News Line| Off Air
Generic placeholder image

Sep
18

මහනුවර 12 හැවිරිදි සිසුවියක් පැහැර ගැනීමේ සිද්ධිය ත‍්‍රාසජනක දර්ශන අනුගමනය කරන ලද මවා පෑමක් බව හෙළිවෙයි

Generic placeholder image

ඉකුත්දා මහනුවර 12 හැවිරිදි පාසල් සිසුවියක් පැහැර ගැනීමේ සිද්ධිය පිලිබදව වාර්තා වූ අතර සිද්ධිය පිලිබදව සිදු කරන ලද විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ එය එම ශිෂ්‍යාව විසින් ගොතන ලද කතාවක් බවයි. එම සිසුවිය ‘ස්මාට් ෆෝන්’ මගින් ත‍්‍රාසජනක දර්ශන අනුගමනය කරන කරමින් මෙම රංගනය ඉදිරිපත් කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. කෙසේ නමුත් අදාල දැරිය […]


Sep
18

ගෝල්ෆ් ක්‍රීඩාවේ නිරත වූ අගමැති

Generic placeholder image

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිනයට යෙදුණු කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ 6 වන සංවත්සරය දිනයේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය, පොදු වෙරළ තීරය ඇතුළු ස්ථාන නිරීක්ෂණය කල අගමැති එහි ගෝල්ෆ් ක්‍රීඩා පිටියට පැමිණ ගොල්ෆ් ක්‍රීඩාවේ ද නිරත වෙන ආකාරය දක්නට ලැබුණා.


Sep
18

මංතීරු නීතියේදී තී‍්‍ර රෝද රථ සහ යතුරුපැදිවලට මාර්ගයේ වැඩි ඉඩක්

Generic placeholder image

ඉකුත්දා සිට ක්‍රියාත්මක කෙරුණු මංතීරු නීතිය තුල ත‍්‍රිරෝද රථ සහ යතුරු පැදි සදහා සහනයක් ලබා දීමට රථ වාහන පොලිසිය තීරණය කර තිබෙනවා. ඒ ඊයේ දිනයේදී බස්, ත‍්‍රිරෝද රථ සහ යතුරු පැදි වම්පස මංතීරුවේ ගමන් කිරීම නිසා එම මංතීරුවේ තදබදයක් පැවැති බව නිරීක්ෂණය වීම නිසයි.


Sep
18

වැස්ස වැඩි වෙයි

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ අනුව සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් බොහෝ දුරට මිලිමීටර 100 ඉක්ම වූ වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. මේ අතර දිවයින හරහා, විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ […]


Sep
17

උගන්ඩාවේ බන්ධනාගාරයකින් සිරකරුවන් 200 ක් පැනයයි

Generic placeholder image

ඊශාන දින උගන්ඩාවේ මොරෝටෝ කන්ද පා මුල පිහිටි බන්ධනාගාරයකින් සිරකරුවන් 200 දෙනෙකු පැනගොස් ඇත. පැනගිය සිරකරුවන් විසින් ගිනිඅවි සහ උණ්ඩ ද පැහැරගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. පැනගිය සිරකරුවන්ගෙන් දෙදෙනෙකු අල්ලාගෙන ඇති අතර සිදුකළ වෙඩි තැබීමකින් සිරකරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ ය.


Sep
17

ඉන්දියාව කොරෝනා වෛරසයේ උච්ජතම අවස්ථාවට

Generic placeholder image

කොරෝනා වෛරස උච්ජතම අවස්ථාවට මේ වන විට අසල්වැසි ඉන්දියාව පත්ව තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. මේ අනුව ඊයේ දිනය තුල පමණක් එරටින් ආසාදිතයින් 97,894ක් වාර්තා වු බව එරට සෞඛ්‍ය අංශ සදහන් කරනවා. මෙම ගණන ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා අතර සිටින ඇමෙරිකාවද අභිබවා යමින් වාර්තා වන අවස්ථාවක් ලෙසයි පැවසෙන්නේ. ඉන්දියාවේ වාර්තා වී ඇති සමස්ත […]


