බෙලිඅත්ත අධිවේගී පිවිසුම අසල දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පවසන්නේ. මියගිය පිරිස අතර අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ද වන බව තංගල්ල පොලිසිය තහවුරු කළා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
වරාය අධිකාරිය සතු කුඩා ප්‍රමාණයේ නෞකා දෙකක පැවැති අපූරු සාදයක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා. හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පිරිසක් මීට සහභාගී වී තිබෙනවා. ජනතාව පීඩනයට පත් කරන පනත් සම්මත කර ගැනීම සඳහා පෙර සූදානමක් ලෙස මැති ඇමතිවරුන්ට පාටි පවත්වන බවයි වරාය සේවකයින් චෝදනා කරන්නේ. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය […]
ජර්මානු හිටපු පාපන්දු ක්‍රීඩක franz beckenbauer (ෆ්‍රාන්ස් බෙක්න්බෝව්ර්) මිය ගොස් තිබෙනවා. මිය යන විට ඔහු 78වන වියේ පසුවුණා. ඔහු 1974 ලෝක කුසලාන ජයග්‍රහණය දක්වා කණ්ඩායමට නායකත්වය දුන් අතර 1990 දී ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙනවා. 1972 සහ 1976 දී ඔහු බැලන්ඩොර් සම්මානයද දිනාගෙන තිබෙනවා.
ලොව මෙතෙක් නිෂ්පාදනය කරන ලද විශාලතම මගී ප්‍රවාහන නෞකාව මංගල සංචාරය සඳහා සුදානම් වන බව වාර්තා වනවා. අයිකන් ඔෆ් ද සීස් ලෙස නම් කර ඇති මෙය ටයිටැනික් නෞකාව මෙන් පස් ගුණයක් පමණ විශාල බවයි වාර්තා වන්නේ. ලබන 27 වනදා අමෙරිකාවේ මියාමි වරායෙන් නෞකාව මංගල සංචාරය ආරම්භ කිරීමට නියමිතයි. තට්ටු 20කින් සමන්විත අයිකන් ඔෆ් ද සීස් […]
සියලු ජනතාවට ආර්ථික අපහසුතා තිබෙන බව තමන් හොදින් දන්නා බවත්, මෙවර තෛපොංගල් සැමරුමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට යම් ආර්ථික සහනයක් ලැබෙනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. රටේ ආර්ථිකය ස්ථාවර කිරීමත් සමඟ සියලු ජනතාවට ආර්ථික සහන ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළා. එමෙන්ම පසුගිය වසරේ සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණය නිසා ගෙවීමට තිබු සියලු බිල්පත් මේ […]
ශ්‍රී ලංකා තරග සංචාරයට එක්වන සිම්බාබ්වේ කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා. සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 3 කට සහ විස්සයි විස්ස තරග 3 කට සහභාගී වීමට නියමිතයි.
රජයේ සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව විදුලි බලය, ඉන්ධන සහ ගුවන් තොටුපොළ – වරාය ආශ්‍රිත සේවාවන් එමගින් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. අදාළ ගැසට් නිවේදනය පහතින්.
ටෙස්ලා සමාගමේ නවතම නිෂ්පාදනයක් වෙළඳපොළට හඳුන්වා දී තිබෙනවා. ඒ සයිබර් ට්‍රක් රථයකුයි. එහි පළමු ට්‍රක් රථ දහස ගනුදෙනුකරුවන් සඳහා මේ වන විටත් පිරිනමා ඇති බවයි වාර්තා වන්නේ. එම සයිබර් ට්‍රක් රථයක් වටිනාකම අමෙරිකානු ඩොලර් 60,990ක්. එක් වරක් සිදුකරන බැටරි ආරෝපණයකින් පසුව මෙම ට්‍රක් රථයෙන් කිලෝමීටර 547ක් ගමන් කර හැකි වීම එහි එක් විශේෂත්වයකි. ටෙස්ලා සමාගමේ […]
අමෙරිකාවේ නෙවාඩා විශ්වවිද්‍යාලයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ඉන් පුද්ගලයින් 3ක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මධ්‍යයේ දැක්වෙන්නේ. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ද ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරය හමුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම සිදුවීමත් සමඟ නෙවාඩා විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමටයි […]
යුක්‍රේන හමුදාවට සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු රුසියානු වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙසේ මිය ගොස් ඇති කපිතාන් රනිෂ් හේවගේ කලක් ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවය කළ අයෙකු බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග ශ්‍රී ලංකා මහ බැංකුව ඒකාබද්ධව බලපත්‍රලාභි වාණිජ බැංකු හරහා ක්‍රියාත්මක කරන මනුසවි විගමනික ශ්‍රමික බහුකාර්ය ණය යෝජනා ක්‍රමය ජනගත කිරිම කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ දී සිදුකර තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති හිල්මි අසිස් හා ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් එහි ප්‍රාදේශීය සංවර්ධන […]