News Line| Off Air
Generic placeholder image

Oct
7

බ්‍රැන්ඩික්ස් සේවකයන් 250ක් නිරෝධායනයෙන් සැගවෙයි

Generic placeholder image

බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් සේවකයින් 250 ක් පමණ නිරෝධායන කටයුතු වලින් සැගවී සිටින බව යුධ හමුදාපතිවරයා සදහන් කරනවා. කෙසේ හෝ ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයක හෝ රෝහලක මිස මේ මොහොතේ නිවාසවල නොසිටිය යුතු බවයි හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ. එමෙන්ම සිය ලිපිනයන් වෙනස් කර මේ මොහොතේ නිරෝධයනයෙන් සැගවි සිටින මෙම පුද්ගලයින් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී නිරෝධායනය සදහා යොමු වන […]


Oct
7

මිනුවන්ගොඩ ඇගළුම් ආයතනයේ කොවිඩ් පොකුරේ වෛරස් සාන්ද්‍රණ මට්ටම ඉහළ අගයක – වැඩි දෙනෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානමක

Generic placeholder image

මිනුවන්ගොඩ ඇගළුම් ආයතනයේ හමුවන කොරෝනා ආසාදිතයින් ගේ ශරීරගත වී තිබෙන කොරෝනා වෛරසයේ වෛරස් සාන්ද්‍රණ මට්ටම ඉහළ අගයක පවතින බව යි වාර්තා වන්නේ. මේ හේතුවෙන් ආසාදිතයෙක් තුලින් වැඩි පිරිසකට වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවයි එම වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කරන්නේ.


Oct
7

වරකාපොල ප්‍රදේශයෙන් තවත් ආසදිතයෙක් වාර්තා වෙයි

Generic placeholder image

මිනුවන්ගොඩ බ්‍රෑන්ඩ්ඩෙක්ස් කර්මාන්ත ශාලවේ කොරෝනා ආසාදිත පොකුරට අදාලව වරකාපොල හල්ලවින් ප්‍රදේශයෙන් තවත් ආසදිතයෙක් වාර්තා වී තිබෙනවා. මෙම පුද්ගලයා මේ වන විට කොළඹ අයි ඩී එච් රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත් කර තිබෙන අතර ඔහුගේ පවුලේ සාමාජිකයින් මේ වන විට නිරෝධායන කටයුතු සදහා යොමු කර තිබෙනවා.


Oct
7

මේ වන විට ඇදිරි නිතිය පනවා ප්‍රදේශයන් වල බස් හා දුම්රියන් නොනවත්වා ධාවනය කෙරේ

Generic placeholder image

පවතින තත්වය හමුවේ මේ වන විට නිරෝධායන ඇදිරි නිතිය පනවා ඇති ප්‍රදේශයන් වල බස් හා දුම්රියන් නොනවත්වා ධාවනය කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ අනුව අදාල ප්‍රදේශයන් වල දුම්රිය හා බස් රථවලට මගින් නංවා ගැනීම, බැස්සවීම, නතර කිරීම සම්පුර්ණයෙන් තහනම් වන බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ.


Oct
7

කොරෝනා ආසාදිතයින් සමාජයෙන් වසන් වුණොත් වැඩ වරදී

Generic placeholder image

ශ්‍රී ලංකාව තුල කොරෝනා පාලනය සැලකිල්ලට ගනිමින් කොරෝනා ආසාදිත පුද්ගලයින් සමාජයෙන් වසන් වුණොත් එය බරපතල ගැටළුවක් වන බව සෞඛ්‍ය අංශ අවදාරණය කරනවා. මේ හේතුවෙන් මෙම කොරෝනා රෝගී තත්වය වසන් කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නිතිය ක්‍රියාත්මක කරන බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ.


Oct
7

ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ රැසකට නිරෝධායන ඇදිරි නීතිය

Generic placeholder image

පවතින තත්වය හමුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් පොලිස්බල ප්‍රදේශ කිහිපයකට නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබෙනවා. එම නිරෝධායන ඇදිරි නීති බලපැවැත්වෙන ප්‍රදේශ වන්නේ , ගම්පහ පොලිස් බල ප්‍රදේශය, කිරිඳිවැල පොලිස් බල ප්‍රදේශය, දොම්පේ පොලිස් බල ප්‍රදේශය, පූගොඩ පොලිස් බල ප්‍රදේශය, ගණේමුල්ල පොලිස් බල ප්‍රදේශය, වීරඟුල පොලිස් බල ප්‍රදේශය, වැලිවේරිය පොලිස් බල ප්‍රදේශය, මල්වතුහිරිපිටිය පොලිස් බල ප්‍රදේශය, නිට්ටඹුව පොලිස් […]


Oct
6

අද සවස 6 සිට ගම්පහ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය

Generic placeholder image

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද(06) සවස 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ. යළි දැනුම් දෙන තුරු එම පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.


Oct
6

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ තවත් 246කට කෙරෝනා

Generic placeholder image

කොවිඩ් ආසාදිත කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ තවත් සේවකයින් 246 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මිනුවන්ගොඩින් හඳුනා ගැණුනු නවතම කොවිඩ් පොකුරේ මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 569කි.


Oct
6

හිටපු අගමැති රනිල් පාස්කු කොමිසමට පැමිණෙයි

Generic placeholder image

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි දීම සඳහා අද(06) දිනයේ පාස්කු කොමිසමට පැමිණ තිබේ.


Oct
6

තවත් කොරෝනා ආසාදිතයන් 220ක් හඳුනා ගනී

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් 220 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් දිවුලපිටියේ කොරෝනා ආසාදිත කාන්තාව සේවය කරන මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ පුද්ගලයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.


Oct
6

අද කාලගුණ තත්ත්වය

Generic placeholder image

අද(06) දිනය‍ේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. මේ අතර එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මධ්‍යම පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවය. උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව […]


Oct
5

බන්ධනාගාරගත රැඳවියන් බැලීම සදහා අමුත්තන්ට යළි අවසර නෑ

Generic placeholder image

පවතින තත්වය හමුවේ දිවයිනේ සියලුම බන්ධනාගාරගත රැදවියන් බැලීම සදහා අමුත්තන්ට ලබා දී තිබු අවසරය යළි තාවකාලිකව අත් හිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post