News Line| Off Air
Generic placeholder image

Jan
18

කේරල ගංජා සහ උපත් පාලන කොපු සමග හිගුරක්ගොඩ ප්‍රදේශයේ පැවැත්වූ facebook සාදයක් වටලයි

Generic placeholder image

සෞඛ්‍ය නීතී උල්ලංඝණය කරමින් මැදිරිගිරිය ප්‍රදේශයේ හෝටලයක සාදයක් පැවැත්වූ 52 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. තරුණියන් 13ක් ද ඒ අතර වන බවයි පොලිසිය වැඩ්දුරටත් පවසන්නේ. මොවුන් සන්තකයේ තිබී කේරල ගංජා සහ උපත් පාලන කොපු සොයාගැනීමට ද හැකිව තිබෙන බව වාර්තා වන අතර නිරෝධායන නීති යටතේ මොවුන්ට […]


Jan
18

5වැනි ටෙස්ට් තරඟ ජයත් එංගලන්තයට

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති පළමු ටෙස්ට් තරඟයෙන් කඩුලු 7ක ජයක් ලැබීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ලකුණු 74ක ජයග්‍රාහී ඉල්ලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට තරඟයේ 5වැනි දින උදෑසන සමත් වුණා. තරඟය පැවැත්වුණේ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.


Jan
18

අවුරුදු 18ට වැඩි තරුණ තරුණියන්ට හමුදා පුහුණුවක් ලබා දීමට යෝජනාවක්

Generic placeholder image

වයස අවුරුදු 18ට වැඩි සෑම පුද්ගලයෙකුටම හමුදා පුහුණුවක් ලබා දීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර සදහන් කරනවා. මේ පිලිබදව අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කලේ ලෝකයේ බොහෝ රටවල් මෙම ක්‍රමවේදය අනුගමනය කරන බවත් ඔවුන් එමගින් යහපත් ප්‍රථිපල අත්පත් කර ගන්නා බවයි.


Jan
18

මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් දින දෙකකට සීමා වෙයි

Generic placeholder image

මෙම සතිය තුළ පාර්ලිමේන්තු රැස්වීම් දින දෙකකට පමණක් සීමා කිරීමට අද රැස් වූ පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබෙනවා. ඒ, කොරෝනා වෙෙරසයේ ව්‍යාප්තිය හේතුවෙන්. ඒ අනුව අදාළ රැස්වීම් හෙට සහ අනිද්දා පමණක් පැවැත්වෙනු ඇති.


Jan
18

හිටපු ඇමති රාජිතට අධි චෝදනා ගොනු කෙරේ – පසුව ඇප මත මුදා හරියි

Generic placeholder image

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු තිදෙනෙකුට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දී තිබෙනවා. ඒ, මෝදර ධීවර වරාය බදු දීමේදී රජයට පාඩු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ගොනු කරනු ලැබ ඇති නඩුවකට අදාළවයි. අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසු රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපයක් […]


Jan
18

තිසරගේ facebook පිළිතුරට ෂෙහානුත් ප්‍රති පිළිතුරු සපයයි

Generic placeholder image

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ෂෙහාන් ජයසුරිය සහ ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා අතර සීතල යුද්දයක් ඇති ව තිබෙනවා. ඒ ෂෙහාන් ජයසුරිය විසින් අමෙරිකාවේ සිට සම්මුඛ සාකච්ජාවක් ලබා දෙමින් කියා පුවත්පතකට සදහන් කර තිබෙන්නේ තමන්ට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ස්ථිර ස්ත්නයක් නොලැබුණේ තිසර පෙරේරා සහ ඔහුගේ බිරිද නිසා බවයි. මෙයට තිසර […]


Jan
18

සැමියා බිරිඳගේ ගෙල කපා මරා දමයි

Generic placeholder image

කිළිනොච්චිය – පූනෙරිය, තෙලිකරෙයි ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය බිරිඳගේ ගෙල කපා ඝාතනයකර තිබෙනවා. පොලිසිය පැවසුවේ, පවුල් ආරවුලක් දුරදිග යාමෙන් අදාළ පුද්ගලයා එලෙස සිය බිරිඳගේ ගෙල කපා ඇයව ඝාතනයකර ඇති බවයි. සිද්ධියෙන් මිය ගියේ 36 හැවිරිදි තිදරු මවක්. ඝාතනය සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව කිළිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Jan
18

