News Line| Off Air
Generic placeholder image

Dec
13

නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අල්ලයි

Generic placeholder image

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් සිදුකල වැටලීමකදී ඔහු අත්අංඩගුවට ගෙන ඇති බව වාර්තා වන අතර සැකකරු සතුව තිබී තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද දුම්වැටි 3600ක් පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශය බාරයට ගෙන තිබෙනවා. වැඩිදුර විමර්ශන සඳහා […]


Dec
13

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

Generic placeholder image

හෙට දිනයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට උදෑසන 08.00 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. මෙලෙස ජල සැපයුම අත් හිටවනු ලබන්නේ කොළඹ 01, 10, 11, 12, 13, 14, 15 ප්‍රදේශවලටයි.


Dec
13

දිවයින පුරා අදත් වැසි

Generic placeholder image

දිවයින පුරා අදත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු නැගෙනහිර සබරගමුව, බස්නාහිර පළාත් වලට ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.


Dec
12

වසර 10 කට පසු දුර්ලභ සුර්යග්‍රහණයක් – පියවි ඇසට නිරීක්ෂණය නොකළ යුතු යැයි උපදෙස්

Generic placeholder image

ශ්‍රී ලංකා වාසීන්ට අතිශය දුර්ලභ සුර්යග්‍රහණයක් දැක ගැනීමට අවස්ථාව උදා වෙනවා. මෙම වළයාකාර සුර්යග්‍රහණයක් ලබන 26 වෙනිදා සිදු වෙන බව ආතර් සි ක්ලාක් මධ්‍යස්ථනය සදහන් කරනවා. මෙම වළයාකාර සුර්යග්‍රහණය වසර 10 කට පසු ඇති වෙන බවයි එම මධ්‍යස්ථනය වැඩි දුරටත් සදහන් කරන්නේ. කෙසේ වෙතත් මෙම වළයාකාර සුර්යග්‍රහණය පියවි ඇසට නිරීක්ෂණය කිරීම සිදු නොකළ යුතු බවයි […]


Dec
12

වෛද්‍ය ෂාෆි ගැන විමර්ශනය නව පරීක්ෂණ කණ්ඩායමක් යටතට

Generic placeholder image

නව පරීක්ෂණ කණ්ඩායමක් යටතේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි පිළිබඳව විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ අද (12) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයයේ දී වෛද්‍ය මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහි නඩුව කැඳවු අවස්ථාවේදීය. එසේම අදාළ නඩුව සම්බන්ධ සාක්ෂි නැවත සටහන් කරගන්නා ලෙස එහිදී අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.


Dec
12

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද පළමුවරට රැස්වේ

Generic placeholder image

ආණ්ඩු පක්ෂයේ පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද පැවැත්වෙනවා. ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 06.00ට කොටුව ජනාධිපති මන්දීරයේදී එම රැස්වීම පැවැත්විමට නියමිතයි. මේ සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම කැබිනට් ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන් සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් සහභාගී වන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියා සිටියා.


Dec
12

ජාතික පාසල් ගණන 1000 දක්වා ඉහලට

Generic placeholder image

ජාතික පාසල් සංඛ්‍යාව 1000 ක් දක්වා වර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. දැනට පවතින ජාතික පාසල් සංඛ්‍යාව 374ක් බවත් ලංකාවේ ජාතික පාසල් පිහිටුවා ඇති ආකාරය සාධාරණ නොවන බවත් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවා. ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 330ක් පැවැතියත් එයින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 124කට ජාතික පාසලක් නොමැති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කලා.


Dec
12

බ්‍රිතාන්‍යය මහමැතිවරණ ජන්ද විමසිම අදයි

Generic placeholder image

වර්ෂ පහක් තුළ එරට පැවැත්වෙන තුන්වන මහමැතිවරණය මෙයයි. එංගලන්තයේ, වේල්සයේ, ස්කොට්ලන්තයේ හා උතුරු අයර්ලන්තයේ ඡන්ද කොට්ඨාස 650කදී ඡන්ද විමසුම පැවැත්වෙන අතර ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 12.30ට ආරම්භ වන ඡන්ද විමසුම හෙට (13) අළුයම තුන හමාරට අවසන් වන අතර ඡන්ද ප්‍රතිඵල සිකුරාදා පස්වරුව වන විට නිකුත් කිරීමට නියමිතයි. මෙවර මහමැතිවරණය වත්මන් අගමැති බොරිස් ජොන්සන් සහ කම්කරු […]


Dec
12

මිනී මැරීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකරුවන් දෙදෙනෙකුට මරණිය දණ්ඩනය

Generic placeholder image

දාහත් හැවිරිදි තරුණයෙකු පිහියෙන් ඇන මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මරණීය දණ්ඩනය නියම කළ‌ අතර ඒ අනුව කොටහේන ප්‍රදේශයේ පදිංචි ගුරුසාමි මිල්ටන් සහ කළුතන්ත්‍රිගේ රුවන් හෙවත් ආජා නමැති විත්තිකරුවන් දෙදෙනාට මෙසේ මරණීය දණ්ඩනය නියම වී තිබෙනවා. මෙහි ගුරුසාමි මිල්ටන් නැමති විත්තිකරු මේ වනවිට අධිකරණය මග හැර […]


Dec
12

ශ්‍රී ලංකා – පාකිස්තානය දෙවන දිනටත් අද තරග බිමට

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි. ඊයේ (11) දිනයේ තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රිඩා කරමින් සිටි ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණූ 202ක් ලබා සිටියි.


Dec
12

සරසවි ප්‍රවේශයට නව Z-Score ක්‍රමවේදයක්?

Generic placeholder image

Z-Score ක්‍රමවේදය අනුව රජයේ විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමට දැනට භාවිතා කරනු ලබන දිස්ත්‍රික් පදනම වෙනුවට පාසල් පදනම් කර ගත් නව විද්‍යාත්මක ක්‍රමවේදයක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.


Dec
12

එළවළු මිල ගණන් ඉහළට

Generic placeholder image

උඩරට සහ පහතරට එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇතැයි දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව ලික්ස්, කැරට්, බීට්, බෝංචි ඇතුළු උඩරට එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ 60% කින් පමණය. බණ්ඩක්කා, මෑකරල්, කරවිල, පතොල, බටු ඇතුළු පහතරට එළවළු මිල 100 කින් ඉහළ ගොස් තිබෙන අතර එලෙස මිල ඉහළ යාමට හේතුවී ඇත්තේ පවතින කාලගුණික තත්ත්වයත් […]


News Articles
Latest Videos
Most Popular Post