News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

ඛනිජ තෙල් සංස්ථාව ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට අනතුරු අඟවයි.

Generic placeholder image

ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම තමන්ට ගෙවිය යුතු හිඟ මුදල් ලබන බදදා වන විට ලබා නොදෙන්නේ නම් ඉන්ධන සැපයීම අත්හිටුවීමට පියවර ගන්නා බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි. එහි ප‍්‍රකාශකයකු සඳහන් කළේ, ඒ සඳහා වන සිහි කැඳවීම් ලිපිය මේ වන විටත් ශ‍්‍රීලංකන් ගුවන් සමාගමට යොමු කර ඇති බවයි. ඛනිජ තෙල් සංස්ථාව සමග ඇතිකරගත් එකඟතාවන් මත ශ‍්‍රීලංකන් ගුවන් […]


Jul
2

මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් සංඝ විනය පිලිබද විශේෂ සාකච්ඡාවක්.

Generic placeholder image

සංඝ විනය පිලිබද විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි. ඒ මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන්ගේ ප‍්‍රධානත්වයෙන්. බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා සදහන් කලේ දිවයින පුරා සිටින සියලූම නායක භික්ෂූන් වහන්සේලා එක් කර ගනිමින් එම සාකච්ඡාව පැවැත්වෙන බවයි. මහා සංඝරත්නය විනය කඩ කරමින් කටයුතු කරන බවට විවිධ පාර්ශවයන් සිදු කරන ප‍්‍රකාශ සැලකිල්ලට ගනිමින් එම සාකච්ඡාව පවත්වන […]


Jul
2

රාජ්‍ය නොවන ආයතනවල බෝට්ටුවලට ඉතාලියෙන් තහනමක්.

Generic placeholder image

සංක‍්‍රමණිකයින් බේරා ගැනීමට ඉදිරිපත් නොවන රාජ්‍ය නොවන ආයතනවල බෝට්ටුවලට ඉතාලියට ඇතුලූ වීමට ඉඩ ලබා නොදෙන බව ඉතාලි රජය පවසනවා. ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මැටියෝ සල්මනි මේ බව ප‍්‍රකාශ කළේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින්. රාජ්‍ය නොවන සංවිධාන සංක‍්‍රමණිකයින් ධෛර්යවත් කරමින් රට තුළට පැමිණීමට ඉඩ සලසා දෙන බවයි ඔහු ප‍්‍රකාශ කරන්නේ. ඉතාලියට වැඩි වශයෙන් සංක‍්‍රමණිකයින් පැමිණෙන්නේ අපි‍්‍රකානු […]


Jul
2

ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමක් අද – 16 දෙනාත් එක්වෙයි

Generic placeholder image

ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීමක් අද පස්වරු 4 ට කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති නිල නිවසේදී පැවත්වීමට නියමිතයි. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. මෙම රැස්වීම සදහා පළමු වරට ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම ද අද දිනයේදී සහභාගී වනවා. එම කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්ලිව්. ඞී. ජේ. සෙනවිරත්න […]


Jun
30

නිව්යෝක් ටයිම්ස් වාර්තාව ගැන ජනපති කොමිසමක් – එජාපය කියයි

Generic placeholder image

ඇමරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත සිදු කල අනාවරණය පිලිබදව පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපති කොමිසමක් පත් කල යුතු බව එක්සතක් ජාතික පක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා මේ බව ප‍්‍රකාශ කලේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.


Jun
29

තායිලන්තයේ තැම් ලූවෑන්ග් ගුහා සංකීර්ණයේ අතුරුදහන් වූවන් සෙවීමේ මෙහෙයුම් නතර කිරීමට තායිලන්ත නාවික හමුදාව තීරණය කරයි.

Generic placeholder image

තායිලන්තයේ තැම් ලූවෑන්ග් ගුහා සංකීර්ණයේ සිරවී සිටින පාපන්දු ක‍්‍රීඩා කණ්ඩායමක දරුවන් 12දෙනෙකු සහ ඔවුන්ගේ පුහුණුකරු සොයා සිදු කළ මෙහෙයුම් නතර කිරීමට තායිලන්ත නාවික හමුදාව තීරණය කර තිබෙනවා. ඒගුහා දොරටුවේ ජල මට්ටම අඛණ්ඩව ඉහල යාම හේතුවෙන්. අදාළ පාසල් පාපන්දු කී‍්‍රඩකයින් සහ පුහුණුකරු සෙවීමේ වෙනත් මගක් පිළිබදව තායිලන්ත බලධාරීන් මේ වනවිට අවධානය යොමු කර තිබෙනවා. .මෙම පාසල් […]


Jun
28

සිය ගැටලූ වලට විසදුම් නොලැබුනහොත් ලබන මස 7 වනදා සිට යලි වැඩවර්ජනයට යන බව තැපැල් සංගමය කියයි.

