News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
13

පිටරට සල්ලි එක්ක 3 දෙනෙක් කටුනායකදී කොටු වෙයි.

Generic placeholder image

නීති විරෝධී ලෙස විදෙස් මුදල් තොගයක් දිවයිනෙන් රැගෙන යෑමට උත්සාහ කල පුද්ගලයින් තුන් දෙනෙකු කටුනායක ගුවන් තොටුපොලේදී රේගු නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඩුබායි බලා යාමට අද ගුවන් තොටුපොලට පැමිණි අවස්ථාවේ දීයි. අදාළ පුද්ගලයින් පිළිබදව සැක සිතූ රේගු නිළධාරීන් ඔවුන්ගේ ගමන් මලූ පරීක්ෂා කර තිබුණා. එහි තිබී ඇමරිකානු ඩොලර් යුරෝ හා සෞදි රියාල් නෝට්ටු […]


Jul
13

ධිවරයින් යළිත් ඉන්ධන සහන ඉල්ලයි.

Generic placeholder image

ධීවර ප‍්‍රජාවට ඉන්ධන සහන ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී විරෝධතා මාලාවක් පැවැත්වීමට සූදානම් බවසමස්ථ ලංකා ධීවර සම්මේළනය පවසනවා. එහි ජාතික සංවිධායක රත්න ගමගේ මහතා සදහන් කලේ ඞීසල් මිල ඉහල යාම හේතුවෙන් ධීවර ජනතාව අපහසුතා රැසකට මුහුණ පා ඇති බවයි. ඉන්ධන මිල සූත‍්‍රය අනුව ඉන්ධන පහල මිල යන අවස්ථා වලදී එම සහනය ලබා දීමට රජය විසින් කටයුතු […]


Jul
13

කතරගම ඇසල පෙරහැර මංගල්‍ය අදින් ඇරඹෙයි.

Generic placeholder image

ඓතිහාසික රුහුණු මහ කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය අද ආරම්භ වනවා. අද රාති‍්‍ර 7 45 ට යෙදෙන සුබ නැකතින් සෙත් පිරිත් මධ්‍යයේ ආරම්ම්භ වන පෙරහර ප‍්‍රධාන වීදිය ඔස්සේ වල්ලිඅම්මා දේවාලය වෙත ගමන්කොට පෞරාණික පුද සිරිත් ඉටු කිරීමෙන් පසු නැවත වීදි ඔස්සේම මහා දේවාලයට ගෙවැදීමට නියමිතයි. අලි ඇතුන් උඩරට පහතරට සබරගමු නැටුම් හින්දු සංස්කෘතිාකාංග සහ ගිනිකෙළි […]


Jul
12

තායිලන්ත අගමැතිවරයා පිළිගැනීමේ උත්සවය ජනාධිපති කාර්යාලයේදී.

Generic placeholder image

දිවයිනට පැමිණි තායිලන්ත අග‍්‍රාමාත්‍ය ජෙනරාල් ප‍්‍රයුත් චන් ඕචා පිළිගැනීමේ රාජ්‍ය උත්සවය මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යයාලයේදී පැවැත්වෙනවා. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. තායිලන්ත විශේෂ ගුවන් යානයකින් අද පස්වරුවේ දිවයිනට පැමිණි තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයා පිිළිගනු ලැබුවේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් දෙදින නිල සංචාරයක් සඳහා තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණියේජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනයකට අනුවයි. සංචාරය අතරතුරදී […]


Jul
12

චිත‍්‍රපට සංස්ථාවට එරෙහිව නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ලබන 25 වනදා දක්වා දීර්ඝ කෙරේ.

Generic placeholder image

චිත‍්‍රපට බෙදාහැරීමේ කටයුතු ජාතික චිත‍්‍රපට සංස්ථාවට පවරාගැනීමට ගෙන ඇති තීරණය අත්හිටුවමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ලබන 25 වනදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය තීරණය කර තිබෙනවා. කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු අමිල රත්නායක මහතා මෙම නියෝගය ලබාදී ඇත්තේ චිත‍්‍රපට බෙදාහැරීම සිදුකළ පෞද්ගලික සමාගම් 04ක් විසින් ගොනු කර තිබූ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි. දෙපාර්ශවය […]


Jul
12

දේශිය ඉන්ධන මිල අසාමාන්‍ය ආකාරයෙන් ඉහල යාම ගැන හිටපු ජනපතිගෙන් නිවේදනයක්.

Generic placeholder image

දේශිය ඉන්ධන මිල අසාමාන්‍ය ආකාරයෙන් ඉහල යාමට හේතුව වත්මන් ආණ්ඩුව විසින් පැහැදිලි කර යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා සදහන් කරන්නේ නව ඉන්ධන මිල වැඩිකිරීම සාධාරණීකරණය සදහා ආණ්ඩුව විසින් මිල සූත‍්‍රයක් පිලිබදව ප‍්‍රකාශ කලද කිසිවෙකු එවැන්නක් මෙතෙක් දැක නොමැති බවයි. වත්මන් ආන්ඩුව ඉන්ධන මිල නිරතුරුව ඉහල පහල දමමින් […]


Jul
12

බෝග වගාවන් සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම ගැන ජනපතිගේ අදහස.

