අගමැති ධූරයේ නිත්‍යානුකූලව කටයුතු කිරීමේ බලය හිමි වන්නේ කාටද යන්න පිළිබඳව කථානායකතුමන් අමතා නීතිපතිවරයා විසින් පැහැදිලි කිරීමක් යොමු කර ඇති බවත්, එම පැහැදිලි කිරීම කථානායකතුමන් විසින් අනාවරණය නොකරන බවටත්, 2018.10.29 වන දින ඇතැම් පාර්ශ්වයන් විසින් කර ඇති ප්‍රකාශයන් කෙරෙහි අවධානය යොමුව ඇති බව කථානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා. එම ප්‍රකාශයන් සහ ඒ ඇසුරින් […]
ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය තවත් ඉහල ගිහින් තියෙනවා. මේවෙනකොට එහි අගය දැක්වෙන්නේ 176.25ක් ලෙසයි.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩිකිරීමේ යෝජනාව පිලිබදව වතු සමාගම් බලදාරින් සමග හෙට සාකච්ඡා කරන බව නව රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා ප්‍රකාශ කර සිටියා. එතුමා තව දුරටත් ප්‍රකාශ කර සිටියේ මේ සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේද සහය හිමිවන බවයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුලූ මොහොතකට පෙර මුදල් හා ආර්ථීක කටයුතු අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගත්තා ඒ මුදල් හා ආර්ථීක කටයුතු අමාත්‍යාංශයේදීයි පෙරවරු 09 යි 52 ට යෙදුණු සුබ මොහොතින් අග්‍රාමාත්‍යවරයා නව අමාත්‍ය ධූරයේ දිව්රුම් දුන්නේ මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මධ්‍යයේයි නව අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා සිය කාර්යය මණ්ඩලය අමතනු ලැබුවා […]
අද පෙරවරු 09.52ට යෙදුණු සුබ මොහොතින් වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ නව මුදල් හා ආර්ථීක කටයුතු ඇමති ලෙස වැඩ භාර ගත්තා.
අදත්(31) කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. ඔවුන් එක්සත් ජාතික පක්ෂයෙන් අලුතින් එකතුවෙන මන්ත්‍රීන්ද නැතහොත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසක්ද යන්න තවමත් තහවුරුකර නැහැ.
උඩවලවේ රක්ෂිතයේ මුවන් ඝාතනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගැනීමට යාමේදී දෙපාර්ශවය අතර සිදු වූ වෙඩි තැබීමකින් එක් සැකකරුවෙකු තුවාල ලබා තිබෙනවා. පොලිසිය සදහන් කළේ අද අලූයම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔවුන් පොලිස් නිලධාරීන් වෙත වෙඩි ප‍්‍රහාර එල්ල කර ඇති බවයි. විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඊට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කිරීමේදී […]
අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණයක් අරන් නැහැ කියලා විපක්ෂනායක ආර්. සම්බන්ධන් පවසනවා. ආණ්ඩුව පවත්වාගෙන යන්න සහාය ලබාදෙන්නැයි මහින්ද රාජපක්ෂ තමාගෙන් ඉල්ලීමක් කළ බවත්, තමන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා.
නීති විරෝධී හා අනාරක්ෂිත අන්දමින් නිවසක ගබඩා කර තිබූ ඩෙටනේටර්, ඇමෝනියම් නයිට්‍රේට් සහ ඩයිනමයිට් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බළකායේ සූරියවැව කඳවුරේ නිලධාරින් විසින් අද (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා හම්බන්තොට පොලිස් වසමේ පහළ අන්දරවැව ප්‍රදේශයේ නිවසක මෙලෙස අනාරක්ෂිත අන්දමින් පුපුරණ ද්‍රව්‍ය ගබඩා කර තිබිණි. විදුලියෙන් ක්‍රියාකරන ඩෙටනේටර් නවසිය විස්සක් (920), […]
අද අරලියගහ මන්දිරය අසල පැවති උත්ඝෝෂණයට සහභාගී වූ එක්සත් ජාතික පක්ෂයේ රවී කරුණානායක රැළිය අමතමින් ”මටත් පක්ෂය හිරිහැර කළා. ඔබටත් හිරිහැර කළා. අපි දැන් ඒක අමතක කරමු. අපි එකතුවෙමු. අපි පසුපෙළ මන්ත්‍රීවරු හා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු සමග බලය ලබාගමු. අපි මේ ගැන බලාගෙන හිටියේ” යැයි පැවසීය.
දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්වයේ වැඩි වීමක් හෙට සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එම දෙපාර්තමේන්තුව සදහන් කළේ උතුර උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ති්‍රක්කයේත් ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවයි අකුණු මගින් සිදු වන අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් […]
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය එළඹෙන 16 වැනි දා උත්සවාකාරයෙන් ආරම්භ කරන බව රජයේ සම මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ පවසනවා.නිල වශයෙන් පාර්ලිමේන්තුව ආරම්භ කරන එදින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බව ද ඇමැතිවරයා සඳහන් කලා. එමෙන්ම එදින සිදුවන්නේ පාර්ලිමේන්තුව නිල වශයෙන් ආරම්භ කිරීමක් පමණක් බව කී ඇමති මහින්ද සමරසිංහ පනත් හෝ වෙනත් දේ ඉදිරිපත් වන්නේවත් බහුතරය […]