News Line| Off Air
Generic placeholder image

Nov
3

බේරුවල දන්ත වෛද්‍යවරයෙක්ටත් කොරෝනා

Generic placeholder image

බේරුවල ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී තිබෙනවා. රෝහලේ දන්ත වෛද්‍යවරයෙක් වන පහු කරන ලද pcr පරීක්ෂණ වාර්තා අනුව මෙලෙස හදුනාගෙන තිබෙනවා. එම කාර්ය මණ්ඩලයේ සේවකයකුටද මෙම වෛරසය අසාදනය වී ඇති බව හදුනා ගෙන තිබෙනවා.


Nov
3

මේ වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 11,335 දක්වා ඉහළට

Generic placeholder image

ඊයේ දිනයේ මෙරට හමු වූ කොරෝනා ආසාදිතයින් ගණන 275ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිත ගණන 11,335 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. එයින් 43 දෙනකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද අනෙක් 230දෙනා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වනවා.


Nov
2

අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමට ක්ෂණික ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක්

Generic placeholder image

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සඳහා ක්ෂණික ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමටත තීරණය කළ බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පවසනවා. ඒ සඳහා සම්පූර්ණ කරන ලද අයඳුම්පත secetary@mws.gov.lk යන විද්‍යුත් තෑපෑලට යොමු කිරීමෙන් ඇඳිරිනීති බලපත්‍රය පහසුවෙන් ලබාගත හැකියි. කෘෂිකාර්මික, ධීවර කටයුතු, වෙනත් නිෂ්පාදන […]


Nov
2

කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල පොලිස්බල ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

Generic placeholder image

කෑගල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල පොලිස්බල ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදෙකලා කර තිබෙනවා. හෙම්මාතගම, මාවනැල්ල, බුලත්කොහුපිටිය යන පොලිස්බල ප්‍රදේශ සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බලප්‍රදේශයත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස්බල ප්‍රදේශයත් එලෙස හුදෙකලා කෙරුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මත අදාළ පොලිස්බල ප්‍රදේශ, හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය […]


Nov
2

නව ආසාදිතයින් 111ක්

Generic placeholder image

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයින් 111 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, එම ආසාදිතයින් සියලු දෙනාම මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 11,335 දක්වා ඉහළ ගියා.


Nov
2

කොරෝනා අභියෝගය මැද බිත්තර විකුණු බිත්තර වෙළෙන්දා (photo)

Generic placeholder image

මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් වෙලදාම් කටයුතු සිදු කරනු ලැබූ වෙළෙද ප්‍රජාව දැඩි අපහසුතාවයකට ලක්ව තිබෙනවා. ඒ පාරිභෝගිකයින් අතට සිය වෙළෙදාම ලබා දීමට නොහැකි වීම හේතුවෙන්. කෙසේ වෙතත් එයට අභියෝග කරමින් බිත්තර විකුණු බිත්තර වෙළෙන්දෙක් ගැන තොරතුරු මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබෙනවා.


Nov
2

කොටුවට එන සහ යන දුම්රිය ගැන නිකුත් කළ කාලසටහන

Generic placeholder image

ඇැඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත පැමිණෙන සහ ඉන් පිටත්ව යන දුම්රිය පිළිබඳ දැනුම් දීමට ප්‍රධාන දුම්රිය පාලකවරයා කාලසටහනක් නිකුත් කර තිබෙනවා. ප්‍රධාන දුම්රිය පාලකවරයා පවසන්නනේ, අදාළ දුම්රිය මගින් ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවලට ගමන් කළ හැක්කේ පාසල් ළමුන්, ඔවුන් සමග ගමන් කරන දෙමාපියන්ට හා ගුරුවන්රුන්ට පමණක් බවයි. අදාළ කාලසටහන පහතින් :


Nov
2

ඩොල්ෆින් මත්ස්‍යයින් 100 කට අධික ප්‍රමාණයක් පානදුර වෙරළට ගොඩ ගසයි

Generic placeholder image

ඩොල්ෆින් මත්ස්‍යයින් 100කට අධික ප්‍රමාණයක් පානදුර මුහුදු වෙරළට ගොඩ ගසා ඇති බව වාර්තා වනවා. මෙම ඩොල්ෆින් මත්ස්‍යයින් යලිත් මුහුදට යොමු කිරීමට පොලිසිය විසින් වෙරළාරක්ෂක බළකාය විසින් උත්සහ ගනිමින් සිටින බව සදහන් වෙනවා.


Nov
2

අද මියගිය පුද්ගලයාගේ මරණය කොරෝනා මරණයක් ලෙස නොසැළකීමට තීරණය කෙරේ

Generic placeholder image

අද දහවල් වාර්තා වූ පානදුර රෝහලේදී මියගිය පුද්ගලයාගේ මරණය, කොරෝනා මරණයක් ලෙස නොසැළකීමට වසංගත රෝග විද්‍යා අංශය තීරණය කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 21ක් ලෙසයි. එම නිවේදනය පහතින් :


Nov
2

පාසල් නිවාඩුව තවත් සති දෙකකින් දීර්ඝ කෙරේ

Generic placeholder image

ලබන 9 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ තෙවැනි පාසල් වාරය තවත් සති දෙකකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත පදනම්ව එම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ. සිසුන් එම සති දෙක තුළ කළ යුතු කටයුතු කලාප කාර්යාල හරහා සැපයීමට පියවර ගන්නා බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවා.


Nov
2

ඇඳිරි නීතිය පනවා නැති ප්‍රදේශවලට විශේෂ උපදෙස් මාලාවක්

Generic placeholder image

ශ්‍රී ලංකාව තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය Alert Level 3 ලෙස සැළකෙන බවත් එම තත්ත්වය වරින්වර වෙනස් වීම්වලට ලක්විය හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ හේතුවෙන් පොදු මහජනතාව අනුගමනය කළ යුතු විශේෂ උපදෙස් මාලාවක් එම අමාත්‍යාංශය හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව, පුද්ගල දුරස්ථභාවය, පුද්ගලයින් ඒකරාශී වීම් නොමැත, නිවසේ රැඳී සිටීම ශ්වසන ආචාර විධි විෂබීජහරණ ක්‍රියා […]


Nov
2

තවත් ආසාදිතයින් 164ක් හඳුනා ගනියි

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් 164 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ, නිරෝධායන මධ්‍යස්ථානවලින් 43 දෙනෙකු සහ මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 121 දෙනකෙු වශයෙන්. එම නව ආසාදිතයින් 164 දෙනා වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 11,224ක් දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post