කළුතර, නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත බවට සැක කෙරෙන රෝගියෙකු අද උදෑසන රෝහලෙන් පළා ගොස් තිබෙනවා. කළුතර, මහවස්කඩුව ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් එම පුද්ගලයා අල්ලාගෙන තිබුණා. අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් භාරයට ගත් අදාළ පුද්ගලයා යළි රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණා.
අද මැදියම් රැයේ සිට බල පැවැත්වෙන පරිදි බස්නාහිර පළාතට පැනවීමට නියමිත නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් විනෝද චාරිකා සහ වන්දනා ගමන් සංවිධානය කර තිබූ ඇතැම් පුද්ගලයින් බස්නාහිර පළාතෙන් පිටතට යෑමට සුදානමක් පවතින බවට ලැබෙන තොරතුරු නිසා පොලීසිය විසින් බස්නාහිර පළාතේ සීමාවේ දැඩි විමසිල්ලෙන් පසුවන බවත් කෙසේ වෙතත් එසේ පළාතෙන් පිටව යෑමට අවසර ලැබෙන්නේ ඉතාමත් සීමිත පිරිසකට බවත් […]
තංගල්ල ප්‍රදේශයේ දින 21 ක බිළඳෙකුගේ මවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමග අදාළ මව, බිළිඳා සමග රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා. එම කාන්තාව පසුගිය දා කිරිබත්ගොඩ පිහිටි ඇගේ ඥාතියෙකුගේ නිවසේ සතියක පමණ කාලයක් නැවතී සිට තංගල්ල, කුඩාවැල්ලේ පිහිටි සිය නිවස වෙත පැමිණ තිබුණා. ඇගේ ඥාතියා පෑලියගොඩ මත්ස්‍යය වෙළඳ සංකීර්ණයේ සේවය කළ අයෙක් […]
කොළඹ අරාධ කොට්ඨාසයේ නිලධාරීන් කිහිපදෙනෙකුටත් කොරෝනා වෛරසය ආසානය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. එලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වූ ආකාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ කොළඹ අරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසකටයි. ඒ හේතුවෙන් පොලිසියේ වෙනත් විමර්ශන කණ්ඩායමක් යොදවා අදාළ විමර්ශන පවත්වාගෙන යන ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී […]
නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙන කාලය තුළ බස්නාහිර පළාතේ දුම්රිය ධාවනය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව කාලසටහනක් නිකුත් කර තිබෙනවා. එම කාල සටහනට අනුව හෙට සිට ලබන පළමුවැනිදා දක්වා රඹුක්කන සිට කොළඹ කොටුව තෙක් බෙලිඅත්ත, ගාල්ල, අලුත්ගම, කළුතර සිට මරදාන දක්වා ද, අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ද, හලාවත සිට කොළඹ කොටුව දක්වා ද ධාවනය වූ කිසිදු දුම්රියක් […]
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ කොරෝනා ආසාදිතයින් හමු වීම නිසා බොහෝ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයන් වසා දැමීමට තීරණය කෙරුණා. මේ හේතුවෙන් මාළු අලවිය ක්‍රමයෙන් අඩු වීම සහ ජනතාවද පරිභෝජනය සදහා මාළු මිලදී ගැනීම අවම වීම හේතුවෙන් ආනයනික මාළු, කරවල, සහ හාල්මැස්සන් යන අත්‍යාවශ්‍ය භාණ්ඩවල විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට ධීවර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඉදිරියේදී තවත් කොරෝනා පොකුරු නිර්මාණය වුවහොත් රටම දැඩි අපහසුතාවකට පත්විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ, පෑලියගොඩ කොරෝනා පොකුරට වඩා විශාල පොකුරක් නිර්මාණය වුවහොත් එය සෞඛ්‍ය අංශයවලට දරා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇති බවයි. එවැනි පොකුරු නිර්මාණය නොවීම සම්බන්ධයෙන් වන වගකීම විශාල වශයෙන් පැවරෙන්නේ […]
මේ වන විට ශ්‍රී ලංකව තුල කොරෝනා පාලනය සැලකිල්ලට ගෙන රට සම්පූර්ණයෙන් වසා දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
දිවයිනට පැමිණි ඇමරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා ඊයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකට එක් වුණා. එහිදී පොම්පේයෝ මහතා චීනය සම්බන්ධයෙන් දැක්වූ අදහසකට චීනය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රතිචාර දක්වා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන රටවල් දෙකක් ලෙස ඇමෙරිකාවට සහ ශ්‍රී ලංකාවට සමාන දැක්මක් ඇති බවත් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය […]
ලබන සතියේ 3 වැනිදා පමණක් පාර්ලිමේන්තුව රැස්වීමට පක්ෂ නායකයින් තීරණය කළ බව පාර්ලිමේන්තුව නිවේදනය කළා. ඒ අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයකට අනුවයි. 4,5,6 යන තෙදින තුළ පැවැත්වීමට නියමිතව තිබූ සභාවාර අත්හිටුවීමටයි එහිදී තීරණය වී ඇත්තේ. ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායකයින් අතර රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණේ, අද උදැසනයි.
කොල්ලුපිටිය හා කොම්පඤ්ඤවීදියේ පෞද්ගලික අංශයේ සේවකයින් 07 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. ඒ කොල්ලුපිටියේ පිහිටි එක්ස්ප්ලෝර් ආයතනයේ සේවකයින් 05 දෙනෙක් සහ කොම්පඤ්ඤවීදියේ පෞද්ගලික සේවකයින් 02 දෙදෙනෙකුටයි.
පාර්ලිමේන්තු වාර්තාකරණය ආවරණය කල පුවත්පත් මාධ්‍යවේදියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. ඒ බව ඔහු සිදු කරගන්නා ලද pcr පරීක්ෂණ වාර්තාවට අනුව තහවුරු වී තිබෙනවා. මේ හේතුවෙන් ලබන සතියේ පාර්ලිමේන්තු වාර්තාකරණය කිරීම සදහා මාධ්‍ය වෙත අවසර ලබා දීම සිදු නොකරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සදහන් කරනවා.