News Line| Off Air
Generic placeholder image

Nov
3

කළුතර ආසාදිතයින් ගණන 431 දක්වා ඉහළට

Generic placeholder image

මේ වනවිට කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා වෛසරය ආසාදනය වූ පුද්ගලයින් 431 දෙනකෙු හඳුනාගෙන ඇතැයි දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ පවසනවා. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවත් වාර්තා වී ඇත්තේ කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් වන අතර එම සංඛ්‍යාව 109ක්. එමෙන්ම මතුගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 57ක්, හොරණ ප්‍රදේශයෙන් ආසාදිතයින් 47ක් සහ පානදුර ප්‍රදේශයෙන් 41 දෙනෙකු වාර්තා වන බවයි දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය […]


Nov
3

කොරෝනා වෛරසය මර්දනය වන්නේ නම් මුහුදට බිලිවෙන්න පවා තමන් සුදානම් බවට සෞඛ්‍ය ඇමතිනියගෙන් ප්‍රකාශයක්

Generic placeholder image

මෙරට මේ වන විට ව්‍යාප්ත වන කොරෝනා වෛරසය ලංකාව තුල මර්ධනය වන්නේ නම් තමා මුහුදට පවා බිලිවීමට සුදානම් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කර සිටිනවා. එතුමිය මේ පිලිබදව සදහන් කලේ සදහන් කලේ පසුගියදා තමා ඇතුළු පිරිසක් සහභාගී වූ ආගමික කටයුත්තකට ඇතැම් සමාජ මාධ්‍ය තුල පළ වූ ප්‍රකාශ පිලිබදව සිය අදහස් දක්වමින්


Nov
3

මෙරට කොරෝනා මරණ 23ක් දක්වා ඉහළට – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

Generic placeholder image

මෙරට කොරෝනා මරණ 23ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සදහන් කරනවා. එලෙසෙ මිය ගොස් ඇත්තේකොලඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 81 ක සහ 68 ක කාන්තාවන් දෙදෙනෙක් බව වැඩි දුරටත් ඒ මහතා සදහන් කරන්නේ . මිය ගොස් තිබෙන අදාල කාන්තාවන් දෙදෙනා කොටහේන හා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංච්කරුවන් බවයි පැවසෙන්නේ.


Nov
3

අමෙරිකා ජනාධිපතිවරණ සටන ඇරඹේ

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් වසංගතය තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ලොව බලවත් රාජ්‍යයක් ලෙස අමෙරිකාව සැලකෙනවා. එවන් මොහොතක අමෙරිකා එක්සත් ජනපදයේ මීළඟ නායකයා තෝරන ඇමෙරිකා ජනපතිවරණය අදයි. ඇමෙරිකානු ජනපතිවරණ ඉතිහාසයේ 59 වැනි ජනාධිපතිවරණය අද දින පැවැත්වෙන අතර රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඩිමොක්‍රටික් පක්ෂය නියොජනය කරන ජෝ බයිඩන් මෙවර අපේක්ෂකයින් ලෙස […]


Nov
3

පානදුර දිවි හානිකර ගත් තරුණයාගේ මරණය පිටුපස කතාව

Generic placeholder image

මියගිය පුද්ගලයෙකු පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සිදුකළ පරීක්ෂණවලදී ඔහුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට හඳුනා ගැනුණේ ඊයේ දිනයේදීයි. අදාළ පුද්ගලයාව පසුගිය 31 වැනිදා රෝහලට ඇතුළත් කර තිබුණේ, සියදිවි හානිකර ගත් බව පවසමින් වන අතර ඔහු ඒ වනවිටත් මියගොස් සිටියා. කෙසේ වෙතත් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙසට හඳුනා […]


Nov
3

ගම්පහ දිස්ත්‍රික්කය තුල ගත වූ පැය 24 තුල ආසාදිතයින් වාර්තාවීමේ අඩු ප්‍රතිශතයක්

Generic placeholder image

ගම්පහ දිස්ත්‍රික්කය තුල ඊයේ දිනයේ දී එනම් ගත වූ පැය 24 ක් කාලය තුල වාර්තා වී ඇති අසාදිත ගණන 61 ක් ලෙස සදහන් වෙනවා. ඉකුත් දින කිහිපය තුල ඊයේ දිනය දක්වා වාර්තා වී ඇති අඩුම ප්‍රතිශතය ලෙස එය සටහන් වෙනවා. කෙසේ වෙතත් මේ දක්වා ගම්පහ දිස්ත්‍රික්කය තුල වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 3195 ක්.


