ශ්‍රී ලංකා මහ බැංකුව සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය වෙනස් නොවෙන පවත්වාගෙන යෑමට තීරණය කර තිබෙනවා. මේ වසර තුලදී අවස්ථා 05 කදී බැංකු පොලී අනුපාත අඩු කර තිබෙන බවත් බැංකු පොලී අඩු කිරීම තුළින් වාණිජ බැංකු අතර කෙරන ගනුදෙනුවලට අදාළ පොලී අනුපාත පහළ වැටෙන බවත් එම නිසා අඩු පොලියට ණය නිකුත් කිරිමට වාණිජ බැංකුවලට අවස්ථාව […]
යුරෝපා කලාපය තුළ ව්‍යාප්ත වන කොරෝනා වසංගතය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. එම සංවිධානය පෙන්වා දෙන්නේ යුරෝපා කලාපයේ පැතිර යන කොරෝනා දෙවන රැල්ල පළමු රැල්ලේ තත්ත්වයට වඩා දරුණු බවයි. ඉතාලියේ දැඩි සංචරණ සීමා පනවා ඇති පසුබිමක පසුගිය සතිය තුළ එරටින් කොරෝනා ආසාදිතයින් වාර්තා වීම පළමු රැල්ලට වඩා ඉහළ මට්ටමක පවතින බව විදෙස් වාර්තා කරනවා. […]
පෑලියගොඩ මාළු වෙළෙඳපොළ තොග වශයෙන් මාළු බෙදාහරින ස්ථානයක්වීම හේතු කොටගෙන දිවයින පුරා මාළු වෙළෙද සැල් වල එම මාළු විකිණීම දක්නට ලැබෙනවා. මේ වන විට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ බොහෝ පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මාළු පාරිභෝජනය පිලිබදව ජනතාව අනිසි බියක් ඇති කර ගෙන තිබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා […]
එල්.පී.එල්. ක්‍රිකට් තරඟාවලියේ නිල කාලසටහන නිකුත්කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ, ඒ අනුව එළඹෙන නොවැම්බර් මස 21 වැනිදා තරඟාවලිය ආරම්භ වන අතර අවසන් මහ තරඟය දෙසැම්බර් 13 වැනිදා පැවැත්වීමට නියමිත බවයි. නොවැම්බර් 21 වැනිදා සවස 3ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී එල්.පී.එල්. තරඟාවලියේ සමාරම්භය සනිටුහන් වන අතර එදිනම රාත්‍රී 7.30ට පළමු තරඟය Colombo Kings කණ්ඩායම […]
බියගම පිහිටි මාස් (MAS) ඇඟළුම් කම්හලේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. මෙම පුද්ගලයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර සිටි අයෙක් වන අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයිඩීඑච් උණ රෝහලට මාරු කර යවා තිබෙනවා. ඔහු සීදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර කටුනායක ආයෝජන කලාපයේ ඇඟළුම් කම්හලකින් වාර්තා වූ කොරෝනා ආසාදිතයෙකු සමඟ ඇසුරු කර ඇති […]
පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද් කුමාර් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට දෙමළ ප්‍රගතිශීලි සන්ධාන නායකත්වය තීරණය කර තිබෙනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසුවේ, විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සදහා ඊයේ පැවැති ඡන්ද විමසීමේදී අරවින්ද් කුමාර් මන්ත්‍රීවරයා ඊට පක්ෂව ඡන්දය භාවිත කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. ඉදිරියේදී දේශපාලන මණ්ඩලය රැස්කර අරවින්ද් කුමාර් […]
ජීවිතාරක්ෂාව ඉල්ලා පාතාල කල්ලි නායකයකු වන ජනිත් මධුශංක හෙවත් පොඩි ලැසී තම නීතීඥවරිය මගින් අභියාචනාධිකරණයේ ගොනු කර තිබූ පෙත්සමක් විභාග කිරීමට නොතීසි නිකුත් කර තිබෙනවා. පොඩි ලැසී නැමැත්තා සිය පෙත්සම මගින් ඉල්ලා තිබුණේ රදවාගෙන සිටින තමන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කර දෙන ලෙසටයි.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය නියෝජනය කරන සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක්ට කොරෝනා වෙෙරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. එලෙස වෙෙරසය ආසාදනය වී ඇත්තේ, රෙජිස් චක්බ්වා සහ ටයිමයිසින් මරුමා යන ක්‍රීඩකයින් දෙදෙනාටයි. ඔවුන් දෙදෙනා පකිස්තාන සංචාරය සඳහා ද ඇතුළත්ව සිටියා.
කොස්ගම රෝහලෙන් පළා ගිය කියන කොරෝනා වෛරසය ආසාදිත තරුණයා බොරැල්ල ප්‍රදේශයෙන් සොයා ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා. බොරැල්ල සහස්පුර නිවාස සංකීර්ණයේ 13 වන මහලේ නිවසක සැගව සිටියදී අදාල පුද්ගලයා පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.
ඊයේ දිනයේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පක්ෂව ජන්දය ලබා දුන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිටින පක්ෂ වන රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් නායකත්වය දරන පක්ෂ සමගි ජන බලවේග සන්ධානයෙන් නෙරපා හරින ලෙස සමගි ජන බලවේගයේ සාමාජිකයින් එහි නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා තිබෙන බව වාර්තා වෙනවා. සන්ධානගත පක්ෂයේ මතයට විරුද්ධව ඊයේ සිය විරෝධය පල කරමින් 20 වෙනි ආණ්ඩුක්‍රම […]
කොළඹ නැව් තටාංගනයේ කොරෝනා අසාදිත බවට හදුනාගත් වරාය සේවකයාගේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ පුද්ගලයින් 15 දෙනෙකුට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව මේ වන විට කරන ලද pcr පරීක්ෂණ වාර්තා අනුව තහවුරු වී තිබෙනවා. මෙම ආශ්‍රිතයා ගේ ඇසුරු කල අශ්‍රිතයින් 50 දෙනකුගෙන් ලබාගත් pcr වාර්තා අනුව ඉන් 15 දෙනකුට මෙම වෛරසය ආසාදනය වී තිබෙන බව […]
මාළු පාරිභෝජනයෙන් වැළකී සිටීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙෙද්‍යවරයා මේ අදහස් පළ කළා. “කොවිඩ් 19 වෛරසය නොයෙක් පෘෂ්ඨයන් තුළ එක්තරා කාලයක් පවතින්න පුළුවන් කියලා අපි දන්නවා. ඒ පිළිබඳව තොරතුරු හොයාගෙන තිබෙනවා. වූහාන් ප්‍රාන්තයේ ආරම්භයේදී මේ රෝගය ව්‍යාප්ත වුණේ මාළු වෙළඳසැලක් ආශ්‍රිතව. […]