News Line| Off Air
Generic placeholder image

Mar
22

කොටුගොඩ ධම්මාවාස මහනාහිමි අපවත් වෙති

Generic placeholder image

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නායක හිමිපාණන් අපවත් වී තිබෙනවා. ඒ අද අලුයම 3ට පමණ කොළඹ පෞද්ගලික රෝහලක දී. උන්වහන්සේ අපවත් වන විට 88 හැවිරිදි වියේහි පසු වුණා.


Mar
22

දිවයිනේ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. ඌව පළාතේත් හම්බන්තොට, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය […]


Mar
21

මිරිස්ස ප්‍රදේශයේ ෆේස් බුක් සාදය වටලයි

Generic placeholder image

මාතර, මිරිස්ස ප්‍රදේශයේ පැවැත්වූ ෆේස් බුක් සාදයක් දකුණු පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යාංශය විසින් වටලා තිබෙනවා. එහිදී එම සාදය සංවිධානය කළ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී අත්අඩංගුවට ගත් විදේශීය මත්පැන්වල වටිනාකම ලක්ෂ පහක් පමණ වන බව වාර්තා වෙනවා.


Mar
21

බංග්ලාදේශයේ දෙදින නිල සංචාරයක නිමකර අගමැති යළි දිවයිනට

Generic placeholder image

බංග්ලාදේශයේ දෙදින නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.


Mar
21

දිවයිනේ ඇතැම් දිස්ත්‍රික්කවලට සවස් වරුවේ තද වැසි

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව, බස්නාහිරසහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද ඇතිවිය හැක. මධ්‍යම, සබරගමුවසහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි […]


Mar
19

ලෙජන්ඩ්ස් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර විස්සයි විස්ස ගැටුමක්

Generic placeholder image

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර ක්‍රිකට් තරගයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඒ ලබන අප්‍රේල් මාසයේ දී. මේ සදහා වන යෝජනාව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කර තිබෙනවා. මෙම ක්‍රිකට් තරගය විස්සයි 20 තරගයක් ලෙස පැවැත්වීමට අදහස් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරන්නේ . එමෙන්ම මෙම […]


Mar
19

” ඩ්‍රග්ස් ” ගැන ඔබ නොදත් කතාවක්

Generic placeholder image

අප හරියට කතා කරනවා නේද ඩ්‍රග්ස් ගැන… ඒ වගේම මේවාට අපි හැමෝම විරුද්ධ වෙනවා නේද? එනමුත් අපි හැමෝම ඩ්‍රග්ස් එකකට ඇබ්බැහි වෙලා ඉන්නවා. මේ කතාව ඒ ගැනයි….


Mar
19

දළදා පෙරහැර ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යෝජනාවක්

Generic placeholder image

මහනුවර දළදා පෙරහැර ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යෝජනා ඉදිරිපත් ව ඇති බව ශ්‍රී ලංකා යුනෙස්කෝ කාර්යාලය සදහන් කරනවා. මේ අනුව අදාළ යෝජනාව පැරිස් නුවර පිහිටි යුනේස්කෝ සංවිධාන මූලස්ථානයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති අතර එය අස්පර්ශක උරුමයක් ලෙස නම් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙන්නේ.


Mar
19

ඇමති රෝහිත අල්ලස් නඩුවෙන් නිදහස් කෙරේ

Generic placeholder image

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී අයථා ලෙස රුපියල් ලක්ෂ 412ක් වටිනා මුදල් හා වත්කම් උපයාගත්තේ යැයි චෝදනාකරමින් ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් පැවරූ නඩුවකින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය.මෙම නඩුව අද (19) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් […]


Mar
19

පැලවත්ත නගරයේ රථ වාහන තදබදයක්

Generic placeholder image

පැලවත්ත නගරයේ රථ වාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා. ඊට හේතු වී ඇත්තේ ගුරු සංගම් දෙකක් මගින් සිදු කරනු ලබන විරෝධතාවයක් බවයි පැවසෙන්නේ.


Mar
19

එළඹෙන අප්‍රේල් මාසයේ සිට පාරිභෝගිකයින්ට අසීමිත අන්තර්ජාල පහසුකම් ලබාදීමට සැලසුම්

Generic placeholder image

ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසින් අප්‍රේල් මාසයේ සිට අන්ලිමිටඩ් ඩේටා පහසුකම් මහජනතාව වෙත ලබා දීමට සැලසුම් කරන බව වාර්තා වෙනවා. 2021 මාර්තු 1 වනදා වන විට මහජනතාව වෙත ලබා දීමට හැකි අසීමිත අන්තර්ජාල පැකේජයන්හි තොරතුරු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලබා දීමට අන්තර්ජාල සේවා සපයන්නන් හට නියෝගයක් ලබා දී […]


Mar
19

15 හැවිරිදි දැරියක් අපයෝජනය කළ එක්දරු පියෙක් අත් අඩංගුවට

Generic placeholder image

වයස අවුරුදු 15 ක බාල වයස්කාර දැරියක් ලිංගික අපයෝජනය කළ එක් දරු පියෙක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙම දැරිය පමණක් නිවසේ සිට ඇති අවස්ථාවක අදාල 25 හැවිරිදි ඥාති තරුණයා මෙලෙස මෙම දැරිය අපයෝජනයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. අදාල සැකකරු එක්දරු පියෙක් වන අතර මේ වන විට මොහුව පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post