ඇමෙරිකාවේ ජාතික පැසි පන්දු ක්‍රීඩකයෙක් වන කොබේ බ්‍රයන්ට් හෙලිකොප්ටර් යානා අනතුරකින් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. බ්‍රයන්ට්ගේ දියණිය සහභාගී වීමට තිබු බාස්කට් බෝල් තරගයකට සහභාගී වීමට යන අතරතුර මෙම ගුවන් අනතුරට ලක්ව තිබෙනවා. මියයන විට ඔහු 41 වන වියෙහි පසුවූවා.
චීනයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරසය මේ වන විට ලෝකයේ බොහෝ රටවලට ව්‍යප්ත වී තිබෙනවා. ප්‍රංශය , ජපානය , මලයාසියාව , නේපාලය , සිංගප්පූරුව , දකුණු කොරියාව ,තායිවානය,තායිලන්තය , අමෙරිකාව ,වියට්නාමය , කැනඩාව යන රටවල් ඒ අතර ඇති අතර මේ වන විට එම වෛරසය ආසාදනය වීමෙන් 56 දෙනෙකු මියගොස් තිබෙනවා. මේ වන විට අමෙරිකාවෙන් මෙම […]
ඊයේ එක්සත් ජාතික පෙරමුණේ පළාත් පාලන නියෝජිතයින් හා පැවැති හමුවක් විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්වුණා. එම හමුවෙන් අනතුරුව විපක්ෂනායකවරයා ඉදිරි මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය නව ළකුණකින් සන්ධානගත වී තරග වදින බව ප්‍රකාශ කල බව ඒ පිලිබදව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා සදහන් කළා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා යටතට පත්කර තිබෙනවා.
පාදුක්කේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා. ඒ අනුව මේ හේතුවෙන් කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රියන්හි ප්‍රමාදයක් හටගෙන ඇති බවත් එය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරගෙන යන බව දුම්රිය පාලක මැදිරිය […]
ජනාධිපතිවරයාගේ උපදෙස් මත කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා පත් කල ජාතික ක්‍රියාකාරී කමිටුව අද රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අද පස්වරු 05.00ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ දීය. කොරෝනා වෛරසය පිළිබඳව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සහ ක්‍රියාත්මක කළ යුතු ආරක්ෂක වැඩපිළිවෙල පිලිබඳව ද එහිදී සාකච්ඡාකිරීමට නියමිත අතර සාමාජිකයින් 22 දෙනෙකුගෙන් මේ කමිටුව සමන්විතයි.
දිවයින පුරා අද දිනයේත් බොහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණ තත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.
අසාදිතයැයි සැක කල පුද්ගලයින් 4 දෙනාගේ රුධිර සාම්පල පරීක්ෂාවේදී ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය තහවුරු කරනවා. එමෙන්ම එම රුධිර වාර්තා වල කිසිඳු බරපතල ගණයේ වෛරස් රෝගයක් ආසාධිත වී නොමැති බව සදහන් වෙනවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කරන බව එම ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වැඩි දුරටත් […]
චීනයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරස චීනයේ පැතිර යමින් පවතින අතර මේ වන විට දකුණු ආසියානු රටවල් කිහිපයකටද එම වෛරසය සීග‍්‍රයෙන් ව්‍යාප්ත වි තිබෙනවා. මේ හේතුවෙන් ලංකික ජනතාවද මේ පිලිබදව සැලකිලිමත්ව පසු වන්නැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. ඒ අනුව උණ, කැස්ස, සෙම්ප‍්‍රතිෂ්‍යාව, හුස්ම ගැනිමේ අපහසුතාව, දියර ලෙස මලපහ පිටවීම, හිසරදය, උගුරේ වේදනාව සහ ඇඟපත වේදනාව […]
පවතින මගී තදබදය අවම කිරිමේ අරමුණෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරිමේ ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙන බව විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරනවා. ඒ අනුව මේ සදහා ගුවන් තොටුපළ සමාගම වැය කරන මුදල රුපියල් මිලියන 600 ක් වන අතර ලබන මාර්තු 20 වන දින විට මෙම සංවර්ධන කටයුතු අවසන් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් […]
ජාතික නිදහස් දින සමරු උළෙලේ පෙරහුරු හේතුවෙන් අද සිට කොළඹ නිදහස් චතුරස්‍රය ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා. ඒ අනුව අද දිනයේත් ලබන 31, පෙබරවාරි 02, 03 දිනයන්හි උදෑසන 6.00 සිට පස්වරු 1.00 දක්වා එම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක බව පොලීසිය වැඩි දුරටත් සදහන් කරනවා.
මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම හෙට ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසනවා. ඒ අනුව වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් මහ භාණ්ඩාගරයෙන් මුදා හැරෙන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා වැඩි දුරටත් සදහන් කළා.