Nov
3

පිටකොටුවේ තොග වෙළඳසැල් අද විවෘතයි

Generic placeholder image

පිටකොටුවේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළඳසැල් අද දින විවෘතව පවතිනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය පැවසුවේ, අද උදෑසන 5 සිට පස්වරු 3 දක්වා එම වෙළඳසැල් විවෘතව පවතින බවයි. පිටකොටුව හතරවැනි සහ පස්වැනි හරස් වීදිවල තොග වෙළඳසැල් එලෙස විවෘතව පවතින බවයි එම සංගමය පැවසුවේ. ඒ අනුව අද පස්වරු 3 දක්වා වෙළඳුන්ට ආහාර ද්‍රව්‍ය මිල […]


Nov
3

ඊයේ හමු වූ ආසාදිතයින් අතර පොලිසියේ හා STF නිලධාරීන් 39 කට කොරෝනා

Generic placeholder image

ඊයේ දිනයේදී මෙරටින් හමු වූ කොරෝනාආසාදිතයින් 275 දෙනා අතුරින් 39 දෙනෙකු පොලිසියට සහ පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් නිලධාරීන් වන බව වාර්තා වෙනවා. ඒ අනුව එලෙස ආසාදිතයින් ලෙස වාර්තා වන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් 23 දෙනෙකු ද පොලිසියේ නිලධාරීන් 16 ක්


Nov
3

ගොඩනැගිල්ලකින් ඇද වැටී ගුවන් හමුදා සෙබළෙක් මියයයි

Generic placeholder image

ඊයේ රාත්‍රී තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී ගුවන් හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. එසේ මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය චීන වරයා ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ සෙබළෙක්. අනතුර සිදු වූයේ කෙසේ ද යන්න පිළිබඳ මෙතෙක් කරුණු අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් චීන වරාය පොලිසිය සහ ගුවන් හමුදාව එක්ව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා […]


Nov
3

ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් හමු වූ ප්‍රදේශ මෙන්න

Generic placeholder image

ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 275 දෙනෙක් වාර්තා වූ අතර එයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 90 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් – 90 ගම්පහ 09, කඳාන 02, මහර 34, බියගම 18, මිනුවන්ගොඩ 01, කැලණිය 16, වත්තල 03, පෑලියගොඩ 03, රාගම 02ක් සහ කඩවත 02ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත. කොළඹ දිස්ත්‍රික්කය – ආසාදිතයින් 61) : […]


Nov
3

එක් වරකට පාරිභෝගිකයකුට හාල් කිලෝ 2යි ලංකා සතොසින්

Generic placeholder image

මේ වන විට පවතින ඇදිරි නිතිය තත්වය මත අනවශ්‍ය ආකාරයෙන් සහල් තොග කළුකඩ වෙළෙඳුන් අතට යෑම පාලනය කිරීම වලක්වාලීමට ලංකා සතොසින් එක් වරකට පාරිභෝගිකයකුට හාල් කිලෝ 2ක් පමණක් ලබා දීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් සම්බා සහල් හිඟයක් පවතින බව ද එහි සභාපතිවරයා සදහන් කරනවා.


Nov
3

නවසීලන්ත විදේශ ඇමති ධූරය ආදිවාසී කාන්තාවකට

Generic placeholder image

ඉකුත්දා මහ මැතිවරණයෙන් තේරී පත් වූ නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් විසින් අමාත්‍ය මණ්ඩලය පත්කරගැනීමේදී විදේශ අමාත්‍ය ධූරය ආදිවාසී කාන්තාවකට ලබා දීමට කටයුතු කර තිබෙනවා. නනයිආ මහුටා” නම් ආදිවාසී මාඕරි කාන්තාවක් වන ඇය නවසීලන්තයේ විදෙස් අමාත්‍ය ධූරයට පත්වූ ප්‍රථම ආදිවාසී කාන්තාව වනවා.


News Articles
Latest Videos
Most Popular Post