නෙළුව පොලිස් වසමේ, කොලොන්තුඩුව ප්‍රදේශයේ දී ජනෙල් කූරකින් පහර දී පියාව ඝාතනය කළ නරුම පුතෙක් පිලිබදව වාර්තා වෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ 74 හැවිරිදි පුද්ගලයෙක් වන අතර මෙම පුද්ගලයාගේ 31 හැවිරිදි පුත්‍රයා විසින් මෙම ඝාතනය සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ. සිද්ධිය පිලිබදව වැඩි දුර විමර්ශන ක්‍රියාත්මකයි…
ජනප්‍රිය බොලිවුඩ් නළු අමීර් ඛාන් ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඔහු මේ වන විට මුම්බායි හි පිහිටි ඔහුගේ නිවසේ නිරෝධායනය වෙමින් සිටින බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
ඉකුත් දා පස්සර ප්‍රදේශයේ සිදු වූ මාරක බස් රථ අනතුර සිදුවන අවස්ථාවේ දී එම බසයේ රියදුරා බස් රථය ධාවනය කරන අවස්ථවේ දුරකතනය භාවිතා කරමින් සිට ඇති බවට මගීන් කිහිප දෙනෙක් සදහන් කර තිබෙනවා. මෙම අනතුර පිලිබදව විමර්ශන සිදු කරනු ලබන පොලිසිය අදාල බස් රථයේ රියදුරාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන අතර ඔහු සදහන් කරන්නේ තමන් ඒ […]
ගත වු පැය 24 තුළ සිදුවු රිය අනතුරුවලින් පුද්ගලයින් 8දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙනවා. ඊයේ දිනයේ කොළඹ – කුරුණෑගල මාර්ගයේ සිදුවු අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර රාජගිරිය ප්‍රදේශයේ දී රාජකාරියේ නිරත වූ පොලිස් නිලධාරියෙක් ඇතුළු තවත් අයෙක් රිය අනතුරකින් මිය ගියා. මේ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශ වලට සිදු වූ රිය අනතුරු වලින් […]
රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් V“ කොවිඩ් එන්නත් මිලියන හතක් මිල දී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 69.65ක් වැය වන අතර එම එන්නත් මිල දී ගැනීම ඔස්සේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන 14කට කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා එන්නත් ලබා දීමට සැලසුම් කර ඇත්තේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අනුමැතිය මත බස්නාහිර පළාතේ සියලුම පාසල් සියලුම ශ්‍රේණි සඳහා ලබන 29 වැනිදා සිට යළි ආරම්භ කිරිමට තීරණය කර තිබෙනවා. බස්නාහිර පළාතේ 5, 11 හා 13 යන ශ්‍රේණී සඳහා පමණක් අධ්‍යයන කටයුතු මාර්තු 15 වන දින සිට ආරම්භ කෙරුණා.
ස්ලිම් ජනතා සම්මානයෙන් අඛණ්ඩව හයවන වරටත් වසරේ හොදම/ දක්ෂතම ගුවන් විදුලි නිවේදකයා සම්මානයෙන් සියත එෆ්එම් අරවින්ද ලොකුගේ මහතා පිදුම් ලැබීය. සුවිශේෂි වාර්තාවක් ද පිහිටුවමින් “අරා” අරවින්ද ලොකුගේ මහතා ගුවන් විදුලි ක්ෂේත්‍රයේ ජනතා නිවේදකයා ලෙස තේරි පත්වුයේ ගුවන් විදුලි ක්ෂේත්‍රයේ අති දක්ෂයා තමන් බව නැවත වරක් සනාථ කරමින්ය. සියත Fm 98.2/ 98.4 ඔස්සේ උදෑසන 7.00 සිට […]
ආනයනය තාවකාලිකව අත්හිටුවන ලද සෙරමික් නිෂ්පාදන සහ සාරි වර්ග ආනයනය කිරිමට අවසර ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. මේ අනුව සෙරමික් නිෂ්පාදන දින 180ක ණය පදනම මත ආනයනය කිරිමට අවසර ලබා දීමට ද සාරි වර්ග දින 90ක ණය පදනම මත ආනයනය කිරිමට හැකිවන පරිදි ගැසට් නිවේදනය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින්,
හෙට (25) ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, අපවත් වී වදාළ, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනායක හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්විම හේතුකොටගෙනය. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මාංශ හා මත්පැන් අලෙවි හා සුරාසල් ද හෙට දිනයේ වසා තැබෙනු ඇති. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය […]
වාහන වල අංක තහඩුවෙන් පළාත හැදින්වෙන අක්ෂරය ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සදහා වන කැබිනට් අනුමැතිය මේ වන විට ලැබී ඇති බවත් ඉදිරි මාස දෙක ඇතුලත එම තීරණය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ කොමසාරිස්වරයා සදහන් කලේ.
46 වැනි ජගත් මානව හිමිකම් සැසිවාරයට සත්කාරක රාජ්‍යයන් විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා යෝජනාව ඊයේ දිනයේ සම්මත වුණා. එම යෝජනාවට පක්ෂව ජන්ද 22 ක් ද ශ්‍රී ලංකාවට පක්ෂව ජන්ද 11 ක් ද ඉන්දියාව ඇතුළු රටවල් 14 ක් ජන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටියා. කෙසේ වෙතත් ජගත් මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත […]