වසර 40 කින් පසු මරණ දණ්ඩනය යලි ක්‍රියාත්මක කිරීම පිලිබදව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පැහැදිලි කිරීමක් කල යුතු බව යුරෝපා සංගමය පවසනවා. එම සංගමය නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ මෙරට තුල කුමන හේතුවක් නිසා හෝ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට තමන් විරෝධය පල කරන බවයි. ඒ පිලිබදව දැනුම් දෙමින් ජනාධිපතිතුමා වෙත ලිපියක් යොමු කර ඇති බවද […]
ඇමරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් හා රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර ෆින්ලන්තයේ හෙල්සින්කි නුවර දී පැවැත්වෙන සාකච්ඡාවට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මේ වන විට සාකච්ඡාව ආරම්භ කිරීම සදහා ෆින්ලන්තය ඇතුළු විදෙස් රටවල් රැසක මාධ්‍යවේදීන් ද හෙල්සින්කි නුවරට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේ දී ලැබෙන ප්‍රතිඵලය සම්භන්ධයෙන් මාධ්‍යවේදීන් තවමත් සැක පල කරනවා. […]
වැඩිහිටියකු විසින් බාල වයස්කාර දරුවකුට මත්පැන් පොවනු ලබන වීඩියෝ දර්ශනයක් සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පියා විසින් තම දරුවාට මත්පැන් පොවනු ලබන්නේ යැයි අනුමාන කළ හැකි දර්ශන අඩංගු මෙම වීඩියෝව කිසියම් අයෙකු විසින් Facebook මාධ්‍යට නිකුත් කිරීමත් සමගයි මෙම පරීක්ෂන ආරම්භ කර ඇත්තේ. ඒ අනුව තොරතුරු ලබා ගනිමින් ඊට අදාළ පරීක්ෂණ සිදු […]
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස් ගත වීමට කොළඹ මහාධිකරණය අද අවසර ලබා දුන්නා. පසුගිය ජනාධිපතිවරණය සමයේ දී දිවිනැගුම අරමුදලෙන් රුපියල් මිලියන 36 කට වැඩි මුදලක් වැය කර දිවයින පුරා ප්‍රාදේශීය සභාවලට පයිප්ප බට මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධ නඩු අද කැදවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු ඒ. ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා ඉදිරියේ යි. තම සේවාදායකයාට […]
දක්ෂිණ අධිවේගී මාර්ගයේ රියධාවනයේ දී අඩුවේගයක් පවත්වා ගෙන යන ලෙස රියදුරන්ට දැනුම් දෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂක එස්. ඕපනායක මහතා සදහන් කලේ වර්ෂාවත් සමග මාර්ගය ලිස්සන සුළු බැවින් අඩු වේගයකින් වාහන ධාවනයේ යෙදෙන ලෙසයි. ඒ අනුව අධිවේගි මාර්ගයේ වාහන ගමන් කිරිමේ වේගය පැයට කිලෝමීටර් 60 ක් දක්වා සීමා කර තිබෙනවා.
පෑලියගොඩ ප්‍රදේශයේ ඇති වූ ගින්නකින් නිවාස 07 ක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. පොලීසිය පැවසුවේ අද පෙරවරුවේ නුගේ පාරේ නිවාස පේළියක මෙම ගින්න හටගෙන ඇති බවයි. එක් නිවසක හට ගත් ගින්න පසුව වේගයෙන් ව්‍යාප්ත වී තිබෙනවා. විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවයි අණාවරණය වී ඇත්තේ. ගින්නෙන් කිසිදුවෙකුටත් හානියක් සිදුව නැහැ. ගින්න හේතුවෙන් සිදුවූ දේපළ හානිය […]
බරපතල වංචා දූෂණ පිළිබඳ සොයා බැලීමට පිහිට වූ විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගය අද ආරම්භ වනවා. මෙහි විනිසුරු මඩුල්ලට නම් කර ඇත්තේ , මහාධිකරණ විනිසුරුවරුවරුන් වන සම්පත් අබේකෝන් , සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්. රාජ්‍ය මුදල් අවභාවිත කිරීම හා අල්ලස් දූෂණ හා අක්‍රමිකතා සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීම සදහා මෙම විශේෂ […]
සංගීත ප්‍රසංගයක් නැරැුඹීමට ගොස්, එම ප්‍රසංගය ඉදිරිපත් කළ ගායකයා වැලඳ ගත්තේ යැයි චෝදනා ලැබූ සෞදි කාන්තාවට සිර දඬුවම් නියම වී තිබෙනවා. මෙලෙස අදාළ කාන්තාව විසින් වැලඳ ගත් බව පැවැසෙන්නේ සෞදියේ සුපිරි ගායකයකු වන මජීද් අල් මොහන්දීස්. ඒ, ටයිෆ් නමැති නගරයේ පැවැති ප්රසංගයකදීයි. එහිදී ආරක්ෂක නිලධාරීන්ගෙන් බාධා එල්ල වුවත්, කාන්තාව ඔවුන් පෙරළා මජීද් අල් ළඟට ගොස් […]
දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්වයේ ඇතිව තිබෙන වැඩිවීමක් හෙට දක්වා පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර සබරගමුව මධ්‍යම පළාත්වලටත් ගාල්ල හා මාතර දිස්ති‍්‍රක්කවලටත් විටින් විට වැසි ඇති විය හැකි බවයි. ඇතැම් ප්‍රදේශවල මිලි මීටර 50 ඉක්මවූ වැසි ඇති විය හැකි වනවා. දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර 50 ත් […]
ඉතාලියේ රෝම නගරයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා 6 වන ලෝක වනාන්තර සතිය වෙනුවෙන් පැවැත්වෙන විශේෂ සමුළුව අද ඇමතීමට නියමිතයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සමග මෙම සංචාරයට 20 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් සහභාගී වී සිටිනවා. ඉතාලි සංචාරය සදහා ජනාධිපතිතුමා දිවයිනෙන් පිටත්ව ගියේ පසුගිය 14 වනදා රාත්රියේදීයි. ඉතාලි සංචාරයෙන් අනතුරුව ජනාධිපතිතුමා ලබන හෙට සිට […]
මේ වෙද්දී මුළු ලෝකයම පාපන්දු ලෝක කුසලානයේ සිහියෙන් ඉන්නේ. ඒ හැමෝම පියවි සිහියට ගෙනාව පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරඟය අද පැවැත්වුණා. ඒ ප්‍රංශය සහ කෝඩුකාර ක්‍රෝඒශියාව අතර. රටවල් 32ක් සහභාගී වුණු මෙවර පාපන්දු ලෝක කුසලානයේ එකම අපරාජිතයන් වුණු ක්‍රෝඒශියාවට මේ තරඟාවලියේ පළමු සහ අවසන් පරාජය අත්කර දෙමින් ප්‍රභල ප්‍රංශය දෙවන වරටත් පාපන්දු ලෝක කුසලානය […]
දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්වයේ සුළු වැඩිවීමක් අද සිට අනිද්දා දක්වා ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලටත් ගාල්ල හා මාතර දිස්ති‍්‍රක්කවලටත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි. ඇතැම් ප්‍රදේශවල මිලිමීටර 50 ඉක්මවූ වැසි ඇතිවිය හැකි වනවා. දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර 50 ත් […]