මේ වනවිට ගාල්ල ක්‍රීඩාපිටියේදී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තමන්ගේ අවසන් තරගයට සහභාගී වෙන රංගන හේරත් පලමු කඩුල්ල ලබා ගත්තා. ඒ එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට්ගේ කඩුල්ලයි. මේ වන විට තරගයේ ලකුණු පුවරුව පහතින්..
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (05දා) කොළඹ ජන මහිමය රැළියේදී දැක්වූ අදහස් සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ට්විටර් ගිනුමෙන් අදහස් දක්වා තිබෙනවා. තමන් සමග කුමනාකාරයක පෞද්ගලික ගැටලු පැවැතියත් නීතිවිරෝධී හා සදාචාර විරෝධී කටයුතු කරමින් ශ්‍රී ලංකාව ව්‍යවස්ථාමය අර්බුදයකට ලක්කිරීමට ඉඩ දිය නොමැකි බව එතුමා තම ටුවිටර් ගිණුම හරහා දක්වා තිබුණා.
සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කා මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබෙනවා. ඔහු දැරූ නියෝජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත්ව මෙසේ එක්සත් ජාතික පක්ෂයට එක්වූ බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි. එසේම ඉදිරියේදී තවත් පිරිසක් එක්වීමට නියමිත බවද මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසා තිබෙනවා. මේ බව ඔහු සඳහන් කළේ තම ටුවිටර් ගිණුම ඔස්සේයි.
එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකයින්ගේ රැස්වීමක් හිටපු අගමැතිගේ ප්‍රධානත්වයෙන් මේ මොහොතේ අරේලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා. මෙම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව සියත 24 අපට වාර්තා වුණා. මේ පිළිබඳව ඉදිරි තොරතුරු සියත FM පුවත් සහ සියත 24 වෙබ් අඩවියෙන් බලාපොරොත්තු වන්න.
කාර්යබහුල නොවන කාලයන්හිදීද කොළඹ – ලන්ඩන් ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2011/12 මූල්‍ය වර්ෂයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 41 ක පාඩුවක් සිදු වූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සැලසුම් කළමනාකරණ ප්‍රධානි සුමුදු ප්‍රියංක උපතිස්ස මහතා ඊයේ (05 දා) ශ්‍රී ලංකන් – මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පවසා තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සංවිධානය අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මේ එම සාකච්ඡාවේදී හුවමාරු කරගත් කරුණු පිළිබඳව මාධ්‍යට අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා. https://www.facebook.com/jvpsrilanka/videos/735584246796385/
අද (06) සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශි‍්‍ර ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වනවා. ඒ, ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රඩාංගණයේදීයි. මෙම තරඟය ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්වී තිබෙන තරඟයක් වනවා. ඊට හේතුව ටෙස්ට් ක්‍රිකට් පිටියේ ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම වමත් දඟපන්දු යවන්නා ලෙස සැලකෙන රංගන හේරත් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ සහභාගී වන අවසන් තරගය මෙය වීම […]
ඊයේ ජනමහිමය ජන රැලිය අවස්ථාවේදී ජාතික ගීය වාදනය වෙමින් තිබෙන අතරතුර සියලු දෙනාම සීරුවෙන් සිටියදී ජනාධිපති තුමන් විසින් අත වනන සිද්ධියක් සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ දැකගන්නට හැකි වුණා. ජනාධිපති තුමාගේ මෙම ක්‍රියාව අගමැති විසින් එම අවස්ථාවේ නිවැරදි කර තිබෙනවා.
හිටපු අමාත්‍යය මංගල සමරවීර මහතා තම ට්වීටර් ගිණුමේ ”ජනාධිපති තුමනි… කූඩැල්ලෙක් වීමට වඩා සමනලයෙක් වීම වඩාත් ගෞරවාන්විතයි ” යනුවෙන් සටහනක් තබා තිබුණා.
පසුගිය ආණ්ඩුවේ තීන්දු තීරණ ගත්තේ රනිල් වික්‍රමසිංහ ඇතුළු සමනල රෑනක් විසින් බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා චෝදනා කර සිටියා. ඒ ජන මහිමය ජන රැලිය අමතමින්, තවමත් මේ සම්බන්දයෙන් ජනපති රැලිය අමතමින් සිටිනවා.එතුමානන්ගේ සම්පූර්ණ කතාව සියත 24 තුලින් බලාපොරොත්තුවන්න.
ජන මහිමය ජන රැලිය අමතමින් නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ ආකාරයට අදහස් පළ කර සිටියා. “අපි වෙන්වෙලා හිටියා නොයෙක් දේවල් එකිනොකට කියා ගත්තා. මේ අවස්ථාවේදි ජනධිපතිවරයා මේ රටේ ජනතාවගේ තීන්දුව පිළිඅරගෙන රට වෙනුවෙන් වගකියයුතු තීන්දුව ගැනීම ගැන ස්තූතිය ප්‍රකාශ කරනවා.මේක භාරදූර කාර්යයක්. මම ජනාධිපතිවරයා ලෙස හිටියනම් මේ දේ කරන්නේ නෑ කියලා මම එතුමට කිව්වා. […]