News Line| Off Air
Generic placeholder image

Oct
30

හදිසි මරණ 8ක්

Generic placeholder image

රෝහල් කිහිපයකින් හදිසි මරණ 8ක් වාර්තා වීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුව තිබෙනවා. කොළඹ ජාතික රෝහල, අයි.ඩී.එච්. රෝහල, මුල්ලේරියාව රෝහල සහ දඹුල්ල මූලික රෝහල යන රෝහල්වලින් එලෙස හදිසි මරණ වාර්තා වුණා. කොළඹ ජාතික රෝහල, අයි.ඩී.එච්. රෝහල, මුල්ලේරියාව රෝහල යන රෝහල්වලින් මරණ 6ක් වාර්තා වී ඇති අතර ජාතික රෝහලෙන් පමණක් මරණ 3ක් වාර්තා වීම විශේෂත්වයක්. එමෙන්ම දඹුල්ල […]


Oct
30

කොරෝනා වාර්තාවේ ලංකාවේ විස්තරය

Generic placeholder image

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පිළිබඳ ලෝක වාර්තාවේ ශ්‍රී ලංකාව ඉහළට පැමිණ තිබෙනවා. ඒ අනුව එම වාර්තාවේ ශ්‍රී ලංකාව පසුවන්නේ 67 වැනි ස්ථානයේයි. අදාළ වාර්තාවට අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9791ක් වන අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 19ක් ලෙසයි. එමෙන්ම 4142 දෙනෙකු පූර්ණ සුවය ලැබුවා. මේ අතර මිනුවන්ගොඩින් සහ පෑලියගොඩින් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 6,145 […]


Oct
30

ලෝක කොරෝනා ආසාදිත වාර්තාවේ ශ්‍රී ලංකාව 67 වන තැනට

Generic placeholder image

ඊයේ කොරෝනා ආසාදිත ලෝක තත්ත්ව වාර්තාවේ ශ්‍රී ලංකාව 67 වන ස්ථානයේ පසු වුවා. තවදුරටත් එම ආසාදිත තත්ත්ව වාර්තාවේ ඇමෙරිකාව පෙරමුණේ පසු වෙනවා. ආසාදිතයින් 8,088, 046 ක් වාර්තා කරමින් ඉන්දියාව දෙවන තැනට පත්ව තිබෙනවා.


Oct
30

බස්නාහිර පළාතෙන් පිටවීමට උත්සාහ කළ අය අල්ලන්න මෙහෙයුම්

Generic placeholder image

නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමත් සමග බස්නාහිර පළාතෙන් පිට වීමට උත්සාහ ගත් පිරිසක් පිළිබඳ තොරතුරු වාර්තා වන බව පොලිසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ, එවැනි පිරිස් බස්නාහිර පළාතෙන් පිට වී ආශ්‍රිත හෝටල් සහ නවාතැන්පොළවල ලැගුම් ගෙන සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි. අදාළ පිරිස ඇඳිරි නීතිය අවසන් වී නැවත කොළඹට පැමිණීමේදී […]


Oct
30

වප් පුර පසළොස්වක පොහොය අදයි

Generic placeholder image

වප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. සියලු වස් සමාදන් වූ භික්ෂූන් වස් පවාරණය කිරිම අද සිදු කෙරේ. බුදුරජාණන් වහන්සේ තව්තිසා දිව්‍යලෝකයේ සිට වස් පවාරණය කර දඹදිව සංකස්ස පුරයට වැඩම කළේ, අද වැනි පුර පසළොස්වක පොහොය දිනකදී වන අතර සැරියුත් හිමියන්ට ප්‍රඥාලාභී භික්‍ෂූන් අතර අග්‍ර ස්ථානය පිරිනැමීම මෙන්ම, මෛත්‍රී බෝසතුන් ගෞතම බුදුන්ගේ ශාසන‍යෙහි පැවිදිවීම ද වප් […]


Oct
30

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ මහමඟ යා හැක්කේ කාට ද?