කොරෝනා සුව වී පැමිණි පුද්ගලයෙක් සිය මිතුරන් කොන් කිරීම හමුවේ සිය දිවි නසාගනී

Generic placeholder image

කොරෝනා ආසදිතව හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් ප්‍රතිකාර ලබා සුව වී නැවත සිය වැඩ බිමට පැමිණි පසු සිය ම්තුරන් ඔහුව කොන් කිරීම නිසා සිත් තැවුලට පත්ව සිය දිවි නසාගෙන තිබෙනවා. අතුරුගිය සතිපොළේ වැඩ කරන ලද කම්කරුවෙක් එම ගොඩනැගිල්ලේ බාල්කයක එල්ලී මෙලෙස සිය දිවි නසාගෙන තිබෙන අතර අදාල මිය ගිය තැනැත්තා විවාහක බිරිදගෙන් වෙන් වී […]


Jan
18

පෙම් සබඳතා නිසා මෙරට තරුණියන් දෙදෙනෙකු ප්‍රංශයේදී ඝාතනය කරයි

Generic placeholder image

ප්‍රංශයේ වෙෙද්‍ය උපාධිය හදාරමින් සිටි මෙරට තරුණියන් දෙදෙනකු එරටදී ඝාතනයට ලක්ව තිබෙනවා. අදාළ තරුණියන් දෙදෙනාගේ පෙම්වතුන් යැයි සැළකෙන පුද්ගලයින් දෙදෙනා ද ප්‍රංශයේ වාසයකර තිබුණා. එක් පුද්ගලයෙක් පිහියකින් ඇණ තම පෙම්වතිය ඝාතනයකර ඇති අතර අනෙක් පුද්ගලයා සිය පෙම්වතිය ඝාතනයකර තිබුණේ ගෙල සිර කිරීමෙන්. යාපනය – අල්ලපිට්ටි ප්‍රදේශයේ පදිංචිව සිටි 20 හැවිරිදි තරුණියක් සහ මට්ටුවිල් ප්‍රදේශයේ පදිංචිව […]


Jan
18

අද පාර්ලිමේන්තුවේදී පක්ෂ නායක රැස්වීමක්

Generic placeholder image

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. එළැඹෙන 21 වැනිදා දක්වා වන පාර්ලිමේන්තු සතියේදී අවධානය යොමු කරන කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම එම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බවයි වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ. මේ අතර පසුගිය 13 සහ 15 යන දිනවලදී පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වූ පී.සී.ආර්. […]


Jan
18

ෂෙහාන් ජයසුරිය කළ චෝදනාව ගැන තිසර තැබූ face book සටහන

Generic placeholder image

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ෂෙහාන් ජයසුරිය විසින් ඇමෙරිකාවේ සති අන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ජාවක් ලබා දෙමින් සදහන් කර තිබුනේ තමන්ට කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් ලබා ගැනීමට ඉඩ නොලැබුණේ තිසර පෙරේරා සහ ඔහුගේ බිරිඳ සිදු කල බලපෑම් නිසා බවයි. කෙසේ වෙතත් මේ පිලිබදව අදහස් පල කරමින් තිසර පෙරේරා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් එක් කර තිබුණා. […]


Jan
18

හුදෙකලා බවින් ඉවත් වූ ප්‍රදේශ

Generic placeholder image

කළුතර සහ බේරුවල පොලිස් වසම්වල ප්‍රදේශ කිහිපයක් ඊයේ දහවල් සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා තත්ත්වයෙන් මුදා හැරුණා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, කළුතර පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් කොටස් වශයෙන් සහ බේරුවල පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසමක් එලෙස හුදෙකලා බවින් ඉවත් කළ බවයි. එම තොරතුරු පහතින් :


News Articles
Latest Videos
Most Popular Post