News Line| Off Air
Generic placeholder image

Jan
27

ඇෆ්ගනිස්ථානයේ මගීන් 83ක් සමග ගුවන් යානයක් කඩා වැටේ

Generic placeholder image

පුද්ගලයන් 83 දෙනෙකු රැගත් මගී ගුවන් යානයක් නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ඝස්නි ප්‍රාන්තයේ දී හදිසියේ කඩා වැටී තිබෙනවා. මෙම ගුවන් යානය ඒරියානා ගුවන් සේවයට අයත් වන අතර එම ගුවන් යානය ගිනි ගැනීමට ලක්ව ඇති බව වාර්තා වනවා. ඇෆ්ගනිස්ථානයේ හෙරාට් සිට කාබුල් අගනුවර දක්වා ගමන් ගනිමින් සිටින විට ගුවන් යානය මෙලෙස අනතුරට ලක්වූ බව සඳහන්. එය කඩා වැටී […]


Jan
27

කොරෝනා රෝග ලක්ෂණ ඇති ගුවන් මගීන් වෙනුවෙන් කටුනායක ගුවන්තොටුපලේ ගිලන් රථ සූදානමින්

Generic placeholder image

කොරෝනා වෛරසය සහිත රෝග ලක්ෂණ ඇති බවට සැකකෙරෙන ගුවන් මගීන් අයි.ඩී.එච්. උණ රෝහල වෙත කඩිනමින් යැවීම සඳහා කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ ගිලන් රථ සූදානම් කර ඇති බව එහි කාර්යභාර නිලධාරිවරයා සදහන් කළා. මෙරටට පැමිණෙන ගුවන් මගීන් විශේෂ පරීක්ෂාවට ලක් කිරීම සඳහා කටුනායක ගුවන්තොටුපල සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරින්, ගුවන්තොටුපල ආරක්ෂක නිලධාරින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍යවරුන් කටයුතු කරමින් […]


Jan
27

චීනයේ සිට එන මගීන් විශේෂ පර්යන්තයකින් ගුවන් තොටට

Generic placeholder image

චීනයේ සිට මෙරටට පැමිණෙන පිරිස් වෙනුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ වෙනම මගී පර්යන්තයක් වෙන් කිරිමට ගුවන්තොටුපළ බලධාරින් කටයුතු කර තිබෙනවා. කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පත් කරන ලද සාමාජිකයින් 22 දෙනෙකුගේ සමන්විත ජාතික ක්‍රියාකාරී කමිටුව අද (27) පස්වරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා. කමිටුවේ සාමාජිකයින් ලෙස ජනාධිපති අතිරේක ලේකම් රියර් අද්මිරාල් […]


Jan
27

අගමැති මහින්ද මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීම ලබන 5 වනදා

Generic placeholder image

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී, මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීම ලබන පෙබරවාරි 05 වැනිදා සිදුකිිරීමට නියමිතව තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස මන්ත්‍රීවරු‍න් අසන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන පළමු අවස්ථාව මෙය වන අතර ඒ සඳහා එදින පස්වරු 1.00 සිට පස්වරු 1.30 දක්වා කාලය වෙන් කර ඇති බව සදහන්.


Jan
27

කොරෝනා නිසා දවස් 06 න් චීනය ඉදිකරන රෝහලේ විස්තරය

Generic placeholder image

කොරෝනා වෛරසය වැළදී ඇති රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සදහා දින 06 කින් චීනයේ වුහාන් නගරයේ රෝහලක් ඉදිකිරීමට චීනය විසින් පියවර ගෙන තිබෙනවා. දැනට මෙම කොරෝනා වෛරසය හේතුවෙන් 80 දෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයන් 2744 කට වැඩි පිරිසකට වෛරසය ආසාධනය වී ඇති බව සදහන්. ඉන් 324 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් වාර්තා පවසනවා. මිලියන 11 ක් […]


Jan
27

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන ටෙස්ට් තරගයෙත් සිම්බාබ්වේ පළමුව පිත්ත අතට ගනී

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය හරාරේ හිදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා. තරඟයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළා. තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ වන විට 1-0ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවන අතර මේ වනවිට පළමුව පන්දුවට පහර දෙන සිම්බාබ්වේ කණ්ඩායම එක් […]


Jan
27

රාජිත CIDයට එයි

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. අද(27) උදෑසන මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බව අප වාර්තාකරු සඳහන් කළා.


