News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
30

හැකි නම් අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන්නැයි රාජ්‍ය ඇමති වසන්තගෙන් එජාපයට අභියෝගයක්

Generic placeholder image

තමන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් හෝ අමාත්‍ය ධූරයෙන් ඉවත් නොවන බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටි අතර එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා ප්‍රකාශ කර ඇති පරිදි හැකි නම් තමන් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කර පෙන්වන ලෙස ඔහු කියා සිටියා. කිසිදු චෝදනා […]


Oct
30

තැපැල් ඡන්ද විමසීම අධියර 3 කින්

Generic placeholder image

2019 ජනාධිපතිවරණයේ හෙට පැවැත්වීමට නියමිත තැපැල් ඡන්ද විමසීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර ඇති බව මැතිවරණ කොමිසම සදහන් කළා. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අධියර 3 ක් යටතේ පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ ලේකම් එච්.එම්.ටී.ඩී හේරත් මහතා කියා සිටියා. ඒ අනුව පොලිසිය සහ දිස්ත්‍රීක්ලේකම් කාර්යාල හැර සියලුු රාජ්‍ය ආයතනවලට අදාල ඡන්ද විමසීම හෙට සහ අනිද්දා […]


Oct
30

තැපැල් ඡන්ද විමසීමේ මධ්‍යස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක්

Generic placeholder image

හෙට (31) සහ අනිද්දා (01) පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ තැපැල් ඡන්ද විමසීමේ මධ්‍යස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා. මේ සම්බන්ධයෙන් සෑම පොලිස් ස්ථානයක්ම දැනුවත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළා. ඒ අනුව පොලිස් ජංගම, යතුරුපැදි සහ පාමුර සංචාර මගින් අදාළ තැපැල් ඡන්ද මධ්‍යස්ථාන වෙත ආරක්ෂාව ලබාදීමට කටයුතු කර […]


Oct
30

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාක්ෂි ලබා ගැනීම හෙට

Generic placeholder image

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාවේ සාක්ෂි ලබා ගැනීම හෙට (31) දිනයේ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පස්වරු 02.00 සිට කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කොමිශන් සභා කාර්යාල පරිශ්‍රයේදී සාක්ෂි ලබා ගැනීමේ කටයුතු ආරම්භ කෙරෙන බව එහි ලේකම් එච්.එම්.බී.බී. හේරත් මහතා පැවසුවා. මෙම සාක්ෂි ලබාගැනීමේ කටයුතු සාමාන්‍ය ජනතාවට සහ […]


Oct
30

පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ නිල වාහන දේශපාලන ප්‍රවර්ධන කටයුතු සදහා යෙදීම තහනම්

Generic placeholder image

පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ නිල වාහන දේශපාලන ප්‍රවර්ධන කටයුතු හෝ දේශපාලන ප්‍රචාරක රැස්වීම් සඳහා සහභාගිවීමට භාවිත කිරීම තහනම් බව මැතිවරණ කොමිසන් සභාව අවධාරණය කරනවා. පළාත් පාලන ආයතන ප්‍රධානීන්, සිය නිල වාහන ස්වකීය පළාත් පාලන බල ප්‍රදේශයේ බැහැරව පැවැත්වෙන දේශපාලන රැස්වීම්වලට සහභාගිවීමට හා ප්‍රචාරක කටයුතු මෙන්ම පෝස්ටර්, අත්පත්‍රිකා ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බවට වාර්තා වී ඇති […]


Oct
30

දෙවැනි තරගයෙනුත් ශ්‍රී ලංකා කණ්ඩායමට දරුණු පරාජයක්

Generic placeholder image

සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන්ද දරුණු පරාජයක් අත්විදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා. ලකුණු 118ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 13 කදී එක් කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය පසුකර ගිය අතර ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් නොදැවී ලකුණු 60ක් හා ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 53ක් රැස්කළා. දැවී ගිය එකම පිතිකරුවා වූ ආරොන්ච් ෆින්ච් […]


Oct
30

සජිත් ජනාධිපතිධුරය දරන රජයක අගමැති රනිල්

Generic placeholder image

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිධුරය දරන රජයක අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ තමන් බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති හමුවකදී මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රථිචාර දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. ආර්ථිකය/ මාධ්‍ය නිදහස ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී අදහස් පලකළා.


Oct
30

හම්බන්තොට සහ මාතර පාසල් හෙටත් වැසේ

Generic placeholder image

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ මාතර මුලටියන අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට (31) දිනයේත් වසා තැබීමට තීරණය කර තිබෙනවා.


Oct
30

ඕස්ට්‍රලියානු පන්දු යවන්නන් ශ්‍රී ලංකා පිළ ලකුණු 117 කට සිමා කරයි

Generic placeholder image

කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල පන්දුවාර 19 ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කරගත්තේ ලකුණු 117 ක් පමණයි. ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රලියානු කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණක් ලබා සිටිනවා.


Oct
30

ඕස්ට්‍රලියානු පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිළ දැඩි අසීරුතාවයේ

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රලියානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන 20 යි 20 තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඕස්ට්‍රලියානු පන්දු යවන්නන් හමුවේ පන්දුවාර 15 ක් අවසානයේ කඩුලූ 08 ක් දැවී ලබා ලබා ගෙන සිටින ලකුණු ප්‍රමාණය ලකුණු 98 ක් පමණි.


Oct
30

එජාපයෙන් නෙරපූ වසන්ත සේනානායකගෙන් විශේෂ ප්‍රකාශයක් අද පස්වරුවේ

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපූ අමාත්‍ය වසන්ත සේනානායක මහතා අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැදවමින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.


Oct
30

වෙනස්කම් කිහිපයක් සමග ශ්‍රී ලංකාව පළමුව පිත්ත අතට ගනී

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රලියාව අතර පැවැත්වෙන දෙවන 20 යි 20 තරගය තව සුළු මොහොතකින් බ්‍රිස්බන් ක්‍රීඩාංගනයෙදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව අද තරගයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම වන්නේ නායක ලසිත් මාලිංග, අවිශ්ක ප්‍රනාන්දු, දනුෂ්ක ගුණතිලක, කුසල් පෙරේරා ,කුසල් මෙන්ඩිස, […]


News Articles
Latest Videos
Most Popular Post