2017 වසරේ පිළියන්දල දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට වෙඩි ප්‍රහාරයක් එල්ලකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු වන මොහොමඩ් නවාස් නැමැත්තා ඉන්දීයාවේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. මේ පිළිබඳව ජාත්‍යන්තර පොලිසිය විසින් මෙරට පොලිසියට දැනුම් දී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සදහන් කළා.
පවතින කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් මෙතෙක් බන්ධනාගාර පරීක්ෂා කිරීමේ කටයුතු වලින් දුරස්ථව සිටි විශේෂ කාර්යය බලකාය නැවතත් ඊයේ දින සිට ක්‍රියාත්මක වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් වරයා සදහන් කරනවා. මේ අනුව මෙහිදී වැලිකඩ බන්ධනාගාරය, රිමාන්ඩ් බන්ධනාගාරය, මැගසින් බන්ධනාගාරය යන බන්ධනාගාර ත්‍රිත්වය තුළ සිරකරුවන් සෝදිසි කිරීම්, නිලධාරීන් සෝදිසි කිරීම් යන කාර්යයන් සඳහා විශේෂ කාර්යය […]
වනජීවී සහ වන සංරක්ෂණ ඇමැති සී.බී. රත්නායක මහතා ඊයේ (10) දිනයේ නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී කොවිඩ් එන්නත ලබාගත් බව වාර්තා වෙනවා.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ, ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ආරම්භ කළ එම ක්‍රියාමාර්ගය හේතුවෙන් කාර්යාල දුම්රිය ප්‍රමාදයන් සිදු විය හැකි බවයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී. මධ්‍යම,සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.
කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තවත් පස් දෙදෙනකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. එලෙස මිය ගොස් ඇත්තේ කොළඹ 5, වත්තල, අලුත්ගම, ගම්පහ සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු පස් දෙනෙක්. ඔවුන් අවුරුදු 51ත් 75ත් අතර වයස් සීමාවන්වල පසු වූවන්. එම මරණ සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන […]
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 416 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ආසාදිතයින් ගණන 955 දෙනෙක් බවයි එම මධ්‍යස්ථානය පැවසුවේ. ඊයේ දිනයේ ද දෛනික ආසාදිත සංඛ්‍යාව 900 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව දැක්වුණේ 975ක් ලෙසයි.
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දිවයිනට ආසන්න මුහුදේ භූ චලන තුනක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ ඉන් ප්‍රභලතම භු චලනය මැග්නියුටියුඩ් ඒකක 7.5 ක් ලෙස වාර්තා වී ඇති බවයි. එය සිදුව තිබුණේ ඔස්ට්‍රේලියාවට ආසන්න ලෝයල්ටි දූපත් වලට ගිණිකොණ දෙසින්. ඉන්දුනීසියාවේ සුමත්‍රා දිවයිනට නිරිතදිගින් වූ මුහුදු ප්‍රදේශයේ සිදුවූ භූ චලනයේ ප්‍රභලත්වය මැග්නියුටියුඩ් ඒකක 6.2ක්. අනෙක් භූ චලනය ද ඊට […]
තවත් නව ආසාදිතයින් 539 දෙනෙකු හඳුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරු ආශ්‍රයෙන් මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 67,739ක්. මේ අතර අද දහවල් තවත් කොවිඩ් රෝගීන් 591 දෙනෙකු පූර්ණ සුවය […]
හුදෙකලා තත්ත්වයට පත්කර තිබූ තවත් ප්‍රදේශයක් මේ මොහොතේ සිට එම තත්ත්වයෙන් මුදා හරින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. එහි ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඒ අනුව මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 771 බොන්දුපිටිය ග්‍රාම නිලධාරී වසම එලෙස හුදෙකලා බවින් ඉවත් කරන බවයි. ඊට අදාළ නිවේදනය පහතින් :
දකුණු අප්‍රිකාවේ 80 හැවිරිදි පුද්ගලයෙකු විසින් 29 හැවිරිදි දියණියක් විවාහ කරගෙන තිබෙන පුවතක් වාර්තා වෙනවා. මිට වසර හතරකට ඉහතදී දැන හදුනාගෙන තිබෙන මෙම යුවළ මාස කිහිපයකින් පසු ඔවුන්ගේ සම්බන්ධය පසු ආදර කතාවක් බවට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් මෙම 80 හැවිරිදි පුද්ගලයාට විවාහ කරගත් තරුණිය මෙන් මිණිබිරියන් සිටින අතර මොවුන්ගේ විවාහයේ සාක්ෂිකරිනිය ලෙස අත්සන් කර ඇත්තේ […]
ගම්පහ, දාරළුවේ පිහිටි කෲඩියා සෙලනිකා වර්ගයේ ශාකය මහා සංඝරත්නය විසින් චීවරයක් පළඳවා සාංඝික කර තිබෙනවා.ගස ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙම ශාඛය සඟ සතුකළ බවයි පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය උදස්ගිරියේ සමිත හිමියන් සදහන් කරනවා.