Sep
17

විදෙස් උපාධි ගත් පිරිස රාජ්‍ය සේවය එක් කර ගැනීමට තීරණය කරයි

Generic placeholder image

විදෙස් රටවලින් උපාධි ලබාගත් පිරිස මෙරට රාජ්‍ය සේවයට බඳවා ගැනීමට රජය තීරණය කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි. මේ අනුව එම උපාධිධාරීන්ගෙන් අයදුම්පත් 4100ක් පමණ දැනට ලැබී ඇති බව වාර්තා වෙනවා.


Sep
17

කරීනාගෙන් අනුශ්කාට දිරි ගැන්වීමක්

Generic placeholder image

ඉන්දීය සිනමාවේ සුපිරි නිලියක් වන අනුෂ්කා ෂර්මා මේ දිනවල සිය පළමු කුලුදුල් දරු උපත බිහි කිරීම සදහා සුදානමින් සිටිනවා. අනුෂ්කා ෂර්මා සහ විරාත් කෝලි පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේද ඔවුන්ගේ ජයරුපයක් නිකුත් කරමින් ඔවුන් දෙදෙනා තිදෙනෙක් වීමට සූදානම් බව සදහන් කළා. මේ අනුව ඇය විසින් සිය සමාජ මාධ්‍ය වෙත තවත් ජායාරුපයක් නිකුත් කර ඇති අතර එයට […]


Sep
17

වෙරළ තීරයේ අතහැර දමාගොස් තිබූ ගෝනි මලු 05 ක අසුරන ලද කහ තොගයක් සොයා ගනී

Generic placeholder image

මෙරටට නීති විරෝධී ලෙස ගෙන ඒමට තැත් කළ වියළි කහ කිලෝ 818 ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. මන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනඑමින් තිබූ ගෝනි මලු 12 ක අසුරන ලද වියළි කහ කිලෝග්‍රෑම් 510 ක පමණ ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු සහ […]


Sep
17

අන්තර්ජාලය හරහා මුදල් වංචා කල ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් ඇතුළු විදේශීකයින් පිරිසක් අල්ලයි

Generic placeholder image

අන්තර්ජාලය හරහා ජනතාවගේ මුදල් වංචා කිරීමේ සිද්ධියක් පිලිබදව ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඇතුළුව විදේශීය ජාතිකයන් දාහතරදෙනෙකු පොලිස් අත් අඩංගුවට පත්ව තිබෙනවා. ලොතරැයි දිනුම් හා ත්‍යාග ලබාගැනීම සඳහා රේගු ගාස්තු වැනි දෑ සඳහා මුදල් අවශ්‍ය බව මෙම ජාවාරම සිදු කර තිබෙනබ්වයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Sep
17

රංගන හේරත් උපදේශකයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට

Generic placeholder image

ලොව වමත් පන්දු යවන්නන් අතුරින් වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නා වන රංගන හේරත් දඟ පන්දු උපදේශකයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙනවා. බංග්ලාදේශ තරඟ සංචාරයෙන් පසුව රංගන හේරත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු උපදේශක ලෙස කටයුතු කරනු ඇති බව මාර්ග සදහන් කරන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රංගන හේරත් ටෙස්ට් ක්‍රිකට් […]


Sep
17

කොළඹ 01 ප්‍රදේශයට අද පැය 12 ක් වතුර නෑ

Generic placeholder image

කොළඹ 01 ප්‍රදේශයට අද පස්වරු08.00 සිට හෙට උදැසන 08.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. මේ අතර කොළඹ 02, 03, 07, 08, 09, 10, 11 යන ප්‍රදේශවල අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බවඅද එම මණ්ඩලය වැඩි දුරටත් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post