හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපයේ දී පොදු ජන පෙරමුණ හා එක්ව දේශපාලනය කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා. ඒ අනුව ඉදිරි දින කිහිපයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා පොදු ජන පෙරමුනු කාර්යාලයට පැමිනීමට නියමිත බවයි අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කලේ. මේ […]
ඇවන්ගාඞ් නඩුවෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූනා. අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේයි. මෙවැනි දුෂණ චෝදනාවක් පිළිබඳව නඩු පැවරීමේ දී එම නඩුව පැවරීමට අදාලව අල්ලස් කොමිසමේ ලිඛිත අනුමැතිය අඩංගු ලේඛනය අධිකරණය හමුවේ ගොනු […]
අභාවප්‍රාප්ත ප්‍රවීණ සිනමාවේදී රෝයි ද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. ඒ කලාකරුවන් ඇතුලූ රසිකයින්ගේ දුක් සෝ සුසුම් මධ්‍යයේයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද අද පෙරවරුවේ රෝයි ද සිල්වා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූවා. බොරැල්ලේ පිහිටි මල් ශාලාව වෙත පැමිනි ජනාධිපතිතුමා රෝයි ද සිල්වා මහතාගේ බිරිද වන සුමනා […]
මාතර නගරයේ ස්වර්ණාභරණ ආයතනයක් මංකොල්ල කෑමට පැමිණ පොලීසියට වෙඩි තැබීමේ සිදුවීමට සම්භන්ධ කොස්ගොඩ තාරක ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ සැකකරුවන් අද මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි කේ.විතාරණ මහත්මිය හමුවට ඉදිරිපත් කල අවස්ථාවේ දීයි. හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන තෙක් සැකකරුවන් ලබන 16 වනචා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන […]
තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකට ඇතුළු වූ කිසියම් පිරිසක් එහි තිබී සොරා ගත් ස්වර්ණාභරණ වල වටිනාකම රුපියල් මිලියන 78 ක් බව පොලීසිය පවසනවා. පොලීසිය පැවසුවේ සැකකරුවන් විසින් රුපියල් මිලියන 17 ක මුදල් ද සොරා ගෙන ඇති බවයි. අද උදැසන බැංකුව විවෘත කිරීමට ගිය අවස්ථාවේ පිටුපස දොර කඩා දමා තිබූ බව අනාවරණය වීමෙන් පසුව බැංකු නිලධාරින් […]
උපාධිධාරීන්ට පත්වීම් ලබා දීමට පවතින නෛතික බාධා පිළිබඳව වහාම කරුණු වාර්තා කරන්නැයි රජය නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. මෙම දැනුම් දීම් කර ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුවයි. උපාධිධාරීන් 5000 කට පත්වීම් ලබාදීමට වූ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ අවස්ථාවේ එය යළි සලකා බැලිය යුතු බවට අදහස් ඉදිරිපත් වුණා. ඒ පත්වීම් ප්රදානය කිරීමට […]
තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකට ඇතුළු වූ කිසියම් පිරිසක් එහි තිබූ මුදල් හා රන් ආභරණ සොරාගෙන තිබෙනවා. අද උදැසන බැංකුව විවෘත කිරීමට ගිය අවස්ථාවේ පිටුපස දොර කඩා දමා තිබූ බව අනාවරණය වීමෙන් පසුවයි බැංකු නිලධාරින් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබුනේ. ඒ අනුව පොලිසිය හා බැංකු නිලධාරින් එක්ව සිදුකළ පරික්ෂණයේදී එහි සේප්පුවද කඩා බිඳ දමා […]
කුලියාපිටිය – බොයිංගමුව ප්‍රදේශයේ නිවසකට පුද්ලයෙකු විසින් ඊයේ රාති‍්‍රයේ එල්ල කල අත් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ප්‍රහාරය එල්ල කල පුද්ගලයා අදාළ නිවසේ පදිංචිව සිටින බාල පුත්‍රයා සමඟ දිර්ඝ කාලක සිට තිබු ආරව්ලක් හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිසීය සදහන් කළේ. ප්‍රහාරයෙන් තුවාල ලැබු සිව් දෙනා අතර කාන්තාවක් ද සිටිනවා. […]
මාතර ස්වර්ණාභරණ කොල්ලය සදහා පැමිණි සැකකරුවන් පලාගිය මෝටර් රථය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ අද අලූයම මොරගහහේන – තලගල ප්‍රදේශයේදී එම මෝටර් රථය සොයාගත් බවයි. මෝටර් රථය සමග අත්අඩංගුවට ගත් පුද්ගලයා තී‍්‍රරෝද රථ රියදුරෙක්. ඔහුගේ බිරිදගේ නමට, අදාළ මෝටර් රථය ලියාපදිංචි කර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. එමෙන්ම අත්අඩංගුවට ගත් සැකකරු […]
අත්අඩංගුවට පත්වූ බ්‍රසීල ජාතිකයින් දෙදෙනා ගිල දැමූ කොකේන් අඩංගු මත්ද්‍රව්‍ය ගුලි 153 ක් පිටතට ගෙන ඇති බව පොලිසිය පවසනවා. පළමු සැකකරුගෙන් කොකෙන් ගුලි 88 ක් සහ දෙවන සැකකරුගෙන් කොකේන් ගුලි 65 ක් පිටතට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යයාලය සදහන් කළේ. කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 400 ක් වන එම කොකේන් තොගයේ වටිනාකම රුපියල් […]
නීතිවිරෝධී ලෙස ඇත්දළ 04 ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලද තොරතුරකට අනුව පිලිමතලාව ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි පමුණුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. සැකකරු සතුව තිබූ ඇත්දළ යුගළ 02 මහනුවර දිසා පුරාවස්තු ආරක්ෂණ ඒකකය භාරයට ගෙන වැඩිදුර විමර්ශන කි‍්‍රයාත්මකයි. Siyatha […]
ඇමරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සිදුකළ ගවේෂණාත්මක වාර්තාවේ අන්තර්ගත කරුණු සාවද්‍ය බැවින් තමන් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ඊයේ කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී විමර්ශනයක් පැවැත්වීමට කටයුතු කරන බවයි.