Generic placeholder image

දින 16 ක දීර්ඝ තැපැල් සේවක වර්ජනය හේතුවෙන් ගොඩගැසී තිබුණු ලක්ෂ 15 ක ලිපි තොගය බෙදා හැරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සදහන් කලේ හෙට දින වන විට එම සියලූ ලිපි බෙදා දීම අවසන් කිරීමට කටයුතු කරන බවයි. ඒ අනුව ජනතාව වෙත නොලැබුනු ලිපි සහ පාර්සල් අද සිට […]


Jun
28

අකීලා ව්‍යාපෘතිය නවතා දැමීමට Facebook සමාගම තීරණය කරයි.

Generic placeholder image

ඉහළ අහසේ පියාසර කරන ඩ්‍රෝන යානා මගින් අන්තර්ජාල පහසුකම් ලබාදීමට තමන් කළ සැලැසුම අත්හැර දැමීමට ෆෙස්බුක් සමාගම තීරණය කර තිබෙනවා. ඊට අදාල අකීලා ව්‍යාපෘතිය ප‍්‍රකාශයට පත්කලේ 2014 වසරේදී යි. නමුත්, ගූගල් ඇතුළු තරගකාරී ආයතනයන් වාර්තා කළ දිගු පියාසර කාලයට ළඟාවීමට නොහැකි වීමෙන් අපේක්ෂිත ඉලක්ක සපුරාගැනීමට නොහැකි වීම මත ෆේස්බුක් සමාගම එය අත්හැර දැමීමට තීරණය කර […]


Jun
28

විද්‍යුත් තැපෑල භාවිතා කරමින් ව්‍යාපාරිකයන්ගෙන් මුදල් වංචා සිදු කිරීමේ සිදුවීම් වාර්තා වීම ඉහළට

Generic placeholder image

විද්‍යුත් තැපෑල භාවිතා කරමින් ව්‍යාපාරිකයන්ගෙන් මුදල් වංචා සිදු කිරීමේ සිදුවීම් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව පරිඝණක හදිසි ප‍්‍රතිචාර සංසදය පවසනවා. එහි ජේ්‍ය්ෂඨ උපදේශක රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ ඒ හේතුවෙන් දේශීය හා විදේශීය ව්‍යාපාරිකයන් සමග ගණුදෙනු සිදු කරන පුද්ගලයන් ආරක්ෂාකාරී විය යුතු බවයි. අන්තර් ජාල මගින් ව්‍යාපාරික කටයුතු හෝ වෙනත් අන්තර් […]


Jun
28

මෙරට වීසා ක‍්‍රමය ඉදිරි මාස කිහිපයේදී වෙනස් කිරීමට කටයුතු කෙරේ.

Generic placeholder image

මෙරට වීසා ක‍්‍රමය ඉදිරි මාස කිහිපයේදී වෙනස් කිරීමට කටයුතු යොදා ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා. සියත ප‍්‍රවෘත්තී කල විමසීමකදී එහි පාලක එම්.එන්.රණසිංහ මහතා කියා සිටියේ වීසා ගාස්තු සංශෝධනය කිරීමට සැලසුම් කර ඇති බවයි. ඊට අදාල නව රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයක් ඉදිරියේ දී නිකුත් කරන බව ද පාලකවරයා එහිදී සදහන් කලා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ […]


Jun
28

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්‌ අද පාර්ලිමේන්තු සංකීරණයේදී

Generic placeholder image

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්‌ අද පාර්ලිමේන්තු සංකීරණයේදී පැවැත්වීමට නියමිතයි. ඒ, කතානායක කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන්. එම සාකච්ඡාවට පළාත් සභා සීමා නිර්ණ අනුකමිටු නියෝජිතයින්, මැතිවරණ කොමිසමේ නියෝජිතයින් හා දේශපාලන පක්ෂ නියෝජිතයින් සහභාගීවීමට නියමිතයි. අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ‍්‍රී රත්නායක මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ පළාත් සභා සීමා නිර්ණය කමිටුව මගින් අමාත්‍ය ෆයිසර් […]


Jun
27

ඉන්ධන මිළ සූත‍්‍රය ක‍්‍රියාත්මක කිරීමට කමිටුවක්

Generic placeholder image

ඛණිජ තෙල් මිළ සූත‍්‍රය විනිවිදභාවයෙන් යුතුව ක‍්‍රියාත්මක කිරීම සදහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමිතිය හිමිව තිබෙනවා. ඊයේ රැස් වූ කැබිනට් මණ්ඩලයට ඊට අදාළ යෝජනාවක් ඉදිරිපත් කලේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින්. අදාළ කමිටුව මහා භාණ්ඩාගාරයේ හා ඛණිජ තෙල් අමාත්‍යාංශයේ නිළධාරීන්ගෙන් සමන්විතව පත් කිරීමට නියමිතයි. එම කමිටුව මාස 03 කට වරක් රැස්වී ඉන්ධන […]


News Articles
Latest Videos
Most Popular Post