රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් මතුව ඇත්නම් ඒ පිළිබදව සියලූ තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉල්ලා සිටිනවා. එම තොරතුරු පදනම් කර ගනිමින් අවශ්‍ය පියවර ගැනීමට තමන් සුදානම් බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කලේ. තමා සෞඛ්‍ය අමාත්‍යධූරයට පත්වන විට ඖෂධ වර්ග 49 -70 අතර ප්‍රමාණයක හිඟයක් දිනපතාම පැවැති බවත් එම හිඟය මගහරවා […]
රජයේ හෙද නිළධාරීන්ගේ සංගමය ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වල පිහිටි රෝහල් වල වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ හිඟ අතිකාල නොගෙවීමට විරෝධය පල කරමින්. අද පෙරවරු 07 ට ආරම්භ කල වැඩ වර්ජනය හෙට පෙරවරු 07 දක්වා ක්‍රියාත්මකයි. පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය ඊයේ වයඹ පළාතේ එක් දින වැඩ වර්ජනයක නිරත වුණා. මේ […]
රත්රන් කිලෝ 20 ක් නීති විරෝධී ලෙස දිවයිනට රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ගුුවන් තොටුපොල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. අද අලූයම දිවයිනට පැමිණි පුද්ගලයෙකු පිළිබදව සැක සිතූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් සැකකරු පරීක්ෂා කර තිබුණා. එහිදී ඔහුගේ ඇදුමේ සගවා තිබූ රත්රන් තොගය සෙයා ගත් බවයි පොලීසිය පැවසුවේ. එම රත්රන් තොගයේ වටිනාකම රුපියල් […]
ත්‍රස්ත කටයුතු වලට සම්භන්ධ බවට සැක පිට ශ්‍රී ලාංකිකයෙක් ඔස්ටේ්රලියානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ සිඞ්නි නුවරදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාද්‍ය වාර්තා කලේ. ඔහු සතුව තිබී ත්‍රස්ත ප්‍රහාර දියත් කිරීමට සැළසුම් කල ස්ථාන ඇතුළත් වාර්තාවක් ද සොයා ගෙන තිබෙනවා. එම ස්ථාන සිඞ්නි නුවර පිහිටි ජනාකීර්ණ ස්ථාන බවයි ඔස්ටේ්රලියානු ආරක්ෂක අංශ […]
මත්කුඩු ළග තබා ගත් පුද්ගලයෙකු හා ඊට අධාර අනුබල ලබා දුන් පුද්ගලයින් දෙදෙනෙකු ඔරුවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිළධාරීන් විසින්. වැටලීමේ දී හෙරොයින් ග්‍රෑම් 10 යි මිලි ග්‍රෑම් 100 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහුගෙන් කල ප්‍රශ්න කිරීම් වලින් පසු ඊට අධාර අනුබල ලබා දුන් තවත් දෙදෙනෙකු අත්අඩංගුවට […]
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු හෝමාගම සහ බණ්ඩාරවෙල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් කළ වැටලීමකදීයි. සැකකරුවන් සතුව තිබී ටී 56 ගිනි අවියක් පතොරම් 24 ක් සහ මයික්‍රො වර්ගයේ පිස්තෝල සදහා භාවිත කරන පතොරම් 05 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් 35 හැවිරිදි සහ 36 හැවිරිදි හෝමාගම සහ බණ්ඩාරවෙල […]
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ චෝදනා හා වරෙන්තුවේ පිටපත් ඔහු වෙත ලබාදීම සඳහා නීතිපතිවරයා විසින් නියෝග කර තිබෙනවා. ඒ බව අද අධිකරණයට දැනුම් දුන්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින්. මහ බැංකු අධිපතිවරයා ඉල්ලා ඇති ලේඛන ඔහු වෙත මුදාහැරීම සඳහා විරුද්ධත්වයක් නැති බව ජාත්‍යන්තර පොලිසිය වෙත දැනුම් දුන් බවයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. මේ […]
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතමා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද්විපාර්ශ්වික මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ඒ නේපාලයේ කත්මණ්ඩු නුවරදීයි. ශ්‍රී ලංකා මියන්මාර ජනාධිපතිවරුන් අතර ද අද සාකච්ඡා පැවැත්වුණු අතර එහිදී එකග වී ඇත්තේ ශ්‍රී ලංකා – මියන්මාර් ඒකාබද්ධ වෙළඳ ගිවිසුම නැවත සකී‍්‍රය කර ගනිමින් දෙරට අතර ආර්ථික සහ වෙළඳ සබඳතා ශක්තිමත් කර ගැනීමටයි. නුදුරු […]
ශී‍්‍ර ලංකා සිංගප්පූරු වෙළද ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත් පත් කල විද්වත් කමිටුව අද යලිත් රැස් වුණා. ඒ් එම කමිටුවේ සභාපති මහාචාය ඩබ්ලිව් ඞී ලක්ෂ්මන් මහතාගේ ප්‍රධානත්වයෙන්. එම ගිවිසුම සම්බන්ධයෙන් ජනතාව ලබා දුන් ලිඛිත යෝජනා පිලිබදව එහිදී සාකච්ඡාවට ලක් කර තිබෙනවා. ගිවිසුම සම්බන්ධයෙන් සිය කමිටුවේ වාර්තාව මාස 2ක් තුල ජනාධිපතිතුමා වෙත භාර දෙන බවයි මහාචාර්්‍ය […]
ශ්‍රී ලංකා – මියන්මාර් ඒකාබද්ධ වෙළඳ ගිවිසුම නැවත සකී‍්‍රය කර ගනිමින් දෙරට අතර ආර්ථික සහ වෙළඳ සබඳතා නව මාවතක් ඔස්සේ ශක්තිමත් කර ගැනීමට දෙරටේ රාජ්‍ය නායකයෝ එකඟ වී තිබෙනවා. ඒ ශ්‍රී ලංකා මියන්මාර ජනාධිපතිවරුන් අතර අද කත්මණ්ඩු නුවරදී පැවති සක්ච්ඡාවේදීයි. ශ්‍රී ලංකාව මියන්මාරයේ අවංක මිතුරෙකු ලෙස ජාත්‍යන්තර වේදිකාවේදී අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට කටයුතු කරන බව […]
අනුරාධපුර නගරයට පානීය ජලය අඛණ්ඩව සැපයීම සඳහා ජල මට්ටම පහත වැටී ඇති අනුරාධපුර නුවර වැවට මහවැලි ජලය නිකුත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ අනුරාධපුර නුවර වැව් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුවයි. පවතින වියළි කාළගුණයත් සමග අනුරාධපුර නුවර වැවේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් නගරයේ පානීය […]
ලබුදුව උසස් තාක්ෂණ ආයතනය තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ එහි සිසුන් දෙපිරිසක් අතර ඊයේ ඇති වූ ගැටුමෙන් අනතුරුවයි. තොරතුරු තාක්ෂණ අංශයේ සිසුන් සහ ඉංජිනේරු අංශයේ සිසුන් පිරිසක් අතර මෙම ගැටුම හට ගෙන තිබුණා. ගැටුම අතරතුරදී තාක්ෂණ අංශයේ සිසුන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ප්‍රතිකාර සදහා ඔවුන් ඇතුළත් කලේ කරාපිටිය රෝහලටයි. ගැටුමට සම්භන්ධ කිසිවෙක් මේ වන තෙක් […]