ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටි ඓතිහාසික දේවස්ථානයක් වන Notre-Dame තුළ ඊයේ (15) ගින්නක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර් තිබෙනවා. ශුද්ධ වූ ජේසුතුමාගේ කටු ඔටුන්න මෙම දේවස්ථානයේ තැන්පත් කර තිබූ අතර ප්‍රංශයේ හදවත ලෙස මෙම දේවස්ථානය ලෙස හඳුන්වනවා.
සිංහල හා ඉන්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සුභ පැතුම් එක් කර තිබුණා.
ඇමරිකා බලා පිටත්ව ගිය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ යලි දිවයිනට පැමිනියා. ඔහු ඇමරිකාව බලා පිටත් උනේ එහි පුරවැසිභාවය ඉවත් කර ගැනීමටත් එය සාර්ථක වූ බවත් සඳහන් කර තිබුනා. එමෙන්ම ඔහුව පිලිගැනිම සඳහා විශාල පිරිසක් ගුවන් තොටුපලට පැමින තිබුනා.
අද පස්වරු 2.00 න් පසු සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත් වලටත් කලුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලටත් තරමක තද වැසි ඇති විය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ පැවසුවා.
සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසු එලබෙන සති කිහිපය තුල මරණ දඩුවම නියම කර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 4 දෙනෙකුට පළමුව මරණ දණ්ඩනය කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපතිතුමා තීරණ ගෙන ඇති බව ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර අලුගෝසු තනතුරට ඉකුත් දා සම්මුක පරීක්ෂන තිබුනු අතර ඊට සහභාගී වූ පිරිස අතරින් දෙදෙනෙකු බදවා ගන්නා අතර. සහභාගී වූවන් ඉදිරි දෙසතිය […]
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අද දවසේ මහජනතාවට ගම්බිම් සඳහා යාමට අද දිනයේ විශේෂ බස් හා දුම්රිය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ලංකා ගමනා ගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී.එච්.ආර්.ඞී චන්ද්‍රසිරි පැවසුවේ අද දිනයේ දෛනිකව සිදු කෙරෙන සාමාන්‍ය ගමන් වාරවලට අමතරව අතිරේක ලංගම බස් රථ 250 කට වැඩි ප‍්‍රමාණයක් හා විශේෂ දුම්රිය 19 ක් ධාවනය […]
දෛනිකව 80,000ක්ව පැවැති වාහන භාවිතය උත්සව සමයේ එක්ලක්ෂ දස දහස දක්වා ඉහල ගොස් තිබීම හේතුවෙන් අධිවේගී මාර්ගවල හුවමාරු මාධ්‍යස්ථාන ආශ්‍රිතව ඇතිවන වාහන තඳබදය අවම කිරිම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා නඩත්තු අංශය ප්‍රකාශ කරනවා. මෙහෙයුම් හා නඩත්තු අංශයේ අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා සදහන් කරන්නේ මේ සම්බන්ධයෙන් රියදුරන්ට දැනුවත් වන […]
රුපියල් කෝටි තුනක පමණ වටිනාකිමින් යුතු රත්ත්‍රං බිස්කට් තොගයක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් පිටතට රැගෙන එමින් සිටින විටදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අයිතිකරුවෙක් නොමැති හෙරොයින් මරදානෙන් හමුවී තිබෙනවා. ලැබෙන තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිළධාරින් සිදු කළ විමර්ශනයකදී මෙම හෙරොයින් තොගය සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරනවා. මෙලෙස සොයාගත් හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රැම් 01යි මිලිග්‍රෑම් 30ක්. සැකකරු සොයා පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මකඳුරේ මදූෂ් සමඟ ඩුබායිහිදී සාදයකට සහභාගී වී මෙරටට පිටුවහල් කරන ලද රංගන ශිල්පී රයන් වෑන් රෝයන් අද (11) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
ගම්වාසින් විසින් සිදු කරන ලද පහර දීමකින් මාතර වැලිගම ප‍්‍රදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ති‍්‍රවරියක් ප්‍රතිකාර සඳහා වැලිගම දිසා රෝහල වෙත ඇතුලත්ව කර තිබෙනවා. මෙසේ ප්‍රහාරයට ලක් වී තිබෙන්නේ මිරිස්ස කොට්ඨාසය නියෝජනය කරමින් මෙවර ප‍්‍රාදේශිය සභාවට පත්වුණු වත්සලා දමයන්ති මහත්මියයි. බවුසරයක් මගින් ජලය බෙදිමේ කටයුතුවල නිරතවි සිටින අතරවාරයේ මාතර මිරිස්ස ප‍්‍රදේශයේදි මෙම ප‍්‍රහාරය එල්ල වී […]
අද (11දා) සිට 20 වැනිදා දක්වා කාල තුළ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් සිදුකරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා. පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අත්අඩංගුවට ගන්නා රියැදුරන් අධිකරණවලට ඉදිරිපත් කරන බවයි. ජනවාරි, පෙබරවාරි මාස වල බීමත් රියැදුරන් දහනවදහස් දෙසිය හතළිස් දෙකක් අත්අඩංගුවට ගෙන තිබෙන බව එතුමා සඳහන් කළා.