එළඹෙන නවසීලන්ත තරග, සංචාරය සඳහා, ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා.ඒ අනුව කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිව ඇති අතර, උපනායකත්වය හිමිව ඇත්තේ දිමුත් කරුණාරත්නටයි.කලකට පසු ළහිරු තිරිමාන්නටද කණ්ඩායමේ අවස්ථාව හිමිව තිබිම විශේෂත්වයක්. ශ්‍රී ලංකා සංචිතය පහත පරිදි වේ… දිනේෂ් චන්දිමාල් (නායක) දිමුත් කරුණාරත්න (උපනායක), කුසල් මෙන්ඩිස්, ධනංජයද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, […]
“මම කියපු දේ ජය ගත්තා කියලා බොහෝම කනගාටුවෙන් කියන්න ඕන” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කළේය. අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදි මාධ්‍ය යොමුකළ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. ඔබතුමත් කිව්වනේ බහුතරය නැතිව මේක කරන්න බෑ කියලා? බොහෝම කනගාටුවෙන් කියන්නේ තියෙන්නේ මම කියපු දේ ජයගත්තා කියලා. මොනවගේ සතුටක්ද තියෙන්නේ? සතුටු නෑ කනගාටුයි ඔබතුමා කියපු දේ […]
පාර්ලිමේන්තු කටයුතු නැවතත් එළැඹෙන 5 දා තෙක් කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කළේය. පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේ තීරණයක් අනුව මෙසේ පාර්ලිමේන්තුව කලැ තැබිණ. එදින පෙ.ව. 10.30ට නැවතත් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
ඊයේ ජන්ද විමසීමේදී පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පෙරමුණ සහ අනෙකුත් පක්ෂ වල එකතුවෙන් අගමැති වියදම් කපා හැරීමේ යෝජනාවට පක්ෂව ජන්ද 123ක් ලැබුණා. ඒත් අද ඇමතිවරුන්ගේ වියදම් කපා හැරීමේ යෝජනාවට හිමි උනේ ජන්ද 122ක් පමණයි. අද දවසේ අඩු වූ ජන්දය කාගේද…? අපි ඒ ගැන සියත 24 පාර්ලිමේන්තු වාර්තාකරුවන්ගෙන් විමසා සිටිමේදි දැනගැනීමට ලැබුනේ අද දවසේ එජපයේ සුජීව සේරසිංහ […]
අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ වියදම් මෙන්ම ඔවුන්ගේ කාර්ය මණ්ඩල වියදම් දැරීමට කිසිම ලේකම්වරයෙකුට අවස්ථාවක් නොමැති බවට සඳහන් වූ යෝජනාව ඡන්ද 122කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය. එක්සත් ජාතික පෙරමුණ විසින් මෙම යෝජනාව පාර්ලිමනේතුවට ඉදිරිපත් කළේය.
අගමැති මහින්ද රාජපක්ෂ අද පාර්ලිමේන්තුවෙන් පිටව ඇත්තේ සාමන්‍යය මන්ත්‍රිවරුන් පිටවීමට භාවිතා කරන දොරටුවෙන් බවයි වාර්තා වෙන්නේ. ඒ පාර්ලිමේන්තු පුස්තකාලයේ රනිල් වික්‍රමසිංහ සමග පැවති හමුවීමෙන් පසුවයි. එමෙන්ම මහින්ද රාජපක්ෂගේ නිල රථ සියල්ලම නවතා තිබුණේ පාර්ලිමේන්තුවේ අගමැති ජනපති ආදිය පිටවීමේ විශේෂ දොරටුව ආසන්නයේ උනත් ඒ සියල්ල නැවත මන්ත්‍රීවරු පිටවීමේ දොරටුව අසලට ගෙන්වා ගැනීමට පියවර ගත් බවයි අප […]
මඩකළපුව වවුනතිව් පොලිස් ස්ථානයට අනුයුක්තව මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටියදී වෙඩි තබා ඝාතනය කරන ලද පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය පිළිබඳ විමර්ශනයක් පැවැත්වීමට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරීවරයකුගෙන් සමන්විත කණ්ඩායමක්, පොලිස්පතිවරයාගේ නියෝගයෙන් මඩකළපුව බලා පිටත්ව ගියබව පොලිස් මූලස්ථානය පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ, ගාල්ල උඩුගම පදිංචි වල්පිට ගමගේ ඉන්දික ප්‍රසන්න නිරෝෂන් (35) සහ කල්මුණේ පදිංචිකරුවකු වන ගනේෂ් […]
මඩකළපුව වවුනතිව් පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු අභිරහස් ලෙස මියයාම සම්බන්ධයෙන් කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් පිළිබඳව සැක සංකා මතුවන බව එජාප පාර්ලිමෙන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර අද පාර්ලිමෙන්තුවේදි ප්‍රකාශ කළා.පසුගියදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කරුණා අම්මාන් කළ ප්‍රකාශයක් පදනම් කරගෙන මන්ත්‍රීවරයා මේ බව පැවසුවා. එම ට්විටර් පණිවුඩය මගින් කරුණා අම්මාන් පවසා තිබුණේ එක්සත් […]
රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ අතර විනාඩි කිහිපයක හමුවක් පාර්ලිමේන්තු පුස්තකාලයේදී පවත්වා ඇති බවට අප පාර්ලිමේන්තු වාර්තාකරුවන් ප්‍රකාශ කර සිටියා. මේ හමුවට මන්ත්‍රීවරු කිහිප දෙනෙකුද සහභාගී වී ඇති බවටයි වාර්තා වෙන්නේ.
අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, නියොජ්‍ය අමාත්‍යවරුන් හෝ ඔවුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩල සඳහා කවර හෝ ලේකම්වරයෙකුට බලයක් නොමැති බව සඳහන් කරමින් එක්සත් ජාතික පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා.හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ස්ථිර කලා.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය ධූර දැරීමට විරුද්ධව ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නයි එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානය අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම අද හා 03 වනදා සලකා බැලීමට නියමිතයි.එම පක්ෂ තුනේ මන්ත්‍රීවරුන් 122කගේ අත්සන් සහිතව මෙම පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබුණා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන […]
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් ද්‍රවිඩ ජාතික සන්ධානය හා එක්සත් ජාතික පෙරමුණ විසින් සිදුකිරීමට නියමිත හමුව සඳහා වෙලාවන් වෙන් කර තිබෙනවා.පස්වරු 6 ජනපති හා ඨ්ණැ හමුව පැවැත්වීමට නියමිත අතර පස්වරු 7ට ජනපති හා එක්සත් ජාතික පෙරමුණේ හමුව පැවැත්වෙනවා.