News Line| Off Air
Generic placeholder image

Oct
23

කොරෝනා ආසාදිතයෙකු හමු වීමෙන් හෝමාගම වෙළෙද සංකීර්ණයේ මාළු වෙළෙද සැලක් වසයි

Generic placeholder image

හෝමාගම වෙළෙද සංකීර්ණයේ මාළු වෙළෙද සැලක හිමිකරුවෙකු කොරෝනා අසදිතයෙකු බවට වාර්තා වීමත් සමග හෝමාගම වෙළෙද සංකීර්ණයේ පිහිටි එම මාළු වෙළෙද සැල වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. මේ අනුව එම වෙළෙද සැලේ සේවකයින් හා පවුලේ සමීපතමයින් නිරෝධායනයට යොමු කර ඇති බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


Oct
23

උ/පෙළ විභාගයේ පොදු පරීක්ෂණයට පෙනී සිටින සිසුන්ට විභාග දෙපාර්තමේන්තුව දුන් පණිවිඩය

Generic placeholder image

මීට පෙර වසරක පවත්වන ලද උසස් පෙළ විභාගයක සාමාන්‍ය පොදු පරීක්ෂණ විෂයයට පෙනී සිට ලකුණු 30 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ලබාගෙන ඇති අපේක්ෂකයින් මෙවර උසස් පෙළ විභාගයේදී එම ප‍්‍රශ්න පත‍්‍රය සදහා නැවතත් පෙනී සිටීම අත්‍යාවශ්‍ය නොවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, මීළග විශ්වවිද්‍යාල ප‍්‍රවේශ අවශ්‍යතාවය සදහා පෙර ලබාගත් […]


Oct
23

ආසාදිතයින්ට සාපේක්ෂව අඩුම මරණ ලංකාවෙන්

Generic placeholder image

මේ වන විට මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වී වාර්තා වන අසදිතයින්ට සාපේකෂව අඩුම මරණ ප්‍රමාණයක් වාර්තාවූ රටක් ලෙස ශ්‍රී පත්ව තිබෙන බව වාර්තා වෙනවා. ඒ ආසාදිත ගණන 5000 – 7000 රටවල් අතර ශ්‍රී ලංකාවේ මරණ 14 ක් වාර්තා වී තිබෙනවා. කොරෝනා 5000 – 7000 රටවල් අතර සිරියාවේ මරණ 260 වාර්තා වන අතර 5874 ක් වාර්තා […]


Oct
23

පෑලියගොඩ කොරෝනා පොකුර හොයාගත්තේ කොහොම ද?

Generic placeholder image

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අසල පිහිටි කුඩා වෙළදසැල්වල වේදනා නාශක බෙහෙත් වර්ග සහ පේයාව පසුගිය දින කිහිපය තුළ වැඩි වශයෙන් අලෙවි වී තිබුණා. ඒ පිළිබද සැක සිතූ වෙළදසැල් හිමියන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් ඉල්ලා තිබුණේ, අහඹු ලෙස තෝරාගත් පිරිසකගේ පී.සී.ආර්. පරීක්ෂණ පවත්වන ලෙසටයි. ඒ අනුව තෝරාගත් 109 දෙනෙකු අදාළ පරීක්ෂණයට යොමු කෙරුණු අතර එහි ප්‍රතිඵලයක් […]


Oct
23

කොරෝනා ආසාදිතයෙක් කොස්ගම රෝහලෙන් පැන යයි

Generic placeholder image

26 හැවිරිදි කොරෝනා ආසාදිත පුද්ගලයෙකු අද උදෑසන කොස්ගම රෝහලෙන් පැන ගොස් ඇති බවට කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරනවා. අදාල පුද්ගලයා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.


Oct
23

විස්සේ මූලික වෙනස්කම්

Generic placeholder image

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට වෙනස්කම් කිහිපයක් ඇතුළත්ව තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා ඉල්ලුම් කරන ජන වරමේ වාර ගණන සීමා කිරීම, ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කිරීමේ වගකීම ඉවත් කිරීම, ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමේ ඉඩකඩ සීමා කිරීම, මැතිවරණ කොමිසමේ බලතල අඩු කිරීම ඇතුළු වෙනස්කම් 20ක් ඊට ඇතුළත්. ඒ පිළිබද විස්තරය පහතින්.


