News Line| Off Air
Generic placeholder image

Dec
10

රසවත් ගී රැසකින් ජන හදවත් මුසපත් කළ “ක්‍රිස්ටෝ” අද..

Generic placeholder image

විවිධ ශෛලීන්වලට ගීත ගායනා කරමින් ජන හදවත් ඇද බැඳගත් ජ්‍යේෂ්ඨ සම්මානනීය ගායනවේදී “ක්‍රිස්ටෝ” නොහොත් ක්‍රිස්ටෝපර් පෝල් මහතා මතකයේ රැඳෙන ගීත, සංගීත ලොවට තිළිණ කළ ගායකයින් අතර ප්‍රමුඛ ස්ථානයක් හිමි වන ගායන ශිල්පියෙක්. ක්‍රිස්ටෝපර් පෝල් මහතා මේ වසරේ මුල් දින කිහිපයේ දැඩි ලෙස රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලැබුවා. ජනවාරි මස 2 […]


Dec
10

ඉතාලියේ ලෝක පාපන්දු ශූරයෙක් වන පාඕලෝ මියයයි

Generic placeholder image

1982 වසරේදී ලෝක පාපන්දු ශූරතාවය ඉතාලියට දිනාදීමට වැඩි වෙහෙසක් දැරු ක්‍රීඩකයෙක් වන පාඕලෝ රෝස්සි මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. පාඕලෝ මිය යන විට 64 වියෙහි පසු වූ අතර ඔහුගේ බිරිඳ සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහනක් තබමින් මේ පිලිබදව සදහන් කර ඇති නමුත් පාඕලෝගේ මරණයට හේතුව පිලිබදව අදහස් දක්වා නොමැත.


Dec
10

කථානායකවරයා භෝජන සංග්‍රහය අත්හිටුවීමට කටයුතු කරන්නැයි විපක්ෂයෙන් ඉල්ලීමක්

Generic placeholder image

කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පැවැත්වීමට නියමිත භෝජන සංග්‍රහය අත්හිටුවීමට කටයුතු කරන ලෙස විපක්ෂය ඉල්ලා සිටිනවා. මේ පිලිබදව අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කලේ ඒ සදහා යන වියදම කොරෝනා පාලනය කිරීම සදහා වන වැඩ පිළිවෙලට යොදවන්නේ නම් යහපත් වන බවයි.


Dec
10

වැලිගම ග්‍රාම නිලධාරී වසම් 5කට සංචරණ සීමා

Generic placeholder image

මාතර , වැලිගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 5කට තාවකාලිකව සංචරණ සීමා පැනවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ගල්බොක්ක නැගෙනහිර, ගල්බොක්ක බටහිර, අලුත්වීදිය, කොහුණුගමුව, හෙට්ටිවීදිය යන ප්‍රදේශවලට මෙලෙස සංචරණ සීමා පනවනු ඇති. ඒ ඊයේ දිනය තුල වැලිගම නගරයෙන් කොරෝනා ආසාදිතයින් 18 දෙනකු හදුනාගැනීමත් සමගයි.


Dec
10

කොරෝනා වෛරසයට සිංහයනුත් ගොදුරු වෙයි

Generic placeholder image

මිනිස් ප්‍රජාවට දැඩි පීඩනයක් එල්ල කරමින් සිටින මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට සත්වයින් හටද අසාදනය වන බවට හදුනාගෙන තිබෙනවා. මේ අනුව ස්පාඤ්ඤයේ බාර්සිලොනා සත්වෝද්‍යානයේ සිංහයින් සිව් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. ඒ අතර සිංහ ධේනුවන් තිදෙනෙක් ද වනවා.


Dec
10

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පුද්ගලයින් 150 දෙනකු අද pcr පරික්ෂාවට

Generic placeholder image

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ තෝරාගත් පුද්ගලයින් 150 දෙනකුගේ pcr පරීක්ෂණ අද ආරච්චිකට්ටුව සතිපොළ භූමියේදී සිදු කර තිබෙනවා. ඒ අතර බිංගිරිය ඇගළුම් කම්හලක සේවකයින් පිරිසක් ද සිටින බවයි වාර්තා වන්නේ. මිට පෙර එලෙස සිදු කරන ලද 100 දෙනෙකු සම්බන්ධ කරගගෙන සිදු කරනු ලැබූ pcr වාර්තා අනුව 31 දෙනකු කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගෙන තිබුණා.


