News Line| Off Air| Games
Generic placeholder image

Dec
29

වෙනස්ම ආකාරයට නත්තල සැමරූ සෙනාලි

Generic placeholder image

කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වන සෙනාලි ෆොන්සේකා කියන්නේ කලා පවුලකින් පැමිණි කෙනෙක්. මෙවර නත්තල කලා තරු සැමරූ ආකාරය ඔවුන් සිය සමාජ මාධ්‍යයට එකතු කර තිබුණා. නමුත් සෙනාලි නම් මෙවර නත්තල සමරා තිබුණේ වෙනස්ම ආකාරයට. ඒ පුංචි පැටවු පිරිවරාගෙන. බලන්නකෝ ඔවුන් සතුටු වෙලා තිබුණේ කොහොමද කියලා?


Dec
28

සමිතා රෝහල් ගත කරයි?

Generic placeholder image

සමීතා මුදුන්කොටුව කියන්නේ ජනප්‍රිය ගීත ගණනාවකින් රසික හදවත් ආක්‍රමණය කල ගායන ශිල්පිනියක්. ඇය මේ වන විට රෝහල්ගත කර තිබෙනවා. මේ පිළිබඳව ඇගේ පවුලේ සියලු දෙනා සිය සමාජ මාධ්‍යයන්ට සටහන් හා ඡායාරූප එක් කර තිබුණා.


Dec
27

නැගණියගේ උපන්දිනයට රයිනිගෙන් සුබ පැතුමක්

Generic placeholder image

ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි කෙනෙක් තමයි රයිනි චාරුකා කියන්නේ. කලා පවුලකින් ක්ෂේත්‍රයට පැමිණ ගීත කලාව තුල ඇයටම ආවේනික වූ අනන්‍යතාවක් ගොඩනගාගත් ඇය දක්ෂ ගායිකාවක්. පසුගියදා ඇගේ නැගණිය වන ජනප්‍රිය ගායිකා වින්ඩි ගුණතිලක සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් රයිනි නැගණිය වෙනුවෙන් අපූරු සුබ පැතුමක් සිය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එය පහතින් බලන්න,


Dec
26

කලා තරු පිරිවරාගෙන පැවැත්වූ රෙඩ්ගේ දියණියගේ විවාහ මංගල්‍යය

Generic placeholder image

ගායන ක්ෂේත්‍රයේ සිටින දක්ෂ ගායන ශිල්පියෙක් තමයි රෙඩ් රාජ්. පසුගියදා ඔහුගේ දියණිය විවාහ දිවියට ඇතුළත් වුණා. ඇයගේ විවාහ මංගල්‍යය පැවැත්වුණේ කලා තරු පිරිවරාගෙන ඉතාමත් උත්කර්ශවත් අයුරින්. එහි ඡායාරූප පහතින් බලන්න,


Dec
25

නර්මදාගේ පුතු උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

නර්මදා යාපා අබේවර්ධන, නිරූපණයෙන් ක්ෂේත්‍රයට පැමිණ මේ වනවිට නිවේදිකාවක් ‌ලෙසත් කටයුතු කරනවා. පුංචි පුතාලා දෙදෙනෙකුගේ මවක් වන ඇය සමාජ මාධ්‍යයෙත් ජනප්‍රියයි. පසුගියදා ඇගේ පුංචි පුතා උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් පුංචි පුතාට අමතක නොවන ආකාරයේ සාදයක් සූදානම් කරන්නට ඇය අමතක කර තිබුණේ නෑ. එහි ඡායාරූප පහතින් බලන්න,


Dec
24

මේ දෙන්නා තමයි මට ජීවිතේ… මාධවීගෙන් සටහනක්

Generic placeholder image

ඇය ඇන්තනී පවුලේ වැඩිමහල් දියණියයි. කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ගායන ශිල්පිනියක්. මාධවී සමාජ මාධ්‍යයේත් ඉතා සක්‍රීයයි. පසුගියදා ඇය සිය මුහුණු පොතේ ටිකක් විශේෂ සටහනක් තබා තිබුණා. ඒ ඇගේ පියා වන ජැක්සන් ඇන්තනී සහ ඇයගේ පෙම්වතා වන කසුන් පිළිබඳවයි.ඇය එම සටහන තබා තිබුණේ ඡායාරූප කිහිපයක්ද සමගින්. සටහන හා ඡායාරූප පහතින් බලන්න,


Dec
23

එමාෂාට ප්‍රශ්නයක්.. ?

