පාර්ලිමේන්තුවේ විපක්ෂනායක කාර්යාලයේ ශ්‍රී ලංකාවේ විපක්ෂනායක වශයෙන් කටයුතු කළ පුද්ගලයන්ගේ ඡායාරූප ඇතත් මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රථමව විපක්ෂනායක ලෙස කටයුතු කළ ආර්. සම්බන්ධන් මහතාගේ ඡායාරූපයක් එම කාර්යාලයේ නොමැති බව දක්නට ලැබෙනවා. පාර්ලිමේන්තුවේ නව විපක්ෂනායක ලෙස පත්වූ මහින්ද රාජපක්ෂ මහතා අද (22දා) එම කාර්යාලයේදී නිල වශයෙන් රාජකාරී ආරම්භ කරනු ලැබුවා. එහිදී මේ බව දැකගත හැකි වුණා.එදා මෙදා […]
සුදු බීඩි ළඟ තබැගැනීම සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට රුපියල් 5,000/- ක අල්ලසක් 2012 වසරේදී ඉල්ලා, ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ තංගල්ල සුරාබදු නියාමකවරයාට වසර 24 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා එම සිරදඬුවම වසර 08ක කාලයකින් ගෙවී යව අන්දමට ක‍්‍රියාත්මක කරන්නැයි නියම කළා. විත්තිකරුට නියම කළ සිරදඬුවමට අමතරව […]
දැනට මරණ දඬුවම නියමව බන්ධනාගාර ගතකර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනපති පොදු සමාව ලබාදීමේ සූදානමක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළාය. අද (22දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඇය මේ බව පැවසුවා. මත්ද්‍රව්‍ය වලට විරැද්ධව කටයුතු කරන ජනාධිපතිවරයා එලෙස කටයුතු කරන්නේ කෙසේදැයි ගැටළුවක් වී ඇති බවද ඇය පැවැසුවා “දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දිය යුතුයි […]
විපක්ෂ නයක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ පවතින විපක්ෂ නායක කාර්යාලයේදී අද (22දා) සිය වැඩ භාර ගෙන ඇත. මෙම අවස්ථාවට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරු එක්ව සිටියා.
සේනා දළඹුවාගෙන් වගාවට සිදුවූ හානි සඳහා වන්දි ගෙවීමට රුපියල් මිලියන 250ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. අද පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙන්නේ.
කෘෂිකර්මාන්තයට තර්ජනයක් එල්ල කරමින් සිටින සේනා දළඹුවා මැඬලීම සඳහා යුද්ධයකට මුහුණදෙන ආකාරයේ සමාන කැපවීමකින් සහ කාර්යක්ෂමව කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ සඳහා යම් කාල රාමුවක් නිර්ණය කර ගනිමින් ජාතික වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙසත්, රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සහය ඇතිව ඒකාබද්ධ පළිබෝධ නාශක ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමටත් ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා. […]
පන්සලක් අසලට සුනඛ පවුලක් ගෙන දමන තරුණියක් පිළිබඳව අපට ආරංචි වුණා. ඇය විසින් ත්‍රීරෝද රථයකින් පැමිණ මෙම බලු පවුල දමා යන ආකාරය අසල තිබූ සීසීටීවී කැමරාවක සටහන් වී තිබුණා. පහතින් දැක්වෙන්නේ එම දර්ශන ඇතුළත් වීඩියෝ පටයයි. https://youtu.be/wG_FrqwAtTI
ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකර්මාන්තය විනාශ කරමින් දිවයින පුරා වසංගතයක් බවට පත්ව තිබෙන ‘සේනා දළඹුවා’ ශී‍්‍ර ලංකාවට පැමිණ ඇත්තේ ඉකුත් 2018 වසරේ මෙරටට ගෙන්වූ බඩඉරිඟු බීජත් සමඟ යැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබෙනවා. බහු ජාතික සමාගම් තුනක් හරහා මෙරටට බඩඉරිඟු බීජ ගෙන්වනු ලබන අතර ඉන් එක් බහුජාතික සමාගමක් සිය […]
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා යළිත් පත්ව තිබෙනවා
වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කළේ යැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහි අධිචෝදනා කියවා දුන් අවස්ථාවේදී ඊට උත්තරවාද ඉදිරිපත් නොකළ විත්තිකරුවන් මෙම නඩුව විභාග කිරීම සඳහ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට මුලික විරෝධතාවයක් ඉදිරිපත් කළා. […]
හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකාවේ දේශපාලනයේ පවතින සත්‍ය තත්ත්වය පිළිබඳව හෙළි කළාය. හොරගොල්ල, මහජන පුස්තකාල ශ්‍රවණාගාරය ඊයේ (21දා) පැවැති වැඩසටහනකදී ඇය මේ බව prakaasha kaLaa. “අපේ ප්‍රධාන පාසල්වල දරුවෝ ගෙනල්ල අනිත් අයට මත්කුඩු විකුණන තත්ත්වයක් තිබෙනවා. මේක kaagewath වරදක් නෙමෙයි. මුළු සමාජයම පවතින දෙයක්. ප්‍රධානම වැරැද්ද ආණ්ඩුකරන අයගේ. අර මන්ත්‍රීවරු ගහගත්ත හැටි […]
රටට ව්‍යවස්ථාවක් අවශ්‍ය නමුත් අවශ්‍ය වන්නේ කුමන ව්‍යවස්ථාවක්ද යන්න පිළිබඳව ගැටලුවක් පවතින බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොල්ලුපිටිය ජුම්මා පල්ලියේ තිබූ ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව අද (22දා) සඳහන් කළා. මාධ්‍ය නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු දුන් හිටපු ජනපතිවරයා. “අගමැතිවරයා කියනවා මේක ව්‍යවස්ථාවක් නෙමෙයි කියලා. තවත් අය කියනවා කෙටුම්පතක් […]