Generic placeholder image

බෝග වගාවන් සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සදහා ක‍්‍රියාමාර්ග ගත යුතු බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කලේ මහනුවර ප‍්‍රදේශයේ පැවති ග‍්‍රාමශක්ති ජනතා ව්‍යපාරයේ මධ්‍යම පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම අමතමින්. මේ අතර බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ ඉදිකරන ලද බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිලි සංකීර්ණය අද ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. SIYATHA EVENING NEWS […]


Jul
12

මරණ දඬුවම ගැන විද්වත් මත පළවෙයි.

Generic placeholder image

මත්ද්‍රව්‍ය ජාවාරම් පාලනය සදහා රටේ නීතිය ක‍්‍රියාත්මක කල යුතු බව මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල් කුඹුරේ ශ‍්‍රී විමලධම්ම හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප‍්‍රකාශ කලේ අද පස්වරුවේ මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් සිදු කරමින්. මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී බන්ධනාගාරගතව සිටියදී තවදුරටත් එම ජාවාරම් වල නිරත සිරකරුවන්ට පොලිස් වාර්තා මත පදනම්ව මරණ දඬුවම ක‍්‍රියාත්මක […]


Jul
12

රියදුරු බලපත‍්‍ර ලබා ගැනීමේ ලිඛිත පරීක්ෂණය අද සිට ටච් ක‍්‍රමයට

Generic placeholder image

රියදුරු බලපත‍්‍ර ලබා ගැනීමේ ලිඛිත පරීක්ෂණය සඳහා ටච් ක‍්‍රමය හෙවත් පරිගණක ස්පර්ශ තිර ක‍්‍රමය අද සිට ක‍්‍රියාත්මක බව මෝටර්රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කලේ මෙතෙක් පැවති පැරණි ක‍්‍රමය අනුව රියදුරු බලපත‍්‍ර ලබා ගැනීම සඳහා ලිඛිත පරික්ෂණයට පෙනී සිටි අයදුම්කරුවන්ට සිදු වු අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින් එම පියවර ගත් බවයි. ඒ අනුව ප‍්‍රථම අදියර යටතේ […]


Jul
12

මූලගිරි රාජ මහ විහාරස්ථානයේ නිධන් වස්තු කොල්ල කයි.

Generic placeholder image

පැල්වත්ත හිගුරුකඩුව මාර්ගයේ පිහිටා ඇති මූලගිරි රාජ මහ විහාරස්ථානයේ හිටි පිළිමයේ ශීර්ෂය බිඳ එහි තිබූ නිධන් වස්තු කොල්ලකා තිබෙනවා. පසුව විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ කළ පැමිණිල්ලකට අනුව බුත්තල පොලීසිය විසින් මීට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරු ඔක්කම්පිටිය ප‍්‍රදේශයේ පදිංචි හතලිස් දෙහැවිරිදි වියේ පසු වන පුද්ගලයෙක්. නිදන් වස්තු සොරකම් කර වැල්ලවාය […]


Jul
12

තායිලන්ත අගමැති අද ලංකාවට.

Generic placeholder image

දෙදින නිළ සංචාරයක් සඳහා තායිලන්ත අග‍්‍රාමාත්‍ය ප‍්‍රයුත් චන් ඕචා අදපස්වරුවේ දිවයිනට පැමිණෙනවා. ඒ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ආරාධානයකට අනුවයි. සංචාරය අතරතුරදී තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයා, ජනාධිපතිතුමා, අග‍්‍රාමාත්‍යවරයා ඇතුලූ රජයේ ඉහළ පෙලේ නිළධාරීන් හමුවීමට නියමිතයි. එහිදී ශ‍්‍රී ලංකාව හා තාලියන්තය අතර පවතින සබඳතා වර්ධනය කිරීම සඳහා වන ද්වී පාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇතී. තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය තුළදී දෙරට […]


Jul
12

කල්පිටියේ දෙදරු මවක් අතුරුදහන්.

Generic placeholder image

කල්පිටිය ප‍්‍රදේශයේ දෙදරු මවක් අතුරුදන් බවට කල්පිටිය පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. අතුරුදහන්වී ඇත්තේ කල්පිටිය-කන්දකුලිය ප‍්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි දෙදරු මවක්. පසුගිය 06 වැනිදා රාත‍්‍රියේ මීගමුව ප‍්‍රදේශයේ හෝටලයක පවත්වා ඇති සාදයකට සහභාගි වීම සඳහා මෙම කාන්තාව ඇයගේ දරුවන් සහ ස්වාමි පුරුෂයා සමඟ ගොස් තිබෙනවා. සාදය 07 වැනිදා අළුයම දක්වා තිබී ඇති අතර සාදය අවසානයේදී තම […]


News Articles
Latest Videos
Most Popular Post