News Line| Off Air
Generic placeholder image

Apr
19

ඊජිප්තුවේ සිදු වූ දුම්රිය අනතුරකින් 11 දෙනෙකු ජීවිතක්ෂයට

Generic placeholder image

ඊජිප්තුවේ ඇලියෝබියා පළාතේ සිදු වූ දුම්රිය අනතුරිකින් මගීන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 98 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. දුම්රිය පිලී පැනීමකට ලක්ව මෙම අනතුර සිදුව ඇති අතර ගෙවුණු කාලය තුල එරට සිදු වූ දුම්රිය අනතුරු වලින් 35 කට ආසන්න පුද්ගලයින් පිරිසක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.


Apr
19

ආණ්ඩු පක්ෂයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

Generic placeholder image

ආණ්ඩු පක්ෂයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.ඒ අනුව අද උදෑසන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිතව තිබෙනවා.


Apr
19

කොළඹින් කොරෝනා ආසාදිතයින් යළි ඉහළට

Generic placeholder image

දිවයිනේ ප්‍රදේශ රැසකින් යළිත් කොරෝනා ආසාදිතයින් ඉහල ගොස් තිබෙනවා. එයින් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණනක් වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එය සටහන් වන්නේ 63 ක් ලෙසයි. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 50 ක් වාර්තා වන අතර ගම්පහින් නව ආසාදිතයින් 41 ක් වාර්තා වෙයි. මේ අතර විදේශ රටවල සිට මෙරටට ආ ලාංකිකයන් 70 ක් ද කොරෝනා ආසාදිතයින් ලෙස අලුතින් […]


Apr
19

අඟහරු ග්‍රහයා මත කුඩා හෙළිකොප්ටරයක් පියාසර කරවීමට නාසා ආයතනය අද සැරසෙයි

Generic placeholder image

කුඩා හෙළිකොප්ටර් යානයක් අඟහරු ග්‍රහයා මත පියාසර කරවීමට නාසා ආයතනය විසින් අද සැලසුම් කර තිබෙනවා. “Ingenuity” නම් එම යානය කිලෝ 1.8ක් පමණ බරකින් යුක්ත වන අතර එය අත්හදාබැලීම අද සිදු කරන බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.


Apr
19

කොච්චිකඩේ දේවස්ථානය අසල මාර්ග වල හෙට පස්වරුවේ සිට විශේෂ රථ වාහන සැලැස්මක්

Generic placeholder image

ලබන 21 වෙනිදා පාස්කු ප්‍රහාරය සිහි කරමින් කොළඹ – කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිදු කිරීමට නියමිතව තිබෙන විශේෂ දේව මෙහෙයන් හේතුවෙන් හෙට පස්වරු 4.00 සිට අනිද්දා දවහල් 12.00 දක්වා කාලය තුල දේවස්ථානය අසල මාර්ග කිහිපයක ගමනාගමනය සිමා කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඊට අදාල නිවේදනය පහතින්,


Apr
19

රෝහල් ගත කළ මුරලිගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට

Generic placeholder image

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි රෝහලකට ඇතුළත් කර තිබෙනවා. ඒ ඔහුගේ හෘදයේ රුධිර නාලිකාවක තිබූ අවහිරයකට ප්‍රතිකාර ගැනීම සදහායි. ඔහුට සුළු ශෛල්‍යකර්මයක් ද සිදු කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. කෙසේ වෙතත් ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් බවයි වාර්තා වන්නේ.


Apr
19

එළඹෙන 21 වනදා දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක් යොදවයි

Generic placeholder image

පාස්කු ප්‍රහාරය සිදුවී වසර 2ක් ගතවන එළඹෙන 21 වනදා දිනට පැවැත්වීමට නියමිතව තිබෙන විශේෂ දේව මෙහෙයන් සහ වෙනත් ආගමික උත්සව සදහා උපරිම ආරක්ෂාව ලබා දෙන බව පොලිස් මූලස්ථානය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා. . අදාල එම නිවේදනය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරුන්, පොලිස් අධිකාරිවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත […]


Apr
19

දෙවැනි පාසල් වාරය අදින් ඇරඹෙයි

Generic placeholder image

දිවයින පුරා සියලු පාසල් දෙවැනි පාසල් වාරය සදහා අද ආරම්භ වෙනවා. පළමු පාසල් වාරයේ සදහන් වන සෞඛ්‍ය උපදෙස් එලෙසින්ම දෙවැනි පාසල් වාරය සදහා ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරන්නේ. කොළඹ ගම්පහ කළුතර යන දිස්ත්‍රික්කවල පාසල් වල ළමුන් තවදුරටත් කාණ්ඩ යටතේ පාසල් වෙත ගෙන්වා ගැනීම සිදු කරනු ලබනවා.


Apr
19

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට සවස් වරුවේ තද වැසි

Generic placeholder image

මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව […]


Apr
18

රුසියානු විපක්ෂ නායකයා සති තුනක් තිස්සේ ආහාර වර්ජනය නිරත වෙයි

Generic placeholder image

රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි සති තුනක් තිස්සේ ආහාර වර්ජනය නිරත වන බව වාර්තා වෙනවා . වෛද්‍යවරුන් සදහන් කරන්නේ ඔහු ඕනෑම මොහොතක මියයෑමේ අවදානමක් පවතින බවයි. මේ වන විට සිරගත කර සිටින විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි 44 වියේ පසුවෙනවා.


Apr
18

පුතාගේ පහරදීමෙන් පියා ජිවිතක්ෂයට

Generic placeholder image

ඉකුත් 11 වෙනිදා කිලිනොච්චි කනගපුරම් ප්‍රදේශයේ දී 20 හැවිරිදි පුත්‍රයෙකු විසින් පහර දී 53 හැවිරිදි සිය පියාව ඝාතනය කර තිබෙන බව වාර්තා වෙනවා. පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් මෙම පහර දීම සිදු කර ඇති බවයි පැවසෙන්නේ.


Apr
18

මෙරට කොවිඩ් මරණ 617ක් දක්වා ඉහළට

Generic placeholder image

මෙරට කොවිඩ් මරණ 617ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 2ක් වාර්තා වීමත් සමගයි.


News Articles
Latest Videos
Most Popular Post