News Line| Off Air
Generic placeholder image

May
22

ඥාණසාර හිමි හමුවීමට අසාද් සාලි වැලිකඩට

Generic placeholder image

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආසද් සාලි සහ අමාත්‍ය රවී කරුණායක, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් හමුවීමට අද වැලිකඩ බන්ධනාගාරයට පැමිණ තිබෙනවා. එහිදී ආණ්ඩුකාරවරයා හා අමාත්‍යවරයා පැය එක හමාරක පමණ කාලයක් එහි රැදී සිටි බවයි වාර්තා වෙන්නේ.


May
22

මිනුවන්ගොඩ සිද්ධියට අදාළව මධුමාධව ගමන්ගත් බව කියන වාහනයක් පොලිස් භාරයට

Generic placeholder image

මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ ඉකුත්දා ඇති වූ නොසන්සුන්තා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව මධුමාධව අරවින්ද ඇතුළු පිරිසක් ගමන් කළ බවට සැක කෙරෙන වාහනයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.කිරිල්ලවල වෑබඩ ප‍්‍රදේශයේ නිවසකදී මෙම වාහනය පොලිස් භාරයට ගත් බවයි පොලිසිය පැවසුවේ. එහි අංකය H J 4747 බවද පොලිසිය පවසනවා. වාහනයේ හිමිකරු ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇති බවද වාර්තාවෙනවා.


May
22

2019 වසරේ ශ්‍රී ලංකාව ලද පළමු එක්දින තරග ජය ලබයි

Generic placeholder image

ස්කොට්ලන්තය සමග ඊයේ පැවති එක්දින ක‍්‍රිකට් තරගය ඩක්වර්ත් සහ ලූවිස් න්‍යාය අනුව ලකුණු 35කින් ජය ගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වුණා.පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලූ 08ක් දැවී ලකුණු 322ක් ලබා ගත්තා.එහිදී ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුයේ නායක දිමුත් කරුණාරත්නයි. ඔහු ලකුණු 77ක් ලබා ගත්තා. මීට අමතරව අවිශ්ක ප්‍රනාන්දු […]


May
21

1975 ලෝක කුසලාන තොරතුරු | Siyatha 24

Generic placeholder image

2019 ක්‍රිකට් ලෝක කුසලානය මැයි මස 30 වෙනිදා එංගලන්තයේදී ආරම්භ වීමට නියමිතයි. ඒ සදහා මේ වනවිටත් ශ්‍රී ලංකා සන්චිතය එංගලන්තය බලාගොස් අවසන්.එ දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේයි. 2019 දක්වා ලෝක කුසලාන තරගාවලිය පැවැත්වූ ආකාර ගැනයි සියත 24 අප මේ විමසා බලන්නේ…


May
21

ශ්‍රී ලංකාව අද ස්කොට්ලන්තය සමග ගැටේ

Generic placeholder image

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර දෙවන සහ අවසන් එක්දින කි‍්‍රකට් තරගය අද පැවැත්වෙනවා. තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණු අතර අද තරගය පැවැත්වීමට හැකි වුවහොත් එය ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින්ට ලෝක කුසලානයේදී හිිමිවන තණතීරුවලට සමාන තණතීරුවල අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාවක් වනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන්නේ. එමෙන්ම දිමුත් කරුණාරත්න එක්දින තරගයකදී ශී‍්‍ර […]


May
21

පාස්කු ප්‍රහාරයට අදට මාසයයි, දැන් රටේ ආරක්ෂාව තහවුරුයි

Generic placeholder image

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල වී අදට (21) මාසයක් වනවා. ඉකුත් අපේ‍්‍රල් 21 වැනිදා කොළඹ හෝටල් 03කට සහ කොච්චිකඩේ,කටුවාපිටිය සහ මඩකලපුවේ දේවස්ථාන 03කට ත‍්‍රස්තවාදීන් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කරනු ලැබුවා.මෙම ප්‍රහාරයන් හමුවේ ජීවිත 250කට අධික ප්‍රමාණයක් අපේ රටට අහිමි වූ අතර 450කට අධික පිරිසක් තුවාල ලැබුවා. මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ගතවු කාලය තුළ […]


May
20

ජවිපෙන් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක්

Generic placeholder image

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ, හෙට දිනයේ දී මෙම විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට බාර දීමට කටයුතු කරන බවයි.


May
20

කතානායකවරයාගෙන් නිවේදනයක්

Generic placeholder image

කතානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවල බහුතර මන්ත්‍රීවරුන් වෙනුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරවලට සම්බන්ධ ත්‍රස්තවාදී ව්‍යාපාරය 95% ක් විනාශ කර හෝ අත්අඩංගුවට ගෙන ඇතැයි ආරක්ෂක අංශ තහවුරු කර ඇති බවත් අසත්‍ය ප්‍රකාශ නොතකා වෙසක් උත්සව ද විශාල උනන්දුවකින් සැමරීම ගැන සතුටු වන බවත්ය.එබැවින් එම තත්ත්වය තවත් ඉදිරියට […]


May
20

අරලියගහ මැදුරේ බෝධි පූජා පිංකමක්

Generic placeholder image

වෙසක් උත්සවයට සමගාමීව අරලියගහ මන්දිරයේ ඊයේ බෝධි පූජා පිංකමක් පැවැත්වා තිබෙනවා.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූණු මෙම පිංකමට මහජන නියෝජීතයින් රැසක්ද එක්ව සිටියා.


May
20

ඔක්කොම පැරදුණත් ලක්ෂ 175යි – මෙවර ලෝක කුසලාන‍යේදී ඉතිහාසයෙේ වැඩිම තෑගී මුදල් ලැබෙන හැටි මෙන්න

Generic placeholder image

ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම තෑගි මුදල ලබා දීමට මෙවර ලෝක කුසලානයේදී අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන 4ක මුදල් ත්‍යාගයක් පිරිනැමෙනවා. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 70ක් පමණ මුදලක්. පසුගිය 2015 වසරේදී පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත් […]


May
20

සටන් වැදීමට අවශ්‍ය නම් එය ඉරානයේ අවසානය වනු ඇති – අමෙරිකානු ජනපති

Generic placeholder image

ඉරානයට සටන් වැදීමට අවශ්‍ය නම් එය ඉරානයේ අවසානය වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.අමෙරිකානු ජනාධිපතිවරයා ට්විටර් වෙබ් අඩවියට පණිවිඩයක් නිකුත්කරමින් ඉරානයට කියා සිටියේ යළි කෙදිනක හෝ අමෙරිකාවට තර්ජනය නොකරන ලෙසයි. මෙම තත්ත්වය හමුවේ දෙරට අතර මතභේදාත්මක තත්ත්වය තවදුරටත් උග්‍ර වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණා. ජනාධිපති ට්‍රම්ප් මේ වනවිට ඉරානයට එරෙහිව පැනවූ […]


May
20

උත්සවයක් අතරතුරදී ආර්නෝල්ඩ් පා පහරක්

Generic placeholder image

ජනප්‍රිය හොලිවුඩ් නළු, අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාර ආර්නෝල්ඩ් ස්වාසෙනෙගර්ට පුද්ගලයෙකු පහර දී තිබෙනවා.ඒ, දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර ක්‍රීඩා ඉසව්වකට සහභාගී වී සිටියදීයි.එම පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි විදෙස් වාර්තාවල සඳහන්. එම පහර දීම අවස්ථාවේ වීඩියෝව පහතින්..


News Articles
Latest Videos
Most Popular Post