වෙන්නප්පුව ප්‍රදේශයේ නිකේතනයක සේවය කරන තරුණයෙකු ඊයේ හදිස්සියේ මිය ගොස් තිබෙන බව වාර්තා වෙනවා. ඔහු එම නිකේතනයේම කාමරයක නවාතැන් ගෙන තිබෙන අතර ඔහුගේ මරණය පිලිබදව වැඩි දුර විමර්ශනයක් සිදු කිරීම සදහා දේහයේ රුධිර සාම්පලයක් පිසීආර් පරික්ෂණයට ලක් කිරීමට ද පියවර ගෙන තිබෙනවා. මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන මිය ගිය පුද්ගලයා සති දෙකකට පමණ පෙර අදාල […]
දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධසැල් හෙට දිනය තුළ විවෘතව පවතින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව හෙට උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා එම වෙළඳසැල් විවෘතව පවතිනු ඇති.
බස්නාහිර පළාතට හෙට රාත්‍රී සිට ලබන සඳුදා, එනම් නොවැම්බර් 2 වැනිදා දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවුව ද මේ වනවිටත් ඇඳිරි නීතිය පනවා ඇති අනෙක් දිස්ත්‍රික්කවලට එය අඛණ්ඩව ක්‍රියාත්මක බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. හෙට සිට ඇඳිරි නීතිය පැනවෙන බස්නාහිර පළාතේ ජනතාවට යුද හමුදාපතිවරයා දැනුම් දෙන්නේ, එම පළාතට දැනට ඇඳිරි නීතිය ක්‍රියාත්මක […]
ශ්‍රී ලංකාව කොරෝනා ලෝක වාර්තාවේ 71 වැනි ස්ථානයට පත්ව තිබෙනවා. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඊයේ දිනය තුළ මරණ තුනක් වාර්තා වූ අතර එය මෙරට දිනයක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ද වනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ ගියා. ලෝක වාර්තාවට අනුව මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ, 8,870ක් ලෙසයි. […]
වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. ඒ හෙට මධ්‍යම රාත්‍රියේ සිට සඳුදා අළුයම 5.00 දක්වා කාලය තුලයි.
මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට ඇදිරි නිතිය පනවා තිබෙන පසුබිමක ජනතාවට හිගයකින් තොරව අතවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම සදහා පිටකොටුව තොග වෙළෙඳසල් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරමින් දිනකට පැය 05 ක් කාලයක් විවෘත කිරීමට අවසර ලබා දී තිබෙනවා. එමෙන්ම ආහාර බෙදා හැරීමේදී ද වඩාත් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම ඔස්සේ ප්‍රවාහනය කිරීම ද සිදුවන බවයි පැවසෙන්නේ.
වෛරස් ව්‍යාප්තියේ බලපෑම හේතුවෙන් අලවෙි කර ගැනීමට නොහැකි වූ මත්ස්‍යය තොග ඉදිරි දින 4 තුළ මිල දී ගෙන අවසන් කිරීමට රජය තීරණය කර තිබෙනවා. එලෙස මිල දී ගන්නා මත්ස්‍යය තොග සැමන් නිෂ්පාදනය සඳහා යොදා ගැනීමටයි සැළසුම්කර ඇත්තේ්. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය නිසා පෑලියගොඩ සහ බේරුවල මත්ස්‍ය සංකීර්ණ වසා දැමීමට සිදු වීමත් සමග අලෙවි කර ගැනීමට නොහැකිව මත්ස්‍යය […]
මේ වන විට ශ්‍රී ලංකව තුල ඇතිව තිබෙන තත්වය සැලකිල්ලට ගෙන ජනතාව හට කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සදහා රජය සහ අනෙකුත් සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් දැන් ඔබගේ දුරකථන ringing tone හරහාද නැවත වරක් සක්‍රිය කිරීමට අදාල දුරකථන ජාල සමාගම් තීරණය කර තිබෙනවා. මේ අනුව ග්‍රාහක සම්බන්ධතාවලදී ringing tone එකක් ලෙස අදාල උපදෙස් ජනතාවට නැවත […]
ගත වූ පැය 24 තුළ අසල්වැසි ඉන්දියාවෙන් කොරෝනා මරණ 508ක් වාර්තා වනවා. එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ, අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළදී වෛරසය ආසාදනය වූවන් 43,893 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි. ඒ අනුව ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7,990,000 ඉක්මවා ගියා. ගත වූ පැය 24 තුළ වාර්තා වූ මරණ 508ත් සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව […]
ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ වනවිට ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකට එක්ව සිටිනවා. එය පැවැත්වෙන්නේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේදීයි. දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී අදහස් දක්වමින් පැවසුවේ, මෙරට විදේශ ප්‍රතිපත්තිය ස්වාධීන මෙන්ම නොබැඳි ප්‍රතිපත්තියක් බවයි. වෙනස් දැක්මක් ඇති චීනය මෙන් නොව, සංවර්ධනය සහ ඇමරිකානු ආයෝජන සහිත ස්වෛරී සහ ස්වාධීන රටක් […]
මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් ඇඳිරි නීතිය පනවා තිබෙන ප්‍රදේශ වල සිටින රජයේ සේවකයින් සිය රාජකාරි වලට වාර්තා නොකලද රාජකාරියේ නිරත වන්නන් ලෙස සලකා අදාල වැටුප් වෙනසක් නැතිව ගෙවීමට තීරණය කර ඇති බව රාජ්‍ය ස්වා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යශය පවසනවා. ඒ අනුව මිට පෙර නිකුත් කරන ලද චක්‍රලේකනය තව දුරටත් වලංගු බව […]
නිරෝධායනයට ලක්කර ඇති නිවෙස්වල සෞඛ්‍ය අංශ විසින් අලවනු ලබන දැන්වීමට අමතරව අදාළ ප්‍රදේශයේ පොලිසිය මගින් ද විශේෂ දැන්වීමක් ඇලවීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා. එම දැන්වීමට අනුව කිසිඳු ආකාරයකින් නිවෙසින් බැහැර වීම හෝ නිවසට පිටස්තරයින් ඇතුළුවීම තහනම් වනවා. පොලිසිය විසින් අලවන ලද දැන්වීමේ අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්, පොලිස් […]