කොරෝනා අසාදනය වූ බව පැවසෙන මාධ්‍යවේදියා ඉකුත් 13 වනදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගිවී ඇති බවට කරුණු වාර්තා වන බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.
කොළඹ මරදාන ප්‍රදේශයේ වාණිජ බැංකුවක සේවය කරන නිලධාරිනියකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව කරන ලද pcr පරික්ෂනයකින් තහවුරු වී තිබෙනවා. බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සදහන් කරන්නේ වයස අවුරුදු 33 වන මෙම ආසාදිත නිලධාරිනියගේ සමීපතමයින් හා ආශ්‍රිතයින් මේ වන විට නිරෝධායන ක්‍රියාවලිය සදහා යොමු කර ඇති බවයි.
නැගෙනහිර මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට පසුගියදා අධිකරණයෙන් නියම කළ දඩ මුදල ගෙවූ බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අද අධිකරණයට දැනුම් දුන්නා. එ්, නඩුව අද කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවේ කැදවූ අවස්ථාවේදීයි. එහිදී අදාළ කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ, තම සේවාදායකයා වරද පිළිගෙන, දඩ මුදල ද […]
ප්‍රවීන කළා ශිල්පිනි අනුලා බුලත්සිංහල මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ කොළඹ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී ය. අභාවප්‍රාප්ත වන විට එතුමිය 73 වන වියේ පසුවූවා.
කටුනායක වෙළද කලාපය අාශ්‍රිතව කොරෝනා වෙෙරසය අාසාදිත පුද්ගලයින් 135 දෙනෙකු පමණ හදුනාගෙන අැතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසනවා. එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ, මෙලෙස කොරෝනා රෝගීන් විශාල සංඛ්‍යාවක් එකවර ඒ ආශ්‍රිතව වාර්තා වෙමින් පැවතීම අවදානම් තත්ත්වයක් බවයි. එම තත්ත්වය පාලනය කිරීම සඳහා මේ වනවිට උපරීම උත්සහයන් දරමින් සිටින බව ද […]
මහනුවර ප්‍රදේශයේ නිමි ඇඳුම් අලෙවි සැලක ලිෆ්ට් එකක් කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙනවා. 54 , 57 හැවිරිදි පුද්ගලයින් දෙදෙනකු මෙලෙස මිය ගොස් තිබෙන අතර ඔවුන් එම ගොඩනැගිල්ලේ නඩත්තු කටයුත්තක් සිදු කරමින් සිටින අතරවාරයේ මෙම අනතුරට පත්ව තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
මේ වන විට පවතින තත්වය හමුවේ ලංකාවම කොවිඩ් රෝගී බල ප්‍රදේශයක් ලෙස නම් කර තිබෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරන්නේ මේ වන විට ලංකාවම කොවිඩ් රෝගී බල ප්‍රදේශයක් ලෙස නම් කර තිබෙන ලෙසත් රාජ්‍ය සහ පෞදගලික අංශයේ කාර්යාල කොන්දේසි මත එනම් අදාල ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් මත පවත්වාගෙන යාමට […]
නිල්වලා විද්‍යා පීඨයේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. එම පුද්ගලයින් දෙදෙනා මිනුවන්ගොඩ ගණේමුල්ලේ පදිංචිකරුවන් වනවා. නිරෝධායන මධ්‍යස්ථය 395දෙනකු නිරෝධායනය වන අතර ඔවුන්ගෙන් 18 දෙනකු පමණ උණ රෝගී තත්වය නිසා ආඳපාන රෝහලට ඇතුලත් කර තිබෙන අතර එහිදී සිදු කරන ලද pcr පරීක්ෂණ වාර්තා මත මොවුන් දෙදෙනා ද කොරෝනා […]
තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා රියාද් බදියුදීන් මහතා ගොනු කර අැති රීට් පෙත්සම සළකා බැලීමට අභියාචනාධිකරණය අද දින නියම කළා. එ් අනුව එම පෙත්සම කැදවනු ලබන්නේ, ෙම් මස 20 වැනිදායි. පෙත්සම අද කැදවනු ලැබුවේ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි. මෙහිදී පෙත්සම්කාර රියාජ් බදියුදීන් මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති […]
හොලිවුඩයේ සුපිරි ගායකයෙක් වන කුමාර් සානු හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. සමාජ මාධ්‍ය හරහා සටහනක් තබමින් ඔහු මේ පිලිබදව තහවුරු කර තිබෙනවා.
අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝයක් නිකුත් නොකරන ලෙස සහ ඔහු පිලිබදව මුල සිට විමර්ශනයක් ආරම්භ කරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට අතුරු පෙත්සමක් ගොනු කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට පුද්ගලයින් 12 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණියා. එලෙස පැමිණි පුද්ගලයින් සියලු දෙනා ත්‍රිවිද හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවා. ත්‍රිවිද හමුදාව මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනය වූ පුද්ගලයින් 397 දෙනෙකු අද සිය […]