Generic placeholder image

එමාෂා සෙනෙවිරත්න කියන්නේ නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි. ඒ ඇය සමාජ මාධ්‍යයට එක් කරනා විවිධ සටහන් හා ඡායාරූ නිසා. පසුගියදා ඇය සිය සමාජ මාධ්‍යය ගිණුමට අපූරු සටහනක් එක් කර තිබුණා. ඒ සඳහා ඉහළ ප්‍රතිචාරත් හිමිව තිබුණා.


Dec
22

මාලිංගගෙන් සංවේදී සටහනක්

Generic placeholder image

ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුණු සුපිරි පන්දු යවන්නෙක්. මේ වන විට නම් ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීලයි සිටින්නේ. නමුත් ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ප්‍රධාන කණ්ඩායමක දඟ පන්දු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරනවා. කොහොම නමුත් මාලිංග මේ වෙනකොට අලුත් වැඩක් පටන් අරන් තියෙනවා. ක්‍රීඩාවට උපන් හපන්කම් කියන මොහු මේ වෙනකොට ගීත නිර්මාණය සඳහා යොමුව තිබෙනවා. […]


Dec
21

ඉන්දියානු මනාලියක් ලෙස හැඩ වූ ටීනා

Generic placeholder image

ටීනා කියන්නේ දක්ෂ නිරූපන ශිල්පිනියක් වගේම ජනප්‍රිය රංගන ශිල්පිනීයක්. ඒ ජනප්‍රියත්වය නිසාම ඇය කරන කවර ආකාරයේ විලාසිතාවක් වුනත් කතාබහට ලක් වෙනවා. කුමාරිකාවක් වගේ ලස්සනට හැඩවුන මේ ඡායාරූප පෙළටත් සමාජ මාධ්‍යයේ ඇයට හිමිවුනේ ඉහළ ප්‍රතිචාරයක්. ඡායාරූප පහතින් බලන්න,


Dec
21

කසුන්ගේ උපන්දිනයට මාධවීගෙන් සැමරුම් ගොඩක්

Generic placeholder image

තරුණ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙකු වන කසුන් මහේන්ද්‍ර පිළිබඳ පසුගිය කාලයේ සමාජයේ බොහෝ කතාබහක් අතිවුණේ ඔහු හා මාධවී ඇන්තනීගේ ආදර කතාව හෙළි කිරීමත් සමගයි. පසුගියදා ඔහු සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් පෙම්වතිය මාධවීගෙන් සුබ පැතුම් වගේම උපන්දින සැමරුම් කිහිපයකුත් ඔහුට ලැබී තිබුණා. ඒ සියල්ල පහතින් බලන්න,


Dec
20

මතීෂ පතිරණ උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ පන්දු යවන්නෙකු තමයි මතීෂ පතිරණ කියන්නේ. ඉන්දීය ක්‍රිකට් ලෝලීන් අතරත් මතීෂ ඉතා ජනප්‍රියයි. පසුගියදා ඔහු සිය 24වන උපන්දිනය සැමරුවා. සිය උපන්දිනය පවුලේ අයත් සමග සැමරූ අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ මුහුණු පොතේ දක්වමින් ඔහු වෙනුවෙන් සටහනක්ද එක් කර තිබුණා. සටහන හා ඡායාරූප පහතින් බලන්න,


Dec
19

චන්න විජේවර්ධන‍යන්ට දියණියගෙන් ආදරණීය සුබ පැතුමක්

Generic placeholder image

ඔහු රටක් ආදරය කරන දක්ෂ නර්ථන ශිල්පියෙක්. මේ ප්‍රවීණ නර්ථනාචාර්යවරයාගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ඔහුගේ දියණිය අසේකාගෙන් ආදරණීය සුබ පැතුමක් ලැබී තිබුණා. එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post