Dec
10

වසර 800කට පසු පෘථිවිවාසීන්ට නත්තල් තරුව දැකගැනීමේ අවස්ථාවක්

Generic placeholder image

මෙවර වසර 800 කට පසු පෘථිවිවාසීන්ට නත්තල් තරුව දැකගැනීමේ අවස්ථාවක් උද වී තිබෙනවා. සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයින් වන බ්‍රහස්පති හා සෙනසුරු ග්‍රහයින්ගේ කක්ෂයන් එක පෙළට සමපාත වීමෙන් ඇතිවන දර්ශනය නත්තල් තරුව ලෙස හදුන් වන අතර මෙවර එය වඩාත් සමීපව මේ මස 16 වෙනිදා සිට 25 වෙනිදා දක්වා අතර කාලය තුල ලෝක වාසි ජනයාට දැකගත හැකි […]


Dec
10

ෆයිසර් එන්නත කැනඩාවත් පිළිගනී

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය මැඩලීම සදහා ලොව පුරා රවටල් ඉතා තරගකාරීව එන්නත් නිෂ්පාදනය කර තිබෙන පසුබිමක ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත එම එන්නත් අතර ඉදිරියෙන් ම සිටිනවා. මේ වන විට ලොව පුරා රටවල් ගණනාවක් මෙම එන්නත සදහා අනුමැතිය ලබා දී තිබෙන අතර අද දිනයේ කැනඩාව ද ආදාල එන්නත සිය රට තුල භාවිතා කිරීම සදහා අනුමැතිය එරට සෞඛ්‍ය බලධාරීන් […]


Dec
10

වැලිසර ප්‍රදේශයේ දී රුපියල් කෝටියක හෙරොයින් සමග දෙදෙනෙක් කොටුවෙයි

Generic placeholder image

මහබාගේ – වැලිසර ප්‍රදේශයේ දී රුපියල් කෝටියක හෙරොයින් සමග සැකකරුවෙකු සහ සැකකාරියක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල සැකකරුවන් දෙදෙනා හෙරොයින් පැකට් කරමින් සිටියදී අත් අඩංගුවට ගෙන තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. සැකකරුවන් දෙදෙනා අද වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


Dec
10

ගත වූ පැය 24 තුල ඇමෙරිකාවේ කොරෝනා මරණ ගණන 3071ක්

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසයෙන් ඊයේ දිනය තුල පමණක් අමෙරිකෙවේ නව කොරෝනා මරණ ගණන 3000 සිමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ වන විට ඇමෙරිකාවේ සමස්ත කොරෝනා මරණ ගණන 290,000 සීමාව අභියසට පැමිණ තිබෙනවා. තවමත් ලෝක කොරෝනා ආසාදිත තත්ව වාර්තාවේ හා මරණ ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින්නේ ද ඇමෙරිකාවයි.


Dec
10

විදේශ ගතව සිට මෙරටට එන පුද්ගලයින්ගේ නිරෝධායන දින ගණන දින 28 සිට 14 දක්වා අඩු කිරීමට තීරණයක්

Generic placeholder image

විදේශ ගතව සිටින පුද්ගලයින් මෙරටට පැමිණීමෙන් පසු නිරෝධායනය වන දින ගණන 28 සිට 14 දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. විදේශ ගතව මෙරටට පැමිණෙන පුද්ගලයෙකු දින 14ක කාලයක් නිරෝධායනය වීමෙන් පසුව සිදුකරනු ලබන PCR පරීක්ෂණයකට ලක් කෙරෙන අතර එහිදී එම පරීක්ෂණයේ ප්‍රතිපල මත අදාල පුද්ගලයා […]


Dec
10

පාලමුනේ ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙක් ඝාතනය කෙරේ

Generic placeholder image

පාලමුනේ ප්‍රදේශයේ දී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් කාන්තන්කුඩි පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් ඝාතනයට ලක්ව තිබෙන බව වාර්තා වෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු වන අතර ඔහුගේම ඥාතියෙක් වන වයස අවුරුදු 21 ක් තරුණයෙක් විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post