වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරිවරයෙකු ඇතුළු පොලිස් නිලධාරින් 15 දෙනෙකු ස්ථාන මාරු කර යවා තිබෙනවා. ජාතික පොලිස් කොමිසම් සභාවේ අනුමැතිය පරිදි අදාළ ස්ථාන මාරු සිදුකර ඇති බවයි පොලිස් මුලස්ථානය සඳහන් කළේ. මෙම රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ සහ පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සේවයේ අවශ්‍යතාව මත සිදුකර ඇති බව සඳහන්. ස්ථාන මාරු කළ පොලිස් නිලධාරින් අතර […]
පෞද්ගලික බස් ගාස්තු ඉහළ දැමීම සම්බන්ධ ඉල්ලීමට අනුමැතිය දීම සඳහා කැබිනට් මණ්ඩලයට යොමු කළ යුතු බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඔහු සඳහන් කළේ, ඉන්ධන මිල වැඩි වීමෙන් පෞද්ගලික බස් හිමියන්ට ඇතිව තිබෙන බලපෑම පිළිබඳ රජයේ අවධානය යොමුව ඇති බවයි. කෙසේ වෙතත් ලංකා ගමනාගමන මණ්ඩලයේ හා දුම්රිය ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් […]
අද ඉදන් ඉන්ධන් මිල වැඩි කරන්න රජය තීරණය කරා. ඒ වගේම ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මිලට සමාන වෙන්න IOC සමාගමත් ඉන්ධන මිල ආයෙමත් සැරයක් වැඩි කරා. ඉන්ධන මිල වැඩි වීම ගැන මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ අදහස් දැක්වුවා. එතුමා කිව්වේ මිල සූත්‍රය අනුව මාස දෙකකට සැරයක් ඉන්ධන් මිල වෙනස් වෙනවා කියලා. ලෝක වෙළඳ පොළෙහි […]
පහුගිය දවස් දෙකේ දුම්රිය වැඩවර්ජනයක් කරන්න හිටියත් ඒ ප්රශ්නය ගොඩින් බේරා ගත්තා. හැබැයි හිටපු ගමන් ආයෙත් දුම්රිය වර්ජනයක් පටන් අරගෙන තියෙනවා. නාවලපිටිය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලය තමයි මේ වැඩ වර්ජංඅයුඅ ආරම්භ කරලා තියෙන්නේ. මේ නිසා දුම්රිය දෙකක් අතරමග නැවතිලා තියෙනවා. අලුයම 1.30 ට නාවලපිටිය දුම්රිය ස්ථානයට ආව දුම්රිය සංඥා නොලැබීම නිසා එතනින් එහාට […]
ඉන්ධන මිල ඉහල යාම හේතුවෙන් ඉදිරි දින 2 තුල මගී ප්‍රවාහන බස් ගාස්තු 15% කින් ඉහල නංවන බව සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසනවා. එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සියත ප්රවෘත්තී වෙත කියා සිටියේ බස් හිමියන් සමග අද පස්වරුවේ පැවති සාකච්ඡාවේදී එම තීරණයට එළඹි බවයි. මේ අතර ඉන්ධන මිල වැඩිකිරීම හේතුවෙන් ත්‍රීරෝද රථ […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමේ වේග පන්දු යවන්නන් සහ දඟ පන්දු යවන්නන් වෙනුවෙන් උපදේශක වරුන් දෙදෙනෙක් එක් කරගෙන තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස පීටර්ස්ලිම් මහතා කැඳවා ඇති අතර වේග පන්දු උපදේශක ලෙස තිමති මැක් කැසිකල් එක්කරගෙන තිබෙනවා. ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ නිර්දේශ යටතේ මෙම කෙටි කාලීන උපදේශකයින් කණ්ඩායමට එක්කර […]
IOC සමාගමත් ආයෙත් සැරයක් තෙල් මිල ඉහල දමන්න තීරණය කරලා තියෙනවා. ඒ ලංකා ඛනිජ තෙල් සමාගමේ මිලට සමාන වෙන්න. මිට කලිනුත් IOC සමාගම තෙල් මිල ඉහළ දැම්මා. අද මධ්‍යම රාත්‍රියේ ඉඳන් IOC සමාගමේ තෙල් මිලත් ඉහළ යනවා. ඒ අනුව ලංකා ඛනිජ තෙල් සමාගමේ සහ IOC සමාගමේ මිල සමාන වෙනවා. ඒ අනුව IOC සමාගමේ ඔක්ටේන් 92 […]
අද රාත්‍රියේ ඉඳන් මිල වැඩි කරන්න තීරණය කරලා තියෙනවා. මිට සුළු මොහොහකට පෙර පැවැත්වුන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කරා, මිල වැඩි කිරීමත් එක්ක ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 137 ක් වෙනවා. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 148 දක්වා ඉහළ ගිහින් තියෙනවා. භූමිතෙල් ලීටරයක මිල රුපියල් 101 ක් දක්වා ඉහළ […]
එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන වැඩපිළිවෙල මේ දවස්වල සිද්ධ වෙනවා. පක්ෂයේ ලොකු පුටුවලට පහුගියදා නායකයින් පත් කරා. පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කරන්න දේශපාලන මණ්ඩලය රැස් වුණා. පක්ෂයේ ප්‍රධාන තනතුරු වලට සහය වෙන්න අලුතෙන් නියෝජ්‍ය තනතුරු ඇති කරන්න මේ රැස් වීමේදී තීරණය කරා. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රැස්වීම පැවැත් වුණා.
පාර්ලිමේන්තුවේ පිහිටි ඇමතිවරුන්ගේ කාර්යාලයක ගින්නක් හට ගත්තා. බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතාගේ කාර්යාලයේ තමයි ගින්න හට ගෙන තියෙනවා. කොහොම වුනත් ගිනි නිවීමේ නිලධාරීන් ගින්න නිවා දැමුවා. ගින්න හටගෙන තියෙන්නේ වායුසමන යන්ත්‍රයකින්.
ලංකාවේ ප්‍රධානම ගුවන් තොටුපළ තමයි කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ. දවසකට සිය ගණනක් ගුවන් ගමන් කටුනායකින් ආරම්භ වෙනවා. අද අළුයම කටුනායක ගුවන් තොටුපළේ ගින්නක් හට ගත්තා. ගින්න හටගෙන තියෙන්නේ ගුවන් තොටුපළේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයට අයිති ගබඩාවක. ගින්නට හේතුව නම් තම හොයාගෙන නෑ. ගුවන් තොටුපළේ ගිනි නිවීමේ ඒකකය මේ වෙද්දී ගින්න පාලනය කරලා තියෙනවා. කොහොම […]
අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ලබා දුන්න අමාත්‍යධූරය ඉවත් කරන්න කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා. එකට හේතුව වෙලා තියෙන්නේ එජාප කම්කරු රැළියේදී සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරයා විවේචනයට ලක් කිරීමයි. ෆොන්සේකා මහතාගේ මේ ප්‍රකාශය ගැන දුමුන්ද දිසානායක අමාත්‍යවරයා එජාප හිටපු සභාපති මලික් සමරවික්‍රම මහතාට දැනුම් දීලා තියෙනවා. මලික් සමරවික්‍රම මහතා ඒ ගැන කණගාටුව […]