News Line| Off Air
Generic placeholder image

Mar
21

ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 100 කට ආසන්න ප‍්‍රමාණයක් අත්අඩංගුවට

Generic placeholder image

ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 100 කට ආසන්න ප‍්‍රමාණයක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සදහන් කළා.


Mar
21

දිවයිනේ කොරෝනා ආසාධිතයින් 76 දක්වා ඉහළ යයි

Generic placeholder image

කොරෝනා රෝගීන් සිව්දෙනෙක් අද දිනයේදී අනුරාධපුර රෝහලෙන් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 76ක් වනවා.


Mar
21

නව කොරෝනා රටවල් 185 ක් බිළිගනී

Generic placeholder image

නව කොරෝනා වෛරසය මේ වනවිට ලොව පුරා රටවල් 185ක ව්‍යාප්ත වී ඇති බව නවතම වාර්තා පෙන්වා දෙනවා. ඒ අනුව සිම්බාබ්වේ සහ පැපුවා නිව්ගිනියාව ඇතුළු රටවල් හතරක, පළමු කොරෝනා ආසාධිතයන් ගත වූ පැය 24 තුළ වාර්තා වුණා. මේ අතර දිනක් තුළ වැඩිම නව කොරෝනා වෛරස ආසාදිතයින් සහ මරණ ප්‍රමාණයක් වාර්තා වන්නේ ඉතාලියෙන්. චීනයේ වූහාන් නගරයෙන් ඇරඹී […]


Mar
21

දිවයින පුරා ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 48 ක් අත්අඩංගුවට

Generic placeholder image

ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 48 දෙනෙකු මේ වන විට දිවයින පුරා විවිධ ප‍්‍රදේශ වලින් අත්අඩංගුවට ගෙන ඇති අතර මීට අදාල මෙහෙයුම් තවදුරටත් කි‍්‍රයාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළා.


Mar
21

විදේශිකයන්ට මෙරටින් පිටවීමට පොලිසියෙන් උපකාර

Generic placeholder image

මෙර‍ටින් පිටවීම සඳහා ගුවන් තොටුපල වෙත යාමට ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට නොහැකිව සිටින විදේශිකයන් වහාම තමන්ට ළඟම අති පොලිස් ස්ථානයට ඒ බව දැනුම් දෙන ලෙසට විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙනවා.


Mar
21

දඹදිව ගිය තවත් 210 දෙනෙකු ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණෙයි

Generic placeholder image

දඹදිව වන්දනාවේ ගොස් මෙරටට පැමිණීමට නොහැකිව සිටි වන්දනාකරුවන් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා. වන්දනාකරුවන් 210 දෙනෙකු ඊයේ(20) රාත්‍රී කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි බව සදහන්. ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රි ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 196 දරන ගුවන් යානයෙන් එම පිරිස දිවයිනට පැමිණ තිබෙනවා. මොවුන් සියලු දෙනා යුද හමුදාව විසින් නිරෝධායන කටයුතු සඳහා අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් […]


Mar
21

චීනයේ වූහාන් නුවරින් තෙවැනි දිනයටත් රෝගීන් වාර්තා නොවෙයි

Generic placeholder image

නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනයෙන් අඛන්ඩව තෙවන දිනටත් නව ආසාදිතයින් කිසිවෙකු වාර්තා වී නොමැති බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම පවසනවා. ගත වූ පැය 24 තුළ ආසාදිතයින් 41 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඔවුන් සියලු දෙනා විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් බව චීන සෞඛ්‍ය කොමිසම පෙන්වා දුන්නා. පසුගිය වසරේ දෙසැම්බර් මස අගභාගයේ දී චීනයේ වුහාන් […]


Mar
21

ඇඳිරි නීතිය වෙලාවේ ආපන ශාලාවක් විවෘතව තබාගත් අයෙක් අත්අඩංගුවට

Generic placeholder image

ඇඳිරි නීතිය වෙලාවේ ආපන ශාලාවක් විවෘත කළ අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හපුත‍ලේ පොලිස් වසමේ බඳුල්ල පාර, හපුතලේ ප්‍රදේශයේ දී ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ ආපන ශාලාවක් විවෘතව තබා ගත් පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්. ඊයේ(20) රාත්‍රී 10.10ට පමණ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සැකකරු වයස අවුරුදු 35 ක් වු නීව්වෘඩ් […]


Mar
21

ලොවපුරා කොරෝනා මරණ 11,383 ක් – ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ 75,000 ඉක්මවයි

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත මෙරට පුද්ගලයින් සංඛ්‍යාව හැත්තෑ දෙදෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ පස්වරුව වන විට කොරෝනා වෛරස ආසාදිතයින් 06 දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවා. ඔවුන් අතරින් දෙදෙනෙකු පොළොන්නරුව මහ රෝහලෙන් ද තවත් අයෙකු අනුරාධපුර මහ රෝහලෙන් ද වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යවරිය සදහන් කළා. එම […]


Mar
20

කොරෝනා ගණන් නොගත් දඹුල්ල නගරාධිපති අත්අඩංගුවට

Generic placeholder image

නිරෝධායන පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දඹුල්ල නගරාධිපතිවරයා සහ තවත් පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ පිරිස් එක් රැස් නොවන ලෙස නියෝග කර තිබිය දී පාපැදි තරගයක් පැවැත්වීම කටයුතු සුදානම් කර තිබීම හේතුවෙන් මොහුව අත් අඩංගුවට ගත් බවයි.


Mar
20

තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙක් – මුළු ආසාධිතයින් 72 දක්වා ඉහළට

Generic placeholder image

අද (20) සවස් කාලයේදී කොරෝනා වෛරසය වැළදුණු තවත් රෝගීන් දෙදෙනෙක් හමුවූ බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන මුළු කොරෝනා වෛරස් රෝගීන් ගණන 72ක් වන බව ඔහු පවසනවා.


Mar
20

දිවයිනේ කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 81ක් පිරිමි පුද්ගලයින්

Generic placeholder image

මෙරටින් තහවුරු වූ නව කොරෝනා වෛරස ආසාදිතයින්ගෙන් වැඩිම ප්‍රතිශතයක් වයස අවුරුදු 41ත් 50ත් අතර පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසනවා. වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ ආසාදිතයින්ගෙන් සියයට 45යි දශම දෙකක පිරිසක් වයස අවුරුදු 41ත් 50ත් අතර පුද්ගලයින් බවයි. ආසාදිතයින්ගෙන් සියයට 16යි දශම 7ක් වයස අවුරුදු 31ත් 40ත් අතර පුද්ගලයින් වන බව ද වසංගත රෝග විද්‍යා අංශය […]


News Articles
Latest Videos
Most Popular Post