News Line| Off Air
Generic placeholder image

Nov
30

වව්නතිව් පොලීසියේ නිලධාරීන් දෙදෙනෙක් අභිරහස් ලෙස මිය යයි

Generic placeholder image

වව්නතිව් පොලිස් ස්ථානයට අනියුක්ත්ව මාර්ග බාධක රාජකාරියේ යොදවා සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් අභිරහස් ලෙස මියගොස් ඇතැයි පොලීසිය පවසනවා.ඔවුන් දෙදෙනාගේ මෘත ශරීර අද උදෑසන සොයාගෙන ඇති අතර මරණයට හේතුව මෙතෙක් අණාවරණය වි නොමැති බවයි පොලීසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝග මත මඩකලපුව කොට්ඨාසභාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශන ආරම්භ කර තිබෙනවා.


Nov
29

පෙර පැවති රජය පිහිටුවන්න සජිත් ජනපතිගෙන් ඉල්ලයි

Generic placeholder image

පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇත්තේ කා හටද යන්න මේ වන විට සක් සුදක් සේ පැහැදිලි වී ඇති බැවින් ඔක්තෝබර් 26 වැනිදාට පෙර තිබූ රජය යළි පිහිටුවන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියා..වර්තමානයේ දී රටේ පවතින්නේ නිල නොවන ආණ්ඩුවක් බව කී සජිත් ප්‍රේමදාස තවමත් නීත්‍යානුකූල අගමැතිවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ බවද […]


Nov
29

මාරවිල මාරාන්තික අනතුරක් තුනක් මරුට

Generic placeholder image

මාරවිල නාත්තන්ඩිය ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් ඕලන්ද ඇලට පෙරලීමෙන් කාන්තාවන් තුන්දෙනෙකු ජිීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ තවත් පුද්ගලයන් 19දෙනෙකු මාරවිල මූලික රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය සදහන් කලේ. අද පස්වරුවේ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ යාපනයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස්රථයක්. මාරවිල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.


Nov
29

තාජුඩීන් ඝාතන සැකකරුවන් අත්අඩංගුවට ගන්න, අධිකරණය අද නියෝග කරයි

Generic placeholder image

රගර් කී‍්‍රඩක වසිම් තාජුඞීන් ඝාතනය සම්බන්ධයෙන් මිනිමැරීමේ චෝදනාවට සැක කෙරෙන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අද නියෝග කළා. තවද අධිකරණයට දැනට ඉදිරිපත් කර සිටින සැකකරුවන් තුන්දෙනාට මිනිමැරීමේ චෝදනාවක් සදහා සාක්‍ෂි නොමැති නම් තොරතුරු වසන් කිරීමේ චෝදනාව යටතේ ඔවුන්ට නඩු පවරන ලෙසයි මෙහිදී වැඩිදුරටත් නියෝග කෙරුණේ.හිටපු නියෝජ්‍ය පොලිස්පති […]


Nov
29

කතානායක ජනපති හමුව අවසන් ඉක්මන් විසදුමකට ජනපති එකඟ වෙයි | සිදුවූයේ කුමක්ද…? සම්පූර්ණ විස්තරය මෙන්න

Generic placeholder image

රට තුල උද්ගතව පවතින අවුල්සහගත දේශපාලන වාතාවරණය පිළිබඳව ගරු ජනාධිපතිතුමා සහ ගරු කථානායකතුමා හමු වී සාකච්ඡා කර කඩිනම් විසදුමකට එළඹීම යෝග්‍ය බවට අද (2018.11.29) දින පාර්ලිමේන්තුවේ දී පාර්ශව ගණනාවක් සහ පක්ෂ නායකවරු විසින් ද පලකරන ලද අදහස් සැලකිල්ලට ගනිමින් ගරු කථනායකතුමා අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ගරු ජනාධිපතිතුමන් හමුවී සාකච්ඡාවක නිරත විය. සෑම අංශයකින්ම […]


Nov
29

පාර්ලිමේන්තු ගැටුම ගැන සොයන්න චමල් රාජපක්ෂද ඇතුලුව පත්කරපු කමිටුව මෙන්න

Generic placeholder image

පාර්ලිමේන්තුව තුළ පසුගිය 14 , 15,16 යන දිනයන්වලදී ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් අභ්‍යන්තර පුලුල් විර්ශනයන් පැවැත්වීට නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළ බව කථානායක කරු ජයසුර්ය අද පාර්ලිමේන්තුවට දැනුම්දුන්නා. මෙම කමිටුවේ සාමාජිකයින් ලෙස අමාත්‍ය චමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර , චන්ද්‍රසිරි ගජදීර , බිමල් රත්නායක , සහ මාවෙයි සේනාධිරාජා මහත්වරුන් නම්කර තිබේ. […]


Nov
29

එක්සත් ජාතික පෙරමුණේ රජයකට TNA සහය ජනපතිටත් ලිපියකින් දන්වයි

Generic placeholder image

එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කරන රජයකට සහාය ලබාදීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කර තිබෙනවා.ඒ අනුව එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් ඔවුන් අද දිනයේදි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමුකර තිබේ.එම ලිපියේ දැක්වෙන්නේ ඔක්තෝබර් 26 දාට පෙර පැවැති රජය නැවත ස්ථාපිත කිරීම සඳහා සහාය දක්වන බවයි.


