කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 346 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. මේ අතර වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 633 දෙනෙකු සුවය ලබා අද දහවල් රෝහල්වලින් පිටව යාමත් සමග ශ්‍රී ලංකාවේ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 48,617ක් දක්වා ඉහළ ගියා.
ගාල්ල – දොඩන්දුව මුහුදු තීරයේ නාවික හමුදාව ඉකුත් දෙසැම්බර් 31 වැනිදා කළ වැටලීමකදී පළා ගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය ඉල්ලා සිටිනවා. එම වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 යි ග්‍රෑම් 947ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 2ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 3ක් නාවික හමුදා භාරයට ගැනුණා. එමෙන්ම සැකකරුවන් සිව් දෙනෙකු ද බහුදින යාත්‍රාවක් සමග අත්අඩංගුවට ගත් […]
කොරෝනා එන්නත් ලබා දීම සම්බන්ධයෙන් පෙරහුරු වැඩසටහන් කිහිපයක් හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, පිළියන්දල ප්‍රාදේශීය රෝහල ඇතුළු ස්ථාන 3කදී එම පෙරහුරු වැඩසටහන් පැවැත්වෙන බවයි.
ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ් 19 මර්දන එන්නත සම්බන්ධයෙන් නීතිපති දප්පුල ද ලිවේරා මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගෙන් යළිත් කරුණු විමසා තිබෙනවා. අදාළ එන්නතට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා ඊට අදාළ කරුණු නීතිපතිවරයා වෙත ඊයේ යොමු කෙරුණා. කෙසේ වෙතත් එම කරුණු ප්‍රමාණවත් නොමැති වීම හේතුවෙන් මෙලෙස යළි කරුණු විමසා ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සිය 11 වැනි ටෙස්ට් ශතකය රැස් කිරීමට මීට සුළු මොහොතකට පෙර සමත් වුණා. ඒ, එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරඟයේ පළමු දිනයේදීයි. මැතිව්ස්ගේ 88 වැනි ටෙස්ට් තරඟය මෙය වන අතර ඔහු මේ දක්වා ලබා ඇති ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 6,179.
ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තවත් වාර්තාවක් තබමින් සියලු කොටස් මිල දර්ශකය තනි දිනක් තුළ සටහන් කළ ඉහළම අගය අද වාර්තා කළා. ඒ, පෙර දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකය ඒකක 332.18ක වර්ධනයක් වාර්තා කිරීමත් සමඟයි. ඒ අනුව අද දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය වන […]
කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 633 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ඒ අනුව සුවය ලැබූ සමස්ත ගණන 48,000 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව 48,617ක් බවයි. එමෙන්ම තවත් රෝගීන් 7,183 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.
“ඇවිදින පුස්තකාලය” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු කලාශූරී, ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 99 වැනි වියෙහි පසු වුණා. එඩ්වින් ආරියදාස මහතා මෙරට ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයකු, මාධ්‍යවේදියකු, පරිසරවේදියකු, ගුරුවරයකු මෙන්ම වියතෙකු ලෙස ද සැළකෙනවා. ආරියදාස මහතා 99 වැනි වියට පා තැබුවේ, ඉකුත් දෙසැම්බර් 3 වැනිදායි. සිංහල සහ ඉංග්‍රීසි යන […]
පසුගිය වසරේ පළමු ශ්‍රේණියේ සිසුන් සඳහා ලබා දුන් පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය ලබන මස 28 වැනිදා දක්වා දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා. පවතින වසංගත තත්ත්වය හමුවේ පාසල් වසා තැබීම, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සංචරණ සීමා පැනවීම සහ ව්‍යාපාරික ස්ථාන වසා තැබීම හේතුවෙන් ඇතැම් සිසුන්ට එම තිළිණපත් සඳහා නිල ඇඳුම් රෙදි මිල දී ගැනීමට […]
කාන්තා මළ සිරුරක් සහ එල්ලෙමින් තිබූ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ ගම්පහ, මාකෙවිට ප්‍රදේශයේ නිවසක් තුළින් හමු වී තිබෙනවා. පොලිසිය පැවසුවේ, අදාළ කාන්තාවගේ ගෙල කපා ඇයව ඝාතනය කළ සැමියා ගෙල වැළ ලා ගෙන මිය ගොස් ඇති බවට මූලික පරීක්ෂණවලදී කරුණු අනාවරණ වී ඇති බවයි. ඔවුන් දෙදෙනා අතර නිරන්තරයෙන් ආරවුල් ඇති වන බවට තොරතුරු හෙළි වී ඇති […]
කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් ඔහුගේ ඥාතීන් වෙත රෝහල බලධාරීන් භාර දී තිබුණා. ඒ, අදාළ පුද්ගලයාට කොරෝනා වෛරසය වැළඳී නැතැයි පවසමින්. අනතුරුව සිරුර නිවස වෙත රැගෙන ගොස් භූමිදාන කටයුතු සිදු කිරීමට සූදානම් කරමින් සිටියදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිස් නිලධාරින් පැමිණ ඔහුට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි පවසමින් […]
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් වැක්සීනය මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ පිලිබදව අදහස් දක්වමින් සදහන් කර සිටියා.