Jan
27

72 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් වසා තැබෙන මාර්ග මෙන්න

Generic placeholder image

නිදහස් චතුරශ්‍රයේ පැවැත්වීමට නියමිත 72 වන නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමිව සිදුකරනු ලබන පෙරහුරුවන් සහ පෙබරවාරි 04 වෙනිදා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාවට නැංවීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව පුහුණුවීම් ආරම්භ කරන ජනවාරි මස 31 වෙනිදා සිට පෙබරවාරි මස 03 වෙනිදා දක්වා විවිධ කාල සීමාවන් වලදී රථවාහන ධාවනය නැවැත්වීමට සහ ධාවනය සිමා කිරීමට කටයුතු […]


Jan
27

චීනයේ වෙසෙන ලාංකිකයන් ගැන දැනගන්න දුරකතන අංක

Generic placeholder image

චීනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය උපකාර කිරීම සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලාංකිකයන් පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා 0086-10-65321861 / 2 යන දුරකථන අංක විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. මීට අමතරව, ඇලෙක්සි ගුණසේකර මහතා (වාණිජ) – 0086 13070138025 බ්‍රිගේඩියර්. කල්ප සංජීව- උපදේශක (ආරක්ෂක) […]


Jan
27

රියදුරු බලපත්‍රයට දින වෙන් කර ගැනීමට අද සිට නව ක්‍රමවේදයක්

Generic placeholder image

අද සිට රියදුරු බලපත්‍රය සඳහා වන වෛද්‍ය පරීක්ෂණ පිළිබඳව දිනය හා වේලාව, ඔන්ලයින් ක්‍රමයට වෙන් කර ගැනීමේ අවස්ථාව හිමිවන බව මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍යංශය පවසනවා. ඒ අනුව අද සිට නව ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරෙන අතර ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීම අරමුණු කර ගනිමින් මෙම සේවාව ක්‍රියාත්මක කරන බවයි වාර්තා වන්නේ. පෙර පැවති ක්‍රමයට […]


Jan
27

කොරෝනා වෛරසයෙන් චීනයේ මියගිය ගණන 80ක් දක්වා ඉහළට

Generic placeholder image

කොරෝනා වෛරසයෙන් චීනයේ මියගිය සංඛ්‍යාව 80 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර චීනයේ වෛරසය පවතින නගරවලට පනවා ඇති සංචාරක තහනම තවදුරටත් දීර්ඝ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළා. චීනයේ වූහාන් නගරයෙන් පළමු වරට සොයාගත් නව කොරෝනා වෛරසය මේ වන විට එරට නගර රැසක් ආක්‍රමණය කර ඇති අතර ලොව රටවල් රැසකට ද ව්‍යාප්ත වී තිබෙනවා. […]


Jan
27

නානුඔය ගින්නකින් වෙළඳසැල් 2ක් විනාශ වෙයි

Generic placeholder image

නානුඔය – ෆාමස්ටන් ප්‍රදේශයේ දැව වෙළඳ සැලක ඇති වු ගින්නකින් එම දැව වෙළඳ සැල හා එහි බිම්මහලේ වු ඔවුන්ගේ නිවස, ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැලක් හා ලොරි රථයක් ගිනිගෙන විනාශ වු බව ලිඳුල පොලීසිය පවසනවා. ඊයේ (26) රාත්‍රී 10.00 පමණ දැව වෙළඳ සැල තුළින් මතුවු ගින්න ඔවුන්ගේ නිවස පිහිටි බිම් මහලටත්, ගොඩනැඟිලි ද්‍රව්‍ය වෙළඳ සැලට හා […]


News Articles
Latest Videos
Most Popular Post