Nov
29

මාතර සිද්දියේ ප්‍රධාන සැකකාර සිසුවා පොලිසියට බොරු තොගයක් කියලා

Generic placeholder image

මාතර ඇලවේල්ල පාරේ දී ශිෂ්‍යයෙකු ඝාතනය කිරීම සඳහා යොදා ගත් පිහිය ‍සොයා ගැනීමට මාතර අපරාධ අංශ නිලධාරීන් හා බන්ධනාගාර නිලධාරීන් අද (29) ගත් උත්සාහය අසාර්ථක වී තිබෙනවා. මාතර ශාන්ත තෝමස් කුමර විදුහලේ උසස් පෙළ සිසුවාගේ ඝාතනයට යොදා ගත් පිහිය තිහගොඩ විටියල ප්‍රදේශයේ සගවා ඇති බවට මෙම අපරාධයේ ප්‍රධාන සැකකාර ශිෂ්‍යයා වූ සිතිජ සෞන්දර්ය පැවසීමත් සමග […]


Nov
29

එදා 121 බහුතරය අද 123 වෙන්න වැඩිපුර ජන්දේ දුන්නේ කවුද…? මෙන්න විස්තරේ

Generic placeholder image

පසුගිය දවසක පාර්ලිමේන්තුවේදී බහුතරය බැලීමේදි විපක්ෂයට ආ සංඛ්‍යා අගය 121ක්. නමුත් අද අගමැති වැය ශිර්ෂ වලට එරෙහි යෝජනාවට පක්ෂව ජන්ද 123ක් ලැබී තිබුණා. ඒ පසුගිය දිනයට සාපේක්ෂව මන්ත්‍රී ධූර 2ක වැඩි වීමක්. ඇත්තටම මෙහෙම උනේ කොහොමද..? අපි සියත 24 පාර්ලිමේන්තු වාර්තාකරුවන් පැවසු අන්දමට අද දිනයේ මෙම යෝජනාවට පක්ෂව මන්ත්‍රී වසන්ත සේනානායක තමන්ගේ ජන්දය ලබා දී […]


Nov
29

කතානායක ජනපති හමුවෙන්න යයි

Generic placeholder image

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ කතානායක කරූ ජයසූරිය මහතා අතර විශේෂ හමුවක් අද (29) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ සිදුකළ ප‍්‍රකාශය සහ එයට කථානායකවරයා දැක්වූ ප‍්‍රතිචාර මත පදනම්ව මෙම හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීම නියමිතය.


Nov
29

කූඹියෝ රචකයා ගැන තොරතුරු සොයන්න පොලීසිය මහජන සහය පතයි

Generic placeholder image

අතුරුදන් වූ සාගර චන්ද්‍රසිරි සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතනවා. වැලිකඩ පොලිස් වසමේ අංක 63, පාසල් මාවත, නාවල රාජගිරිය පිලිනයේ පිහිටි කුලී නිවසේ පදිංචිව සිටි අංක 883බී, සේනානායක මාවත, වන්නියන්කුලම අනුරාධපුරය ලිපිනයේ පදිංචි ජයලත් ආරච්චිලාගේ දොන් දමිත සාගර චන්ද්‍රසිරි ඉකුත් ඔක්තෝබර් මස 24 වැනිදා සිට ආගිය අතක් නොමැති බව පවසමින් ඔහුගේ මිතුරෙකු ඊට දින […]


Nov
29

පොලිස් ලොක්කන් 45කට ස්ථාන මාරු

Generic placeholder image

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරීවරුන් 06 දෙනකු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 35 දෙනකු ස්ථාන මාරු කළ බව පොලිස් මූලස්ථානය කියයි.ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් ලැබුණු අනුමැතිය අනුව මෙම ස්ථානමාරුවීම් කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. මීට පෙර මේ ආකාරයටම පොලිස් අධිකාරීවරුන් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 50කට ආසන්න සංඛ්‍යාවක් පොලිස්පතිවරයා විසින් ස්ථාන මාරු කරනු ලැබූ අතර […]


News Articles
Latest Videos
Most Popular Post