිදුව ඇති බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ.
වෘත්තීය සමිති උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ, ටවුන් හෝල් ප්‍රදේශයේ රථවාහන තදබදයක් හටගෙන තිබෙන බව වාර්තා වෙනවා.
ලෝකයේ විවිධ රටවල් කොරෝනා මර්දන එන්නත් නිෂ්පාදනය කරන පසුබිමක තායිලන්තය ද ඒ සදහා නව එන්න්නතක් නිපදවා තිබෙනවා. ඒ අනුව නව එන්නතක් අත්හදා බැලීමට එරට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා. 2022 වසර වන විට එය භාවිතය සදහා යොදාගත හැකි වනු ඇතැයි එරට බලධාරීන් සදහන් කරන්නේ. තායිලන්තයෙන් කොරෝනා ආසාදිතයින් 27876 දෙනෙකු හමුවී ඇති අතර එරට සිදුව ඇති […]
සමාජයේ අද බොහෝ විට කතා බහට ලක්වන කාරණයක් තමයි දරුවන් පිලිබදව.. දරුවන් යහපත් ලෙස ගොඩනගන සමාජය සදාචර සම්පන්න සමාජයකට මුලාරම්භය එක් කරනවා. ඊට හේතු වන්නේ සමාජයේ ජිවත් වන්නා වූ බොහෝ බිදුණු මිනිස්සුන් හැඩගැස්වීමට වඩා ශක්තිමත් දරුවෝ ගොඩනගන එක පහසු වීමයි…අද කතාවත් ඒ පිලිබදවයි.
ලුණුගල – කොළඹ පෞද්ගලික බස් රථයක් ඉකුත් දා පස්සර ප්‍රදේශයේ දී අනතුරට ලක්ව එහි ගමන් ගත් මගින් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත් වුණා. එම මිය ගිය පිරිස අතර පස්සර මාරක බස් රථය ත්‍රීරෝද රියකින් ලුහුබැද ගොස් නැග්ග යුවළක් ද සිටිනවා. ලුණුගල අඩාවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම යුවළට දරුවන් තිදෙනෙකු සිටින අතර එම දරුවන් තිදෙනා මිත්තණිය භාරයේ තබා […]
අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් 10 දෙනෙක් මරණයට පත්වී තිබෙන බව වාර්තා වෙනවා. මෙම වෙඩි තැබීම වෙළෙඳ සංකීර්ණයක් තුල සිදුව තිබෙන අතර ඉන් පොලිස් නිලධාරියෙක් ඇතුළු දස දෙනෙක් මිය ගොස් ඇති බව ව එරට මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම මෙම කුරිරු වෙඩි තැබීම යුටියුබ් ඔස්සේ සජීවීව විකාශය කර තිබෙන අතර එම වෙඩි තැබීමට ද සම්බන්ධ අදාල […]
රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියේ සැකකරුවන් සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිට එම ත්‍රස්ත ක්‍රියා සඳහා ආධාර අනුබල දී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතාට කරුණු වාර්තා කර […]