ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා-සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 19 දෙනෙකුට අද ලබා දුන් බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා. පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, තිස්ස අත්තනායක, හර්ෂණ රාජකරුණා, පී. දිගම්බරන්, දිලිප් වෙදආරච්චි, මයන්ත දිසානායක, ඉරාන් වික්‍රමරත්න, සරත් ෆොන්සේකා, මොහොමඩ් මුසම්මිල් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එන්නත ලබා ගැනීම සඳහා පැමිණ සිටියා. කෙසේ වෙතත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු […]
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 353 දෙනෙකු අද හඳුනාගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 76,781ක් දක්වා ඉහළ ගියා. මේ අතර වෛරසය ආසාදනය වී සිටි රෝගීන් 1018 දෙනෙකු සුවය ලබ අද රෝහල්වලින් පිටව ගියා. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ඒ සමග මෙරට පූර්ණ සුවය ලැබූ ගණන […]
ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය හොබවනු ලැබූ රොෂාන් රණසිංහ මහතා පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත්කර තිබෙනවා. ඔහු අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නා.
ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩබලන සෞඛ්‍ය කැබිනට් අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදීයි.
පාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරුගේ පියා ලබන මස 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග කළා. ඒ අදාළ පුද්ගලයාට එරෙහි පැමිණිල්ල අද මහෙස්ත්‍රාත්වරයා හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ එම සිද්ධිය සහ බෝම්බකරුගේ […]
සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන ආරක්ෂිත හිස් වැසුම් භාවිත කරන යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා. නීතිපතිවරයා වෙනුවෙන් අභියාචනාධිකරණයට මෙම දැනුම් දීමකර තිබුණේ, නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරල් පාරින්ද රණසිංහ මහතායි. වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි යතුරුපැදිකරුවෙකු ඉදිරිපත් කළ රීට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී එම දැනුම්දීම සිදුකර තිබුණා. 2017 වසරේ අංක […]
පැයට සැතපුම් සියයක වේගයෙන් ඉහළ යා හැකි දෙමුහුන් මෝටර් රථයක් සඳහා ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) අනුමැතිය ලබා දී තිබෙනවා. අදාළ මෝටර් රථය ගුවනේ පියාසර කිරීම මෙන්ම මාර්ගයේ ධාවනය කිරීමට ද හැකි වීම හේතුවෙන් එය දෙමුහුන් මෝටර් රථයක් ලෙස නම්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ වන විට මෙම මෝටර් රථය ධාවනය නියමුවන්ට සහ […]
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා-සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදීම ආරම්භකර තිබෙනවා. එය මේ වනවිට නාරහේන්පිට යුද හමුදා රෝහලේදී සිදු වන බවයි වාර්තා වන්නේ. එමෙන්ම අද සිට බන්ධනාගාර නිලධාරීන් 5,100 දෙනෙකු සඳහා ද බන්ධනාගාර පුහුණු පාසලේදී එම එන්නත ලබා දීම ආරම්භ කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා.
දඹුල්ල, යාපාගම ප්‍රදේශයේ මවක් තම දරුවන් දෙදෙනාට වස පොවා ඇය ද වස පානය කිරීම හේතුවෙන් ඔවුන් රෝහල්ගතකර තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළ කාන්තාව සහ ඇයගේ සැමියා අතර කලක සිට පවතින පවුල් ආරවුල් හේතුවෙන් ඇය මෙලෙස සිය දරුවන්ට වස පොවා ඇය ද වස පානයකර ඇති බවට අනාවරණ වී ඇති බවයි. ඇය ඊයේ සිය අවුරුද්දක් වයසැති පුතු සහ […]
සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා-සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා දීම අද සිට ආරම්භ කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ අනුව කතා නායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 224 දෙනාට එළැඹෙන සිකුරාදා දක්වා යුද හමුදා රෝහලේදී අදාළ එන්නත ලබා දීමට නියමිතයි. මේ අතර බන්ධනාගාර නිලධාරීන්ට ද එම එන්නත ලබා දීම අද සිට ආරම්භ කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ […]
පැය 24ක් තුළ සියලුම අවමංගල්‍ය කටයුතු සිදුකර අවසන් කළ යුතු බවට නව තීරණයක් ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. එමෙන්ම මංගල උත්සව සහ සෙසු ප්‍රිය සම්භාෂණ සඳහා සහභාගී වන පිරිස 150කට සීමාකර තිබූ බවත් එය යළිත් 50 දක්වා අඩු කිරීමට තීරණයකර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. නීතිමය වශයෙන් ඒ සම්බන්ධයෙන් […]
දිවයිනේ ඇතැම් ස්ථානවලට අද සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක පස්වරු කාලයේ එලෙස තද වැසි ඇති විය හැකි වනවා. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පැවතිය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මධ්‍යම, […]