MCC ගිවිසුමේ අඩංගු කරුණු මෙරට ලිඛිත නීතිය සහ ව්‍යවස්ථාව ට පටහැනි බව නීතිපතිවරයා පවසා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයාට කරුණු දැන්වූ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසා තිබෙනවා.
අසල්වැසි ගෝතමාලාවේ සිට පැමිණෙන සංක්‍රමණිකයන් දහස් ගණනක් පොලීසිය විසින් අවහිර කර ඇති බැවින් මෙක්සිකානු ජනාධිපති ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපෙස් ඔබ්‍රඩෝර් සිය සංක්‍රමණ ප්‍රතිපත්තියේ විශාල ප්‍රතිසංස්කරණ සිදු කරන ලෙස එක්සත් ජනපදයෙන් ඉල්ලා තිබෙනවා. ජනාධිපති තේරී පත් වූ ජෝ බිඩෙන් මෙක්සිකෝව සහ අනෙකුත් රටවල් සමඟ කටයුතු කිරීමට එකඟ වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ලෝපෙස් ඔබ්‍රඩෝර් මහතා එහි […]
සේවකයින්ගේ අවම වේතනය පිළිබඳ පනත සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අද (19) දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පවසා තිබෙනවා. ඒ අනුව අවම වැටුප 25% කින් ඉහළ නැංවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය අද වාර්තා කළා. මෙහිදී දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,922.66ක් ලෙස දැක්වුණු අතර එය පෙර දිනයට සපේක්ෂව ඒකක 188.09ක ඉහළ යාමක්. මීට පෙර සියලු කොටස් මිල දර්ශකයේ වැඩිම අගය 2011 වසරේ පෙබරවාරි 14 වැනිදා වාර්තා වුණා. එම අගය ඒකක 7,811.80ක්. අද […]
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. එමෙන්ම ඔහුගේ පවුලේ ඥාතීන් කිහිපදෙනෙකුට ද වෙෙරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ. ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකින් අනතුරුව ඔවුන් ආසාදිතයින් බවට හදුනා ගැනුණා. ඒ අනුව මේ වනවිට කොවිඩ් 19 වෙෙරසය ආසාදනය වී සිටින මුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 4ක්.
වව්නියාවේ කොරෝනා ආසාදිතයන් හමුවීම නිසා වසා දැමුණු වව්නියාව දිස්ත්‍රික්කයේ පාසල් 7 ක් යළි ආරම්භ කර තිබෙනවා. වව්නියාව නගරයේ මාර්ග කිහිපයක් හැර සෙසු මාර්ග සියල්ල ද විවෘත කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. තොග හා සිල්ලර වෙළෙදාම සඳහා ද වෙළෙදුන්ට අවසර ලබා දීමට කටයුතු කර තිබෙනවා.
වැල්ලවාය මූලික රෝහලේ කොරෝනා වෙෙරසය බවට සැක සහිත රෝගීන් ඇතුළුත් කිරීමේ වාට්ටුවේ සිටි 31 හැවිරිදි කාන්තාවක් අද එම වාට්ටුවෙන් පළා ගොස් තිබෙනවා. අදාළ කාන්තාව පී.සී.ආර් පරීක්ෂණයට යොමුකර ඇති අතර ප්‍රතිඵල ලැබෙන තෙක් එහි රඳවා තබා තිබුණා. එම වාර්තා අද දින ලැබීමට නියමිතව තිබුණ ද ප්‍රතිඵල ලැබීමට පෙර කාන්තාව පළා ගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග […]
සෞදි අරාබියේ සිටි ශ්‍රී ලාංකකිකයින් 75 දෙනෙකු සහ කටාර් සිටි පුද්ගලයින් 29 දෙනෙකු අද උදෑසන මෙරටට පැමිණ තිබෙනවා. ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ අතර එම මධ්‍යස්ථාන 83 ක මේ වන විට නිරෝධායනය වන සංඛ්‍යාව 7173කි. මේ අතර ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 15,218ක් සිදු කර තිබෙනවා.
ඇෆ්ගනිස්ථානයේ කාබුල්, කලඊෆතුල්ලාහි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියන් දෙදෙනෙකු නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් මහමඟදී වෙඩි තබා ඝාතනය කරනු ලැබ තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉකුත් ඉරිදා ඔවුන් කුලී රථයකින් සේවය සදහා යමින් සිටියදී සැඟව සිටි තුවක්කුකරුවන් පිරිස පාළු ස්ථානයකදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. සිද්ධියෙන් අදාළ රථයේ රියදුරු ද තුවාල ලැබුවා. ජනමාධ්‍යවේදීන්, ක්‍රියාකාරීන් සහ දේශපාලනඥයින් ඉලක්කකර ගනිමින් […]
අලුත්ගම පොලිස් ස්ථානයේ නිලධාරීන් 5 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා. මේ අනුව පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක්,පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක් හා පොලිස් පරීක්ෂකවරයෙක් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. එමෙන්ම ඔවුන් ඇසුරු කල ආශ්‍රිතයින් 12 දෙනෙකු ද මේ වන විට ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරමකට අනුබල දීම හා සම්බන්ධ වීම යන චෝදනා මත අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබූ දුරකතන 5ක් ද පොලිස් භාරයට ගැනුණු අතර එහි දත්ත විශ්ලේෂණයේදී අදාළ පොලිස් පරීක්ෂකවරයා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. අත්අඩංගුවට පත් වූ පොලිස් පරීක්ෂකවරයා අද අනුරාධපුර අධිකරණයට […]
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ නිලධාරීන් සිව්දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව එම පොලිස් ස්ථානයේ සෙසු නිලධාරීන් සියලු දෙනා නිරෝධායනයට යොමු කෙරුණු අතර එහි රාජකාරී කටයුතු ආවරණය කිරීම සඳහා වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් අනුයුක්තකර ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී දළදා මාලිගාව නිවේදනය කළේ, දෛනික […]