Generic placeholder image

නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ මහ මඟ ගමන් කළ හැක්කේ අත්‍යාවශ්‍ය රාජකාරී කටයුතුවල නිරත වන්නන්ට පමණක් බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා. එවැනි පිරිසට හැරුණු විට වෙනත් කිසිවෙකුට ඇඳිරි නීතිය බලපැවැත්වෙන බස්නාහිර පළාතට ඇතුළු වීමට හෝ පිටවීමට අවසර හිමි වන්නේ නැහැ. නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ, අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු ලෙස ජලය, විදුලිය, […]


Oct
30

මෙරට නව ගුවන් හමුදාපතිවරයා

Generic placeholder image

ශ්‍රී ලංකාවේ නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබුවා. සුදර්ශන පතිරණ මහතා මෙරට 18 වැනි ගුවන් හමුදාපතිවරයා වන අතර ඔහු සිය රාජකාරි අරඹන්නේ නොවැම්බර් මස 2 වැනිදා සිටයි.


Oct
29

තවත් ආසාදිතයින් 4ක්

Generic placeholder image

අද දිනය තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 586 දක්වා ඉහළ නංවමින් තවත් ආසාදිතයින් සිව්දනෙකෙු හඳුනාගෙන ඇතැයි වාර්තා වනවා.


Oct
29

නව ආසාදිතයින් 168ක් හඳුනාගැනේ

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදිත තවත් 168 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් 115 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැලේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර අනෙක් 53 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් පුද්ගලයින්. අද දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 582ක්. ඒ අනුව දිවයිනේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9787 දක්වා ඉහළ ගියා.


Oct
29

කොරෝනා තොරතුරු රැස් කරන්න හඳුන්වා දුන් නව “යෙදුම”

Generic placeholder image

කොරෝනා වෛසරයට අදාළ සියලු තොරතුරු රැස් කිරීමට අදාළ නව යෙදුමක් (APP) බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලය අද හඳුන්වා දුන්නා. කොරෝනා ආසාදිතයින්, ආශ්‍රිතයින්, නිරෝධායනය, පී.සී.ආර්. පරීක්ෂණ, නිරීක්ෂණ ආදි අත්‍යාවශ්‍ය දත්ත රැසක් මෙම යෙදුම මගින් රැස් කිරීමේ හැකියාව පවතිනවා. කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය අද උදෑසන රැස් වූ අවස්ථාවේදී බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය විසින් අදාළ යෙදුම […]


Oct
29

තවත් කොරෝනා ආසාදිතයින් 414ක් හඳුනා ගනියි

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් 414 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, නිරෝධායනය වෙමින් සිටි 62නෙකු සහ ආශ්‍රිතයින් 352 දෙනෙකු එලෙස හඳුනාගෙන ඇති බවයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9619ක් වන අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5458ක්. එමෙන්ම 4142ක් පුර්ණ සුවය ලබා තිබෙනවා. මේ අතර මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ […]


Oct
29

නුවරඑළියට එන්න එපා! ජනතාවගෙන් ඉල්ලීමක්

Generic placeholder image

වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් නැවත දැනුම්දෙනතුරු නුවරඑළිය ප්‍රදේශය වෙත පැමිණීමෙන් වළකින්නැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා මහජනතාවට දැනුම් දෙනවා. ග්‍රෙගරි වැව උද්‍යානය, වික්ටොරියා උද්‍යානය, සදතැන්න ඇතුළු සංචාරක ස්ථාන මේ වනවිටත් වසා දමා ඇති බවයි දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ. ඔහු ප්‍රකාශ කළේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොරෝනා වෛසරය අසාදනය වූවන් ගණනාවක් හමු වීමත්, තවත් පිරිසක් නිරෝධානයට යොමු කර සිටීමත් නිසා නුවරඑළියේ […]


News Articles
Latest Videos
Most Popular Post