මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 893 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයින් දෙදෙනෙකු හදුනාගැනීමත් සමගයි. අද දිනයේ මේ දක්වා හමු වී ඇති ආසාධිතයින් සංඛ්‍යාව 04 ක්. ශී‍්‍ර ලංකාවේ ආසාධිතයින්ගෙන් 502 ක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා. සුවය ලැබූ පුද්ගලයින් 382 ක් රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 09 ක්.
හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර රාජිත සේනාරත්න අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සදහන් කළා. අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියමිත බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
ජනපි‍්‍රය ගායන ශිල්පිණී අභිෂේකා විමලවීරගේ අලුත් ගීතය අද එළිදැක්වූවා. මනුෂ්‍යත්වය කිරි කර පෙවූ අම්මලා වෙනුවෙන් මෙම ගීතය නිර්මාණය කර තිබෙනවා. ඒ අම්මා කෙනෙක් ඉන්න හැම පුතෙකුටම – පුතෙක් ඉන්න හැම අම්මා කෙනෙකුටම – නේත‍්‍රා නමින්.
අද වාර්තා වු කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් දෙදෙනාම නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළා.
ස්පාඤ්ඤයේ වයස්ගතම කාන්තාව කොරෝනා වෛරසය වැළදී සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මාරියා බ‍්‍රන්යාස් නම් මෙම කාන්තාවගේ වයස අවුරුදු 113 ක්. ඇයට කොවිඩ් 19 වැළදී ඇත්තේ මාර්තු මාසයේදී ස්පාඤ්ඤය අගුලු දැමීමෙන් පසුවයි. නමුත් සති කිහිපයක් ස්වයං හුදකළා වීමෙන් පසු ඇය සුවය ලබා ඇති අතර ඇයට පෙන්නුම් කළේ සුළු රෝග ලක්‍ෂණ බව වෛද්‍යවරු පවසා […]
ඇදිරි නීතිය ඉවත් කළ ප‍්‍රදේශ වල සුරාසැල් විවෘත කිරීමට අද අවසර හිමි වුණු අතර එම ප‍්‍රදේශ වල සුරාසැල් අසල විශාල ලෙස ජනතාව එක්රැුස් වී තිබෙනවා. මෙම ඡායාරූප වල සිටින්නේ සෞඛ්‍ය නීති අමතක කර රට අවධානමේ දා මත්වෙන්න පැමිණි එම පිරිසයි.
අධිකරණ නියෝගය අනුව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න සොයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඔහුගේ බත්තරමුල්ල නිවසට ගොස් තිබෙනවා.
ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තවදුරටත් අත්හිටුවීමට තීරණය කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සදහන් කළා. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් පසුගිය මාර්තු මස 16 වනදා සිට හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තාවකාලිකව අත්හිටවනු ලැබුවා. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය කටයුතු හේතුවෙන් ජාතික හැදුනුම්පත් කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය පුද්ගලයන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ප‍්‍රාදේශීය ලේඛම් කාර්යාල හරහා […]
ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 891 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයින් දෙදෙනෙකු වාර්තා වීමත් සමගයි.
සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි සංචාරක ආයතන හා පුද්ගලයින්ගේ ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තුව වසරක කාලයක් සදහා අය නොකිරීමට තීරණය කර තිබෙනවා. විෂය භාර අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි සංචාරක සංවර්ධන අධිකාරිය විසින් මෙම පියවර ගෙන ඇති බව සදහන්. ඒ අනුව දැනටමත් අදාල ගාස්තුව ගෙවා ඇති පුද්ගලයින් සහ ආයතන ලබන වසරේදී එම ගාස්තුවෙන් නිදහස් කෙරෙන […]
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අධිකරණය හමුවට පමුණුවන්නැයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා. අදාළ සිද්ධියට තම අධිකරණය ලබා දුන් ඇප නියෝගය කොළඹ මහාධිකරණය ප‍්‍රතිශෝධනය කර ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කැදවා මහේචස්ත‍්‍රාත්වරිය පවසා ඇති බව සදහන්.
ඇඳිරි නීතිය හේතුවෙන් වසා දැමුණු සුරාසැල් ඇඳිරි නීතිය ඉවත් කෙරුණු දිස්ත්‍රික්කවල විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අද දිනයේ සිට කොළඹ, ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල සුරාසැල් විවෘත කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළා. කෙසේවෙතත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල බලපත්‍රලාභී සුපිරි වෙළෙඳ සංකීර්ණවල ද මත්පැන් අලෙවි කිරිමට අද දිනයේ සිට අවසර ලබා දී […]