රජයේ නව සංවර්ධන ව්‍යාපෘතිය වන ගම්පෙරළිය වැඩසටහනේ සමාරම්භය අද සිදු වනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිකවැරටියේ දීයි. දිවයිනේ සියලූ ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කරමින් ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වනවා. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ග්‍රාමීය ආර්ථිකය සවිමත් කිරීමයි. ඒ යටතේ ග්‍රාමීය සංවර්ධනයට ප්රමුඛ ස්ථානයක් ලබා දීමට නියමිතයි. SIYATHA MORNING NEWS | 06:30 […]
පාන් මිල හැර අනෙකුත් සියලූම බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමය පවසන්නේ හෙට මධ්‍යම රාති‍්‍රයේ සිට මෙම මිල ඉහළ දැමීම ක්‍රියාත්මක බවයි. ඉන්ධන මිල ඉහළ යාම සහ ආනයනික අමුද්‍රව්‍ය සදහා අධික බදු අය කිරීම මෙලෙස බේකරි නිෂ්පාදන මිල ඉහළ නැංවීමට හේතු වී තිබෙනවා. […]
ෆිෆා ලෝක කුසලානයේ වර්ණවත් සමාප්ති උත්සවය සඳහා සියලූ කටයුතු සූදානම් බව ජාත්‍යාන්තර පාපන්දු සම්මේලනය පවසනවා. සමාප්ති උත්සවය සහ එහිදී ඉදිරිපත් කිරීමට නියමිත නිල ගීතය පිළිබදව දැනුවත් කිරීමට ඊයේ මොස්කව් නුවරදී මාධ්‍ය හමුවක් කැදවා තිබුනා. එම අවස්ථාවට ජනපි‍්‍රය රංගන ශිල්පී විල් ස්මිත් ඇමෙරිකානු ගායන ශිල්පී නිකී ජෑම් සහ ඇල්බේනියානු ගායන ශිල්පී එරා ස්ත්රෙෆී සහභාගී වුණා. එහිදී […]
හෙරොයින් ජාවාරමේ නිරත පුද්ගලයින් 05 දෙනෙකු පන්නිපිටිය, වීර මාවතේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් වන එකම පවුලේ මව, පියා, පුත්‍රයා, දියණිය සහ දියණියගේ පෙම්වතායි. ඔවුන් වීර මාවතේ පිහිටි නිවසක හෙරොයින් පැකට් කරමින් සිටින අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා. එම නිවස ඔවුන් මසකට රුපියල් විසි අට දහසක මුදලකට කුලියට ගෙන මෙම […]
අලූත උපන් බිළිඳෙකු මුදලට අලෙවි කිරීමට උත්සාහ කළ කාන්තාවන් තුන්දෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීයි දින 15ක් වයසැති එම බිළිඳා රුපියල් දෙලක්ෂ දසදහසකට අලෙවි කිරීමට සැළසුම් කර තිබුණා. බිලිඳාගේ මව, මිත්තණිය, සීයා සහ තැරැුව්කාර කාන්තාව මෙලෙස අත්අඩංගුවට ගෙන […]
නිරිතදිග පාකිස්තානයේ මැතිවරණ ප්රචාරක රැුළියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 128 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් 150 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ප්‍රහාරයේ වගකීම අයි එස් සටන්කාමීන් විසින් භාරගෙන තිබෙනවා. මීට පෙර ද පකිස්ථානයේ බන්නු නගරයේ පැවති දේශපාලන රැුළියකට ප්‍රහාරයක් එල්ල වූ අතර එහිදී පුද්ගලයින් […]
මසකට විදුලි ඒකක 90 කට වඩා අඩුවෙන් භාවිත කරන විදුලි පාරිභෝගිකයන්ට නොමිලේ එල් ඊ ඞී විදුලි බල්බ ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. විදුලි බල හා පුනර්ජණනීය බල ශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා මේ බව ප්‍රකාශ කලේ ඊයේ කොලඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ඒ අනුව ලොව ප්‍රමිතියෙන් ඉහලම එල් ඊ ඞී බල්බ […]
හමුදාවට තොරතුරු ලබා දීම හෝ නොදීම තීරණය කිරීමට උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතාට කිසිදු අයිතියක් නොමැති බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ පැවති වැඩසටහනකින් පසු සී වී විග්නේෂ්වරන් මහතා පසුගිය 12 වනදා සිදුකල ප්‍රකාශය පිලිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. හමුදා නිලධාරීන්ට තොරතුරු ලබා දීමේදී උතුරේ නිලධාරීන් […]
මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට අදාල අලූගෝසු තනතුරෙහි බදවා ගැනීම් සදහා අයදුම් පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කලේ 2015 වසරේ සිට බන්ධනාගාරය තුල පවතින අලූගෝසු තනතුර සදහා වූ පුරප්පාඩු 2ක් සදහා එලෙස අයදුම්පත්‍ර නිතුත් කරන බවයි. මරණ දණ්ඩනය සදහා භාවිතා කරන කඹය ද මේ වන විට පාකිස්ථානයෙන් […]
වැල්ලවාය කුඩාඔය තිස් හයේ කනුව ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ රාති‍්‍රයේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ කුඩාඔය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. වෙඩි තැබීම සිදු කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 27 හැවිරිදි කුඩාඔය ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු බවයි පොලිසිය පැවසුවේ. සැකකරු විසින් ඝාතනය සදහා යොදා ගත් මෙරට නිශ්පාදනය කරන ලද බෙහෙත් […]
තමා සමග මුහුණට මුහුණ විවාද කිරීමට පැමිණෙන ලෙස හිටපු මහින්ද රාජපක්ෂ මහතාට යලි අභියෝග කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හිටපු ජනාධිපතිවරයා ඊයේ ඉන්ධන මිල ඉහලයාම පිලිබදව නිකුත් කල නිවේදනයට පිලිතුරු ලබා දෙමින්. හිටපු ජනාධිපතිවරයා විසින් ඉන්ධන මිල සූත්‍රය පිලිබද අසත්‍ය කරුණු පතුරුවාලමින් […]
මත්ද්‍රව්‍ය ජාවාරම් වල නිරත මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබා දීමට තීරණය කිරීමේ පදනම පිලිබදව සාකච්ඡුා කිරීම සදහා ලබන සතියේදී ජනාධිපතිතුමා හමුවීමට නියමිත බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා එහි සභාපති ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා මහතා සියත ප්රවෘත්තී වෙත කියා සිටියේ මරණීය දණ්ඩනය ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා වෙත වාර්තාව ලබාදීමට පෙර […]