Oct
23

20 විරුද්ධව හඩ නැගු විජේදාස රාජපක්ෂත් 20 ට පක්ෂව ජන්දය දෙයි

Generic placeholder image

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ බව පවසමින් ඒ පිලිබදව හඩ නැගු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ඊයේ දිනයේ 20 ට ජන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ දී එයට පක්ෂව ජන්දය ලබා දී තිබුණා.


Oct
23

සහරාන්ගේ බිරිඳ ඇතුළු 5ක් රිමාන්ඩ්

Generic placeholder image

සහරාන් හෂිම්ගේ බිරිඳ ඇතුළු පස් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවේ සයින්දමරුදු පිපීරිමෙන් පසු සහරාන්ගේ බිරිඳ අත්අඩංගුවට ගනු ලැබූ අතර ඇය රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියා. සැකකාරිය ඇතුළු පිරිස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් කොටුව මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කෙරුණේ, ලබන 4 වැනිදා දක්වා ඔවුන්ව රක්ෂිත […]


Oct
23

මේ දක්වා ලොව වැඩිම ආසාදිතයින් ඊයේ දිනයෙන් – ලොව පුරා කොරෝනා තත්ත්ව වාර්තාව මෙන්න

Generic placeholder image

ඊයේ දිනය තුල ලොව පුරා වැඩිම කොරෝනා ආසාදිතයින් ගණනක් වාර්තා වූ දිනයක් ලෙස සටහන් වූ අතර ඒ ලොව පුරා රටවල් වල කොරෝනා අසාදිත එකතුවත් සමගයි. ඇමරිකාව,ඉන්දියාව,ප්‍රංශය,බ්‍රසීලය හා බ්‍රිතාන්‍යය එම වාර්තාවේ පෙරමුණ ගත් අතර ආසාදිතයින් 309 ක් වාර්තා වීමෙන් ශ්‍රී ලංකාවද එම වාර්තාවේ 78 වන ස්ථානයට පත් වුණා.


Oct
23

බේරුවල ධිවර වරායෙත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙක්

Generic placeholder image

බේරුවල ධිවර වරායෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙලදපොලට රැගෙන ගියලොරි රථ රියදුරන් හා සහායක පුද්ගලයින් 10 දෙනෙකුට මෙලෙස කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. ඒ බේරුවල ධීවර වරාය තුල අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයන් 100 දෙනෙකුගෙන් ලබාගත් pcr වාර්තා වලට අනුවයි. මේ අනුව අද දිනය සිට බේරුවල ධිවර වරාය වසා දැමීමට කටයුතු කල බවයි එහි […]


Oct
23

ඇඳිරි නීතිය ගැන තීරණය වන්නේ අද ලැබෙන PCR ප්‍රථිපල මත බවට යුද හමුදාපතිගෙන් ප්‍රකාශයක්

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වෙන කොරෝනා මර්ධන කමිටුවේදී ඇඳිරි නීතිය පැනවීම පිළිබඳව ඉදිරි තීරණ ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ අනුව අද ලැබීමට නියමිත පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ගේ PCR වාර්තා සැලකිල්ලට ගෙන මේ පිලිබදව තීරණයකට ඒමට නියමිත බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා. […]


Oct
23

දෙෙනික වැඩිම කොරෝනා ආසාදිත සංඛ්‍යාව ඊයේ දිනය තුළ – සමස්ත සංඛ්‍යාව 6287 දක්වා ඉහළට

Generic placeholder image

මෙරටින් දිනයක් තුළ වාර්තා වන වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් ඊයේ වාර්තා වුණා. ඒ අනුව එම සංඛ්‍යාව 309ක් වන අතර ඉන් 188 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍යය වෙළදපොළෙන් වාර්තා වීම විශේෂත්වයක්. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 6287 දක්වා ඉහළ ගියා. මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළෙහි පෙරේදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 1,178කින් 350ක වාර්තා ලැබී ඇති අතර ඉන් […]


News Articles
Latest Videos
Most Popular Post