තායිලන්ත ආයෝජකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විශේෂ ආයෝජන හා කර්මාන්ත කලාපයක් පිහිටුවීමට තායිලන්තය සහ ශ්‍රී ලංකාව එකඟත්වයකට පැමිණ තිබෙනවා. ඒ අද අරලියගහ මන්දිරයේ දී තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චන් ඔ චා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ප්රමුඛ දෙරටේ නියෝජිතයින් අතර පැවැති සාකච්ඡුාවේදීයි. ද්විපාර්ශවික සහයෝගයෙන් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරලීම සඳහා එක්ව කටයුතු කිරීමටද එහිදී එකගතාවයට පැමින තිබෙනවා. […]
ජනාධිපති හිටපු කාර්යමණ්ඩල ප්‍රධානියා වන ආචාර්ය අයි.කේ.මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල අවස්ථාවේදීයි. රුපියල් කෝටි 10ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක මුදලක් ලබා ගැනීම ඔවුන්ට එල්ල වී ඇති චෝදනාවයි. පුද්ගලික සමාගමක් […]
සාම්පූර් වෙරළ තීරයෙන් තීබීරුපියල් මිලියන 66 ක වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ 5 යි ග්‍රෑම් 550 ක් හමු වී තිබෙනවා. ඒ පොලීසිය වෙත ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදී. පොලීසිය පැවසුවේ එම හෙරොයින් පාර්සල් 21 ක් ලෙස හමුවූ බවයි. පොලීසිය සදහන් කලේ සැකකරු සොයා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බව යි. සෙරුවාවිල ප්‍රදේශයේ දී හෙරොයින් […]
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි. විග්නේෂ්වරන් මහතා ඊයේ සිදු කල ප්‍රකාශට සම්බන්ධයෙන් ඔහුට උපරීම දඬුවම ලබා දිය යුතු බව අමාත්‍ය ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ අද කොළඹ පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්. SIYATHA EVENING NEWS | 06:30 PM | Editor : Amila Udaraka
“ගාල්ල කරාපිටිය රෝහලේ හෘද සැත්කම් නවතියි”යන ශිර්ෂපාඨය යටතේ අද දින ජාතික පුවත්පත් වල අද දින පළ කර තිබූ ප්රවෘත්තීයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මේ වන තෙක් එම රෝහලේ කිසිදු හෘද ශල්‍යකර්මයක් නතර කර නොමැති බවට එහි අධ්යක්ෂවරයා දැනුමි […]
පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය යාපනය ප්‍රදේශයේදී සිදුකල ප්‍රකාශයේ සිංහල සහ දෙමළ ලිඛිත පරිවර්ථනය ලබා දෙන ලෙස රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට අධිකරණය මගින් නියෝග කර තිබෙනවා. ඒ එම ප්‍රකාශයට එරෙහිව පොලීසියට ඉදිරිපත් වී ඇති පැමිණිලි වලට අදාල නඩු විභාගය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ සලකා බැලූ අවස්ථාවේදීයි. අදාල හඩ පට පරීක්ෂා කර එහි […]
බදුල්ල හල්දමුල්ල වන්ගෙඩිගල කන්දේ ඇතිවූ ගින්නට හසුවූ පුද්ගලයන් 10 දෙනෙකුගේන් යුත් කදුනැගීමේ කණ්ඩායම මීට සුලූ මොහොතකට පෙර නිරුපද්‍රිතව බේරාගෙන තිබෙනවා. ඒ යුධ හමුදාව පොලීසිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ හල්දමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්්‍යාලයේ නිලධාරීන් එක්ව සිදු කල මෙහෙයුමකදීයි. බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක එම් ඒ උදයකුමාර මහතා සියත ප්රවෘත්තී වෙත කියා සිටියේ එම කණ්ඩායමේ කිසිවෙකුට […]
දුම්රිය තුළ අනවසර ලෙස වෙළෙඳාම් කළ සහ සිඟමන් යැදීම සම්බන්ධයෙන් පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දුම්රිය ආඥා පනතේ 12 වන වගන්තිය යටතේ මගීන්ට හිරිහැර කිරීමේ චෝදනාව යටතේ ඔවුන්ට නඩු පවරා ඇති බවයි. දුම්රිය තුළ සහ දුම්රිය ස්ථානවල අනවසර වෙළෙඳාම් කිරීම සහ සිඟමන් යැදීම පසුගිය පළමු වනදා සිට ක්‍රියාත්මක වනවා. දුම්රිය […]
තණමල්විල ගල්වල යාය ප්‍රදේශයේ ජනතාව මේ වන විට උද්ගෝෂණයක නිරත වනවා. ඒ දීර්ඝ කාලයක සිට පවතින ජල ගැටලූවට විසදුමක් ඉල්ලමින්. බීමට ජල පොදක් සොයා ගැනීමට කිලෝමීටර් ගනනාවක් ගමන් කිරීමට තමන්ට සිදු වන බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. මේ පිළිබදව අවස්ථා කිහිපයකදීම බලධාරීන් දැනුවත් කල ද විසදුමක් නොමැති බවයි ඔවුන් පවසන්නේ. වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් […]
ගජමුතු සහිත අත් පළදනාවක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු බේරුවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බේරුවල පොලීසියට ලද තොරතුරකට අනුව කල වැටලීමකදීයි. ගජමුතු සහිත අදාළ අත් පළදනාව අලෙවි කරන බවයට පොලීසියට තොරතුරක් ලැබී තිබුනා. ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක වුනේ උපාය දූතයන් යොදා ගනිමින්, අදාළ අත් පළදනාව මිළදී ගන්නා මුවාවෙන් ගිය පොලිස් නිළධාරීන් සැකකරුවන් […]
වතුකරයට හෙරොයින් මත්ද්‍රව්‍යය අලෙවි කරන ජාවාරම්කරුවෙකු හැටන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ඊයේ අත්අඩංගුවට පත් වුනේ මත් කුඩු රැුගෙන බස් රථයක ගමන් කරමින් සිටියදීයි. ඒ අනුව ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව හෙරොයින් මිලිග්රුම් 700 තිබු බවයි පොලීසිය පැවසුවේ. එම මත් කුඩු කුඩා පැකට් වල අසුරා තිබුණා. මෙලෙස […]
වසර 10 ක සිර දඬුවමක් නියම කෙරුණු පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට අද එරටට පැමිනීමට නියතයි. ලන්ඩන් නුවර සිට පකිස්ථානයේ ලාහෝර් බලා ඔහු පිටත් වී ඇති බවයි වාර්තා වන්නේ. සිර කුටිය ඇස් ඉදිරිපිට තිබුණද තමන් පකිස්ථානයට යන බව ලන්ඩනයෙන් පිටත් විමට පෙර පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා. නවාස් ෂරීෆ් පාකිස්තානයට පැමිණි විගස අත්අඩංගුවට ගැනීමට නියමිත […]