ඊයේ(24) දිනයේ කළුබෝවිල රෝහලේ හදිසි අනතුරු අංශය, 23වන වාට්ටුව, 7වන වාට්ටුව සහ බාහිර රෝගී අංශය ද තාවකාලිකව වසා දමනු ලැබිණි. ඒ කළුබෝවිල රෝහලේ කාර්ය මණ්ඩලයේ 6ක් කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගෑනිමත් සමගයි. මේ වනවිට හදිසි අනතුරු අංශය, 23වන වාට්ටුව සහ බාහිර රෝගී අංශය විෂබීජහරණය කිරීමෙන් අනතුරුව යළි සාමාන්‍ය පරිදි කටයුතු ආරම්භකර ඇති බව කළුබෝවිල රෝහලේ […]
අද සවස 06.00 සිට කොළඹ තවත් පොලිස් බල ප්‍රදේශ 4 කට නැවත දැනුම් දෙන තුරු ඇදිරි නිතිය පනවා තිබෙනවා. ඒ කොටුව , පිටකොටුව , බොරැල්ල, වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශ වලටයි.
පවතින තත්වය හමුවේ ගම්පහ දිස්ත්‍රික්කයට පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය හෙට දිනයේ ඉවත් නොකරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. මේ අනුව හෙට දිනයේ ඇදිරි නිතිය ඉවත් කරනු ලබන්නේ කළුතර දිස්ත්‍රික්කයට අයත් බේරුවල, පයාගල සහ අළුත්ගම පොලිස් බලප්‍රදේශයන්ට පමණයි. කෙසේ වෙතත් ඇදිරි නිතිය පනවා තිබෙන ප්‍රදේශ වල සිටින ජනතාවට අතවශ්‍ය ආහාර […]
පවතින තත්වය හමුවේ ගොතටුව සහ මුල්ලේරියාව යන පොලිස් වසම් වලටත් අද රාත්‍රී 07 සිට නැවත දැනුම් දෙන තුරු ඇදිරි නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය සදහන් කරනවා.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මාළු මිලදී ගැනීමට ගිය යුද හමුදා කපිතාන්වරයෙකුට කොරෝනා ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා.ඒ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව තහවුරු කරනවා.
ගාල්ල ධිවර වරායේ සිටි ධිවර කාර්මිකයෙකු හදිසියේ රෝගිවි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මිය ගොස් ඇති බව වාර්තා වෙනවා. ධිවර වරාය තුලදී ඇති වූ හෘද රෝගී තත්වයක් හේතුවෙන් මෙලෙස රෝහල වෙත ගෙන ගොස් තිබෙන අතර රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මෙම පුද්ගලයා මිය ගොස් තිබෙනවා.
දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වුණ අතර එය සටහන් වන්නේ ආසාදිතයින් 866 ලෙසයි. මෙහිදී පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට අයත් පුද්ගලයින් ආසාදිතයින් 535 දෙනකු වාර්තා වූණා. මෙම ආසාදිතයින් 866 දෙනා වාර්තා වූ ප්‍රදේශ නම්, වැල්ලම්පිටිය 34, මාකොළ 08, කොටහේන 63, බම්බලපිටිය 02, හෝකන්දර 03, මට්ටක්කුලිය 79, කොළොන්නාව 12, […]
මෙරටින් 15 වන කොවිඩ් ආසාදිත මරණය අද වාර්තා වුණා. එම පුද්ගලයා හෘදයාබාධ රෝගී තත්ත්වයකින් පසුවූ අයෙකු බවත්, රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර අද අලුයම ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ. අදාල පුද්ගලයා කුලියාපිටිය, උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක්.
අද උදැසන කොස්ගම රෝහලෙන් පැන ගිය 26 හැවිරිදි කොරෝනා අසදිතයා අද දහවල් බොරැල්ලේ සහස්පුර නිවාස සංකීර්ණයේ නිවාසයක සිටියදී පොලීසිය විසින් සොයා ගනු ලැබුවා. මෙම පුද්ගලයා ආ ගිය තැන් පිලිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබෙන අතර ඒ අනුව රෝහලෙන් පිට වී කොළඹ අවිස්සාවේල්ල මාර්ගයට පැමිණ දුර ගමන් බසයක නැගී ඔහු ඔරුගොඩවත්ත බලා පැමිණ තිබෙන බවත් ඉන් පසුව […]
පසුගියදා වෙඩි වැදී ජීවිතක්ෂයට පත් වූ සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත නොහාත් මාකඳුරේ මධුෂ්ගේ මරණය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා. අදාළ පැමිණිල්ල කර ඇත්තේ, සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවයි. මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයකට යෑමට බලාපොරොත්තුවන බව එම කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා මහතා පැවසුවා. ඉදිරියේදී මෙම සිද්ධිය සම්වබන්ධයෙන් ජාත්‍යන්තර සංවිධාන ද දැනුවත් කිරීමට […]