News Line| Off Air
Generic placeholder image

Oct
23

මාතර වෛද්‍යවරියකටත් කොරෝනා

Generic placeholder image

මාතර නගරයේ ප්‍රසිද්ධ වෛද්‍යවරියකටද කරන ලද pcr පරීක්ෂණයෙන් කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. ඇයට මෙම ආසාදනය සිදුව ඇත්තේ නැගණියක් කොරෝනා ආසාදිත තැනැත්තියක බව මීට පෙර හදුනා ගනු ලැබ සිටිමෙනි. මේ අනුව ඇයගේ ස්වාමියා ද වෛද්‍වරයෙක් වන අතර ඔහුගෙන් සහ ඇයගෙන් පසුගිය 10 වැනිදා සිට ප්‍රතිකාර ලබා ගත් අය සොයා සෞඛ්‍ය අංශ සමග […]


Oct
23

20 සම්මතයි – පක්ෂව ඡන්දය භාවිත කළ විපක්ෂ මන්ත්‍රීවරියකට එරෙහිව විනය පරීක්ෂණ

Generic placeholder image

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්ද විමසීම ඊයේ රාත්‍රී පැවැත්වුණා. එහි තෙවැනිවර කියවීම තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සංශෝධන සහිතව සම්මත වුණා. එයට පක්ෂව ඡන්ද 156ක් ලැබුණු අතර මන්ත්‍රීවරු 65 දෙනෙක් ඊට විපක්ෂව ඡන්දය භාවිත කළා. මේ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය […]


Oct
22

තවත් කොරෝනා ආසාදිතයින් 259ක් වාර්තා වෙයි

Generic placeholder image

මීට සුළු මොහොතකට පෙර තවත් කොවිඩ්-19 ආසාදිතයින් 259 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඉන් 182ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ සේවකයින් වන අතර අනෙක් 75 දෙනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ද දෙදෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය බවද වැඩි දුරටත් සදහන්.


Oct
22

20 ට පක්ෂව ජන්දය දුන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් 08 දෙනාගේ නම් මෙන්න

Generic placeholder image

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියැවීම වැඩි ජන්ද 91 කින් මිට සුළු මොහොතකට පෙර සම්මත වුණා. එහිදී පක්ෂව ජන්ද 156ක් ද විපක්ෂව ජන්ද 65 ක් හිමි වුණා . ඊට පක්ෂව විපක්ෂයේ මන්ත්‍රී වරුන් 08 දෙනෙකු ජන්දය ප්‍රකාශ කරනු ලැබු අතර එම පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් නම් , සමගී ජනබල වේගය පක්ෂයේ : ඩයනා ගමගේ, […]


Oct
22

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2/3 කින් සම්මත වෙයි

Generic placeholder image

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියැවීම 2/3 කින් මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඒවැඩි ජන්ද 91 කින්. දෙවන වර කියැවීමට පක්ෂව ජන්ද 156ක් ද, විපක්ෂව ජන්ද 65ක් හිමිවුණා..


Oct
22

මෙරට 14 වන කොරෝනා මරණය වාර්තා වෙයි

Generic placeholder image

මීට සුළු මොහොතකට පෙර මෙරට 14වන කොරෝනා මරණය වාර්තා වූ බව සෞඛ්‍ය අංශ සදහන් කළා. මියගොස් ඇත්තේ 50 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර ඇය කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇති වූ නිව්මෝනියා තත්ත්වයක් සහ හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් තිබෙනවා.


Oct
22

දෙහිවල මධ්‍යම වෙළෙද සංකීර්ණයත් සීල් තබයි

Generic placeholder image

දෙහිවල මධ්‍යම වෙළෙද සංකීර්ණයට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ සිට මාළු ගෙන ආ පුද්ගලයෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම වෙළෙද සංකීර්ණය වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. මේ අනුව වෙළෙද සැල් සංකීර්ණයේ සිටි සියලුම සේවකයින් හා ආශ්‍රිත පුද්ගලයින් pcr පරීක්ෂනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.


Oct
22

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොළඹ සහ ගම්පහ ජනතාවට තොරතුරු දැනගැනීමට දුරකතන අංක කිහිපයක්

Generic placeholder image

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ගම්පහ සහ කොළඹ ප්‍රදේශවල ජනතාවට ඇඳිරි නීති බලපත්‍ර, කර්මාන්ත ශාලා පවත්වාගෙන යාම සහ විවාහ මංගල උත්සව ඇතුළු වෙනත් උත්සව පැවැත්වීමේ හැකියාව පිළිබඳ කරුණු විමසීමට දුරකතන අංක කිහිපයක් හදුන්වා දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විමසීමට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සිව් දෙනෙකු ද අනුයුක්ත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. ඒ අනුව කැලණිය පොලිස් […]


Oct
22

නලීන් බණ්ඩාර ඇමෙරිකානු කොඩිය පාර්ලිමේන්තුවේදී පෙන්වමින් 20 ගැන කියයි

Generic placeholder image

අද පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ඇමෙරිකානු කොඩිය පෙන්වමින් 20 ගැන සිය අදහස පළ කරනු දක්නට ලැබුන බව වාර්තා වෙනවා. මේ අනුව මන්ත්‍රී වරයා කතා කරන අවස්ථාවේදී කැමරාව ඉවත් කල අතර , ” ඇමෙරිකානු දිවුරුමට අනුව ඇමෙරිකානු කොඩියට යටත් කට්ටිය තමයි සභාවට ගෙන්න හදන්නේ.. අධිරාජ්‍ය වාදයට එරෙහිව කටයුතු කරපු අය පූස් පැටව් වගේ ඉන්නවා […]


Oct
22

ජර්මනියේ සෞඛ්‍ය අමාත්‍යවරයාටත් කොරෝනා

Generic placeholder image

ජර්මනියේ සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පාන් හට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වෙෙරසයේ ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමග ඔහු සිය නිවස තුළ ස්වයං නිරෝධායනට ලක්කර තිබෙනවා. 40 හැවිරිදි ජර්මනියේ සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සබඳතා පැවැත් වූ පුද්ගලයින් ද දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.


Oct
22

කොටහේනටත් ඇඳිරි නීතිය

Generic placeholder image

අද පස්වරු 6 සිට කොටහේන පොලිස් බලප්‍රදේශයට නිරෝධායනය ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ, කොවිඩ්  19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ මේ වනවිට පැවත්වෙන මාධ්‍ය හමුවට එක් වෙමින්. මේ අතර අද උදෑසන මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බලප්‍රදේශ සඳහා ද නිරෝධායන […]


Oct
22

කොරෝනා නිසා ලංකා බැංකුව සිය ශාඛාවන් 49ක් වසයි

Generic placeholder image

මේ වන විට පවතින තත්වය සැලකිල්ලට ගෙන ලංකා බැංකුව සිය ශාඛාවන් 49ක් අද දිනයේ වසා තැබීමට තීරණය කර තිබෙනවා. මෙම වසා තැබෙන ශාඛාවන් සේවයන් සිදු කර ගැනීමට පැමිණෙන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අදාල සේවාවන් ඩිජිටල් බැංකු සේවා සහ ඒ.ටී.එම්. – සී.ඩී.එම්. ජාලා යොදා ගන්නා ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post